Thursday, March 24, 2011

සද එළියෙන් ඇයට ලියමි................

 
සීතල හැන්දෑවක...........
මා නිසලව සිටිනා විට
ඔබගේ උණුසුම ලැබුණොත්
මගේ සවන සනසන...........
මුදු උණුසුම් වා තල මුසුවුණු
නුඹේ වදන් අරන් එන්නේ
සීතල මිහිරකි ළග ළග
ඔබේ සුසුම් දිගු වරලස.........
මා මුව ළග දගලන කොට
දැනුණේ කෙහෙරුලි වග නොව
නුඹේ සොදුරු මුදු ගති ගුණ
ඔබ මා ළග දැවටී හිද.........
මගේ නෙතු ළග හිනැහෙන කොට
කලුවර හිත එළි වු වග
දැනෙයි රැට සද එනකොට
හැමදාමත් මගේ ළගම
හිදිනු මැනවි තනි මකන්න
ඔබේ ආදරේ නැතුවට
කවියක් වෙන්නම් සදහට................

No comments:

Post a Comment

Twitter Bird Gadget