Saturday, March 26, 2011

සොයුරෙකු වනු ඔබ සසර පුරා........

 

හදවත ඉල්ලා කොපමණ ආවත්
පුද දෙනු නොහැකිය හද මාගේ
හද ගත් ඔහු අත සැමදා මාගේ.......
නෙතු අද්දර කදුලක බොදවී.........
අමතක කෙරුමට නොහැකිය තවමත්
ප්‍රේමය යලි නොඑතියි දැනුනත්
ඔබ ගැන මොහොතක් සිතන්න බැහැ මට
රෑ සිහිනෙන් ඇත ඔහු රැදිලා.......
මා හැරදා ගොස් ඇත ඔහු අද දින
වෙනත් ලදෙකු හා සිනාසලා
ඒ සිනහව දියවී යන්න එපා මතු
සුභ පතනෙම් ඔහු හට සැමදා.......
සසර වසන තුරු සොයුරෙකු වීලා
ඉන්න පතමි ඔබ මතු දිනයේ............
ඔහු  සුන් කළ මගේ හදවත පෙර මගේ
යලි සකසා ගනු බැහැ ඔබගෙන්..........

2 comments:

  1. කවුද මෙහෙම කියන්නේ......

    ReplyDelete
  2. සකීනා............ කියන්නේ සුදු හංසියේ....... සකීනා

    ReplyDelete

Twitter Bird Gadget