Thursday, March 24, 2011

දර්ශනය........



 


කදුලු වැස්සේ සිනා සෙන්නෙමි
සිනා වැසි මැද කදුලු බොන්නෙමි
හමන සුළගක් ගලන නදියක්
පරිද්දෙන් ඉදිරියට යන්නෙමි
කුරුලු පැටවකු වගේ අත්තටු ලැබුණු
තනියෙන් පියාඹන්නෙමි
නිදහසෙන් යුක්තියෙන් සාදාරණයෙන්
සටනින් ජය ලබන්නෙමි
ගහන හැම පහරක්ම ඉවසමි
ගහන්නේ නැත තරගෙට
පුරවා ගන්නට අපායට පවු
ඉඩක් දිය යුතු නෙවෙද කෙනෙකුට
කෙදිනක හෝ මා ජය ලබා
ජය කෙළි නංවා දිනන දවසට
සතුරු බලමුලු විරුදු සේනා
තරගයෙන් ඇද වැටෙයි අහකට
අදුරු එළියෙන් ඇස පියා ගමි
ලොවක් දෙලොවක් අතර මැදිවි
විදෙන්නට නොහැකි වි දැවි යමි
මගේ පපුවේ සුහදතාවය
බලන්නට ඕනද පලා දෙමි
මෙවැනි වල්මත් සමාජයක හැටි
කාට කියමිද මම සිනා සෙමි

No comments:

Post a Comment

Twitter Bird Gadget