Monday, April 18, 2011

හරිම ලස්සනයි අහිංසකයි..........

 

නිහඩ නිසසල රාත්‍රියේ පිපි
සුදෝ සුදින් බැබළි දිලෙනා
මලක් සේය වත කමල ඔබේ ඔය
හරිම ලස්සනයි අහිංසකයි.........
හිමිදිරියේ පිනි බිදු වැටිලා
විකසිත මල් ගොමු සුවද සලා
දසත හමයි ඒ සුවද ඔබේ
අහිංසකයි ඒ සුවද මටයි...............
අඩවන් වු නෙත් යුවල ඔබේ
බැබළෙයි තරු කැට මෙන් දිලිලා
අගෙයි ඔබේ නෙතු ලොවට වඩා මට
හරිම ලස්සනයි අහිංසකයි..........
මා අභියස විත් මුහුණ බලා
හිද අත ඔබේ මගෙ දෑත බදා
නිමක් නැතිව කියවයි මියුරු
අහිංසකයි ඒ වදන් අගෙයි...........

No comments:

Post a Comment

Twitter Bird Gadget