Saturday, April 23, 2011

සාගරේ තරම්........

2004 සැප්තැම්බර් 23 මම මගේ පළවෙනි පඩියෙන් කැමරාවක් මිලදි ගත්තා. මට හරිම සතුටුයි.ඒ කැමරාවෙන් මම මගේ ආදරණියයන්ගේ ෆොටෝ අරගනිමින් ඉද්දි එකපාරටම..... නාදුනන මුනක් කැමරාව ඉස්සරහට ආවා

එයා ප්‍රර්ථනා...........

එයා ටිකක් වෙනස්... හරිම අමුතුයි තේරුම් ගන්නත් අමාරුයි. අනිත් අයගෙන් ගොඩක් ඇත් වෙලා ඉදියේ. හැමෝම කියනවා එයා හරිම වෙනස් කියලා. හැමෝටම ප්‍රර්ථනා ගැන ගොඩක් ප්‍රශ්ණ තිබුණා. එත් මට නම් එයා ප්‍රශ්ණයක් නෙවෙයි එත් උත්තරයක් මගේ තනිකමට.එයාට අමුතු ආකර්ශණයක් තිබ්බා. ඒ වගේම මම එයාට ආකර්ශණය වුණා. එයාව හමුවෙන්න අවසර ගන්න හේතුවක් මම කල්පනා කලා ඒ වෑයම සාර්ථක වුණා මගේ කැමරාවෙන් ගත්ත පින්තුර මම ප්‍රර්ථනාට තැග්ගක් වශයෙන් දුන්නා. එයා එක්ක ඉන්න හැම මොහොතම ජිවිතයේ වඩා ස්නේහවන්තම මොහොතවල් වුණා. එයාගේ පින්තුර වලට මම එක් කරපු පාට මගේ ජිවිතය වෙනස් කලා එයා මගේ ජිවිතයේ අර්ථය වෙනස් කලා. අපි ගොඩක් ලං වුණා. අපි දෙන්නගේ අතරේ තිබුණ මිත්‍රත්වය අපිට හැමෝම ඉදිරිපිට ගෙන්න තරම් ශක්තියක් තිබුනේ නෑ. එත් මම... මම.. මගේ යාලුවන්ට හොරෙන් එයාව හමුවුණා...... මම බය වුණා... එයාලා මට සමච්චල් කරාවි කියලා....

හැමෝටම ප්‍රශ්ණය වෙලා හිටිය ප්‍රර්ථනාට මම ආද‍රේ කරනවා කියලා... අපි අතර තිබුණු මේ මිත්‍රත්වය ආදරයකට පෙරලුනේ කොයි කාලෙද කියන්න මම දැනගෙන හිටියේ නෑ. මම ඒක තේරුම් ගන්න උත්සාහ ගත්තෙත් නැහැ ටික කාලෙකින් අපි ගොඩක් ලං වුණා.. අපි එකිනෙකා හමුවෙන්න ගොඩක් ආස කලා.....

ප්‍රසිද්ධියේ කියන්න බැරි ....  ජිවිතයේ සොදුරුම මතක සටහන් ටිකක් තමයි මේ තියෙන්නේ .....

(මේ මම ලියපු කවියක් නම් නෙමෙයි ගොඩක් ලස්සන පද වැල් ටිකක් නිසයි මම මේ කාටත් බලන්න දැම්මේ... ධම්මික එදිරිසිංහ අයියගේ සින්දුවක් ළගදිම කාටත් මේක බලන්න පුලුවන් වෙයි. මේ ගීතයේ සංගීතය තිලිණ අයියගේ පද වැල් ගොතලා තියෙන්නේ රචිත අයියාමේක ගීතය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මුහුණු පොතේ කවුරුත් දන්න චාමර වීරසිංහ අයියා)

 
පාවෙන සුසුමේ උණුසුම හන්ගා.....
හීතල දෙතොලින් දෙකොපුල ඉම්බා......
සාගර රළ හා තනුවක රන්දා....
ආදරණියම කවියක් ලිවුවා.....


අපි අතර ඉතිරිවුණ එකම දෙය ආදරය විතරයි....
ඒ මොහොත මගේ ජිවිතය සදහටම වෙනස් කලා.. මට ඒක ලස්සන මොහොතක් ඒත් එයාට ඒ මොහොත නෑ කමකට හරවන්න ඕන් වුණා ප්‍රර්ථනාට ඒ නෑ කමට නමක් දෙන්න ඕනි වුණා... නමුත් මට ඒ වෙලාවේ ඒ නෑකමට නමක් දෙන්න තරම් පුලුවන් මට්ටමක් තිබුනේ නෑ මට තව වෙලාව ඕන වුණා.. මම නෑ කමට ලැස්තිවෙලා හිටියේ නෑ... ඒ නෑකම ඇති කරගන්න කලින් හොද තත්වයකට එන්න තමයි මට ඕනි වෙලා තිබුනේ එත්...

සැරින් සැරේ එයා එකමදේ අහගෙන මට කරදර කරන්න ගත්තා... මට ප්‍රර්ථනාගේ හිත තවත් රිදවන්න ඕනිවුනේ නෑ ඉතින් මම එයාව මග අරින්න පටන් ගත්තා.... සමහර විට....... සමහර විට ඒක මගේ මෝඩකම වෙන්න ඇති මම එයාගේ ඉවසිමේ සිමාව දැක්ක දවසේ එයාව මට බේරගන්න පුලුවන් වුණා ඒත් මම එදා හොදටම බය වුණා.... සමහර විට ඒ මට අනතුරු අගවීමක් හා සමානවයි මම දැක්කේ.....

මම මගේ යාලුවන්ගෙන් උදව් ඉල්ලුවා. එයාලා කිව්වා එයාලා ප්‍රර්ථනා එක්ක කතා කරලා පහදලා දෙන්නම් කියලා.... ඒක තමයි අපේ අවසන් හමුවීම.. පස්සේ මම දැන ගත්තා එයා කැම්පස් එක අතඇරලා ගියා කියලා..... 
මම එයාව ගොඩක් හෙව්වා ...... 
ඒත් එයා ඒ වෙනකොට........

1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Twitter Bird Gadget