Monday, April 18, 2011

මගේ දෝත පුංචි වැඩියි........


 

රෑ අහසේ දිදුලන තරු
එකතු කරන්නට හැදුවත්
මගේ දෝත පුංචි වැඩියි
තරු කැට බිම විසිරි යයි............
වනයේ තිබෙන මල් සියල්ල
එක මිටකට එක් කළාට
දෝතට ගන්නට බැහැ මට
මල් තැලිලා පොඩි වී යයි..........
දුන්හිද ඇල්ලේ ජල කද
අල්ලා ගන්නට හැදුවත්
දිය දෝතක් ගන්නට බැහැ.........
ජල කද බිම විසිරි යයි
ඔබේ හදෙහි තිබෙන සෙනෙහෙ
රදවා ගන්නට හැදුවත්
මගේ දෝත පුංචි වැඩියි.........
දෝ‍ර ගලා විසිරි යයි........

No comments:

Post a Comment

Twitter Bird Gadget