Friday, April 29, 2011

සාගරේ තරම් - දෙවැනි කොටස

අද ඇයගේ නිවස වෙනදා මෙන් නොව.... බොහෝ දෙනාගෙන් පිරි ගොස් තිබුණි... විශේෂ උත්සවයකට සැරසිලි කර ඇති ආකාරය සාගරට දැක ගැනිමට හැකි විය.
ප්‍රර්ථනාගේ නිවසට අමුත්තෙකු නොවු සාගර නිවස තුළට ඇතුල් විමට යනවාත් සමගම ඔහුගේ ඇස ගැටිමට ලක් වුයේ ප්‍රර්ථනාගේ විවාහ ගිවිස ගැනිමයි.. ඇස් අදහා ගත නොහැකි සාගරට හින් දාඩි දැම්මේය. එසැනින්ම කිසිවෙකු ගේ නෙත් ගැටිමට පෙර සාගර ප්‍රර්ථනාගේ නිවසින් පිටත් විමට ගියේය.

ප්‍රර්ථනාගේ විවාහය ගිවිස ගැනිමේ දිනයේදීම ඇයව සොයා ගන්නට ලැබුණු අවාසනාවන්ත මිනිසෙකු ලෙස සාගරගේ ඇසට ආ කදුලු කැට රූරා වැටෙන්නට විය... උදේ සිටම වහින්නට වෙරදෑරු අහසත් විදුලි ගසා,ගොරවා කලු කර වැස්ස කඩා වැටුනේ.... ඇසෙන් කදුලු වැටෙනා සාගරගේ කදුලු වලට තනිවිමට ඉඩක් නොදෙන්නා සේය. ඒ සමගම පැමිණි සීතල මද පවනක් සාගරගේ ඇගේ හැපෙත්ම ප්‍රර්ථනා සමග ගෙවු සුන්දර මතකයක් වෙත කැන්දාගෙන ගියේය..

සාගරත් ප්‍රර්ථනාත් අඩහෝරාවකට ආසන්න කාලයක් මුහුදු වෙරළෙහි ගත කළේය. සාගරට කෙසේ වෙතත් ප්‍රර්ථනාට නම් එය විශාල සතුටක් ගෙනදුන් ආශ්වාදජනක සන්ධ්‍යාවක් බවට පත් විය. සාගර සිටියේ සිත ඇතුළෙන් මහත් නොසන්සුන් බවක් අත්විදිමින් වුවත් ඔහු පිටතින් ඒ බවක් නොපෙන්වා සිටින්නට මහත් වෙහෙසක් ගත්තේය. ප්‍රර්ථනා සිටියේ මොනතරම් සන්තෝෂයෙන් හා සැහැල්ලුවෙන්ද යත් වරක් ඈ කළ විහිලුවක් දුර දිග ගොස් සාගර පය පැකලී මුහුදු රළ මතම ඇදගෙන වැටුණු අතර ඇදුම් සියල්ල මුහුදු දියෙන් තෙමී ගියේය. සාගර අමාරුවෙන් දනිපනිගා නැගිට ගන්නා විට විය යුතු සියල්ල සිදුවී අවසන්ය. කලිසමත් කමීසයත් නාන ඇදුමක් සේ ඇගට ඇලි තිබුණි.

සාගර දෙස බලා හුන් ප්‍රර්ථනාට හිනා යන්නට ආවත් ඒ සමගම බියක්ද ඔහු ගැන අනුකම්පාවක්ද දැනිණි. බියක් දැණුනේ සාගරට හොදටම කේන්ති යනු ඇතයි සිතුණු නිසාය. කළ යුත්තේ කුමක් දැයි සිතාගත නොහැකිව ඇය ගල් ගැසි බලා සිටියේ දෑතින් මුව වසාගත් ගමන්ය. වෙරළේ ඔවුන්ට තරමක් නුදුරින් ඇවිදිමින් සිටි මහලු යුවළක් මේ සිද්ධිය දෑක කම්පනයට පත්ව මෙන් බාලාගෙන සිටිනු ප්‍රර්ථනා දුටුවාය. තමා අතින් සිදුවුයේ මහත් වරදකියි යන පසුතැවිල්ලක් ඇය තුල ඇති විය.
අනේ සොරි පැටියෝ.....යි කියමින් ඇය වහා සාගර ළගට දිව ගියාය. මම හිතලා කරපු දෙයක් නෙමෙයිනේ... යයි කියමින් ඇය අන්දුන් කුන්දුන්ව සිටි සාගරව රළ පහරින් ඉවතට කැදවාගෙන එන්නට වුවාය. ඒ අතර තම මුවින් පිටට පනින්න යන සිනාව නවතාගන්නට ඇයට විශාල උත්සාහයක් දරන්නට සිදු විය. සාගරගේ මුවේ ඇත්තේ සගවා ගත් කෝපයක් යැයි ඇයට සිතිනි.

මාත් එක්ක තරහද? ප්‍රර්ථනා ඇසුවේ සාගරගේ රොස්වු මුහුණ දෙස බලමිණි. සාගර කිසිවක් කිවේ නැත.ඔහු තෙතබරිත වු තම කමිසයේ බොත්තම් ගලවන්නට සුදානම් වුයේය.

අපි දැන් මොකද කරන්නේ ? ප්‍රර්ථනා ඇසුවාය.

මොනවා කරන්නද? ඇදුම් සේරම ගලවලදාලා හෙලුවෙන් ත්‍රීවිලර් එකක නැගල ගෙදර යනවා .... සාගර කිවුවේ තෙරපාගත් සිනාවෙන් යුතුව බලාගෙන හුන් ප්‍රර්ථනා දෙස බලමිනි. ප්‍රර්ථනා කිසිවක් නොදොඩා බලා හුන්නේ සාගර කියන දෙය හැරෙන්නට ඇත්තටම  වෙන කරන්නට දෙයක් ඇගේ සිතටද නගා ගත නොහැකි පරිද්දෙනි. ප්‍රර්ථනාගේ අන්දුන් කුන්දුන්වු මුහුණ දෙස බලා හුන් සාගරට එකවරම සිනා ගි‍යේය. එවර දෙදෙනාම එක්ව සිනාසෙන්නට පටන් ගත්හ.
 
සාගරේ තරම්
ආදරේ අරන්
සරා සිහිනයේ නැවතිලා......
පිරු මතකයෙන්
සිනා මල් හොයන්
පැතුසේ මා සිතුම් පුදලා.....
නුරා මල් හැගුම් ඇහැරලා
සදා ජිවිතේ නුඹවෙලා........

අපි දැන් ඇත්තටම මොකද කරන්නේ සාගර ? යයි ප්‍රර්ථනා ඇසුවාය. මගේ යාලුවෙකුගේ ගෙස්ටි හවුස් එකක් තියෙනවා මේ ළග ලේන් එකක මම එතනට ගිහින් චේන්ජ් එකක් දාගෙන යන්නම් සාගර පිළිතුරු දුන්නේය. ඔයා ගෙදර යන්න මම ත්‍රිවීලර් එකකට කතා කරලා එවන්නම්.

සාගර කොහොමත් සිටියේ ප්‍රර්ථනාව ගෙදරට ඇරලවන කටයුත්ත මගහරින්නටය. එසේ කිරිමට වඩාත් තුඩුදුන් හේතුව වුයේ නිරන්තරයෙන් ප්‍රර්ථනාගේ මවගෙන් අසන්නට ලැබෙන සුපුරුදු ගුවන් විදුලි වැඩසටහනට පිළිතුරු දිමට අකමැති නිසාය. සාගර ප්‍රර්ථනාගේ නිවසට යන වාරයක් පාසා ඇයගේ මව සාගරගෙන් අසනු ලබන ප්‍රශ්ණය වුයේ.....

දැන් ඉතින් හැමදාම මෙහෙම ඉන්නත් බැහැනේ... පුලුවන් තරම් ඉක්මණට මේ කටයුත්ත සිදුකරා නම් හොද නැද්ද? මම කියලා තව වැඩි කාලයක් ජීවත් වෙන එකක් නෙමෙයිනේ .... දරුවෝ...

සාගරගේ නිරන්තර පිළිතුර වුයේ...  පුලුවන් තරම් ඉක්මණට මේ කටයුත්ත කරන්න කියලා තමයි අම්මේ... මාත් මේ හිතන් ඉන්නේ තාම මගේ රැකියාව ස්ථිර වුනේ නෑ... ඒකයි මේ කටයුත්ත මෙහෙම ප්‍රමාද වෙන්නේ..... අනික මම අම්මගේ සුදු දුව හොදින් බලා ගන්න නම් මම හොද තත්වයකට ඇවිල්ලා ඉන්න ඕනි...

තම පවුලේ වැඩිමහල් දරුවා වු සාගර මෙසේ පැවසුවේ තාමට කියලා නිවසක් ඉදිකර ගැනිමේ ආශාවෙන් යුක්තවය..

ඒකනම් ඇත්ත දරුවෝ.... මගේ ඇස් දෙකත් හරි මේ කෙල්ල... දෙයියෝ බුදුන්ගේ පිහිටින් කවදාවත් ඒකීට වරදක්නම් වෙන්න එපා... යැයි ප්‍රර්ථනාගේ මව පැවසුවේ කිනම් ආකාරයේ හේතුවක් මත දැයි මට චකිතයක් ඇති වුවත් මෙම කතාබහා වැඩි දුර දුර දිග ගෙන යෑමට සාගර කැමත්තක් දැක්වුයේ නැත.

සාගර......
සාගර......

කොහේද දෙයියනේ මෙච්චර වෙලා ගිහින් හිටියේ ........ මම කොච්චර නම් කතා කලාද
දවල් හීන බලනවද ඔයා මේ මද්දහනේ....

මාත් එන්නං ඔයාව තනියම යවන්න මට දුකයි ප්‍රර්ථනා කීවාය.

ඔයා ගෙස්ට් හවුස් ගානේ එක්ක යන්න මං ආස නෑ කියලා ඊයෙත් කිව්වනෙ. අනික මම තෙමිච්ච කුකුලෙක් වගේ ඔයත් එක්ක යනකොට හැමෝම බලයි මොකක්ද යකෝ මේ නාඩගම කියලා. ප්‍රර්ථනා කිසිවක් කිවේ නැත. ඇය සිටියේ කුමක් කළ යුතුදැයි සිතාගත නොහැකි තත්වයකය...

ඔයා මේක එච්චර ගණන් ගන්න එපා රත්තරනේ....
මට තනියම ගියෑකි ... සාගර කිවේ කමිස වාටියේ කොණක් අත් දෙකින් අඹරා එහි වතුර මිරිකා හරින්නට වෑයම් කරමිනි.

මට කොහොමත් තව ටිකකින් කැම්පස් එකට යන්න තියෙනවා...
මම ඇදුම් මාරු කරගෙන කෙලින්ම කැම්පස් එකට යන්නම්. අපි හෙට ආපහු මුණගැහෙනවනේ යයි පැවසු සාගර ප්‍රර්ථනාගෙන් සමු ගන්නට සුදානම් වුයේය. එහෙත් ඔහුට ප්‍රර්ථනාගේ ‍දුකෙන් පිරුණු දෙනෙතින් මිදිමට මොහොතක් ගත විය.

එහෙනම් මම යන්නම්..... තව ටිකක් වෙලා මෙහෙම හිටියොත් මට ජල සන්නිය හැදෙයි.. ඔයා පරිස්සමෙන් යන්න. සාගරගේ ඒ වදන් ඇසු ප්‍රර්ථනාගේ මුවට මද සිනාවක් ඇති විය.

හැමදාම කියනවා....
කෝ ඉතින් අහන එකක්යෑ' යන්නම් කියලා කියන්න එපා සාගර ....
කියන්න ගිහින් එන්නම් කියලා....

හරි... හරි .... මගේ රත්තරනේ මම ගිහින් එන්නද එහෙනම්'
මගේ සාගරට... දළදා හාමුදුරුවන්ගේ පිහිටයි... ගිහින් එන්න

ප්‍රර්ථනා තමාගෙන් ඇත්ව යන සාගර දෙස බලා හුන්නේ දුක්මුසු සිතිනි. මේ ඇබැද්දිය නොවුණා නම් තව ටික වේලාවක් ඔහු සමග කතා බස් කරමින් සතුටින් කල් ගෙවන්නට තිබුණා නෙවේදෑයි ඇයට සිතුණි

ප්‍රර්ථනාගෙන් සමුගත් සාගර වෙරළ දිගේ රේල් පාර පැත්තට ඇවිද යන්නට විය........

1 comment:

  1. නුරා මල් හැගුමි ඇහැරලා...
    සදා ජිව්තේ නුඔ වෙලා....
    ම්ම් වෙච්ච දෙයක්...
    (ඉතිරිය.....)

    ReplyDelete

Twitter Bird Gadget