Thursday, May 5, 2011

සාගරේ තරම් - තෙවැනි කොටස



ළමයෝ............

ඔය ළමයා තෙමෙනව නේද?
මෙහාට එන්න......... අකාලේට වහින වැස්සට තෙමෙන්න හොද නෑ දරු‍වෝ....

සාගර තමන්ගේ පිටු පසින් සිටි කාන්තාවකගේ ආමන්ත්‍රණයත් සමගම නැවත පියවි සිහියට පැමිණියේය.  පිටු පස හැරි බැලු විට දැක ගත හැකි වුයේ ප්‍රර්ථනාගේ මවය.  තමන් උන් හිටි තැන අමතක උනු ප්‍රර්ථනාගේ මව එක වරම සාගරගෙන් ඇසුවේ ....... ඔය ළමයා මොකටද මෙහේ ආවේ කියාය. 

මට මේ ගෙදරට එන්න අවසර ඕනිද අම්මේ........ 

ප්‍රර්ථනාගේ මවගෙන් ඇසිමට අවශ්‍යය වුවත් නිවස ඇතුලේ කඩවසම් තරුණයකුගේ අත ගත් ප්‍රර්ථනා මතක් වු සාගරට එය ඇසිමට තරම් ශක්තියක් නොමැති විය. 

අම්මේ....... ම....ම..... මේ........

මොනවද ළමයෝ ගොත ගහන්නේ ......... මේ ළමයා මෙහෙන් දැම්ම පිටත් වුනා නම් හොදයි නේද?
අපිට තවත් ප්‍රශ්ණ ඇති වෙන්න ඉඩ තියන්නේ නැතිව........  ප්‍රර්ථනාගේ මව සාගරට කීවේය.

ඒත් ............ අ.....ම්........මේ.........

සාගරට ප්‍රර්ථනාගේ මවගෙන් ඇසිමට දහසක් නම් ප්‍රශ්ණ තිබුනත්  ඒ කිසිවක් ඇසිමට තරම් ඔහුට ශක්තියක් නොමැති විය. සාගරව දවසකට මොහොතක් නොදැක සිටිමට නොහැකි ප්‍රර්ථනා අද සදහටම වෙනත් අයෙකුගේ අත ගෙන ඇත්තේ කෙසේද යන්න සාගර තවමත් අදහා ගත නොහැකි විය. සාගර සිටියේ දෙලොවක් තුල අතරමන් වු පක්ෂියකු විලසය කෙලෙස කො‍හේ පියාඹනවාද යන්න ඔහුට සිතා ගත නොහැකි විය.

“මොන ගිනි ගෙඩියක් ඒ පාර මගේ කෙල්ලගේ ඔලුවට කඩා වැටෙයිද දන්නේ නෑ........”  
ප්‍රර්ථනාගේ මව සාගර කෙරෙහි මවා ගත් කෙන්තියකින් යුතුව එතැනින් පිට වුයේ සාගරට එලෙස කියමිනි.
කුමක් කළ යුතු දැයි සිතා ගත නොහැකිව සාගර ප්‍රර්ථනාගේ නිවසින් පිටත් වන්නට විය.  මොහොතකට පෙර කඩා වැටුණු වැස්සෙන් කුණාටවකට හසුවු කුරුල්ලෙකු ලෙස සාගර හොදටම තෙතබත්වි ඇදුම් ඇගට ඇලවි තිබුණි. එහෙත් සාගරට ඒ පිළිබදව කිසිදු තැකිමක් නොමැත. ඔහුට වරින් වර මනසේ දිස්වුයේ .......... නිවස ඇතුලේ කඩවසම් තරුණයකුගේ අත ගත් ප්‍රර්ථනාය....... 

කැටලන්ද හංදියේ ගුරු පා‍රෙන් හැරි ටික දුරක් ගමන් කළ සාගරට තමන්ගේ නම කියා කිසිවකු ආමන්ත්‍රනය කරන බව වැටහිනි ඔහු නැවත පිටු පස බැලු විට දැක ගත හැකි වුයේ කල්පනාය.... 

“සාගර අයියේ මොකද මේ......... තෙමිච්ච කුකුලෙක් වගේ” කියා ඈ මද හිනාවක් පෑවාය.......

ආ.......... තමුසේද? තමුසෙලත් එක්ක කතා කරන්නත් වටින්නේ නෑ හලෝ....... සාගර කෝපයෙන් යුතුව කල්පනාගේ ඇගට කඩා පැන්නාය.

සාගර අයියේ.............. මොකද මේ........ මොනවද වෙලා තියෙන්නේ............
මොනවද වෙලා තියෙන්නේ.......... 

වෙන්න ඕනි දේවල් සේරම උනාට පස්සේ ද අහන්නේ මොනවද වෙලා තියෙන්නේ කියලා ........... 

මට කියනවා මම කොහොමද දැන් ජිවත් වෙන්නේ කියලා.... 

සාගරගේ ඇසට කදුලු ආවත් ඔහු ඒවා ගැන තැකිමකින් තොරව කල්පනාට කිසිවක් කතා කිරිමට අවස්ථාවක් නොදිම තමන්ම සියල්ල කිවේය......

මට මුකුත් තේරුනේ නෑ සාගර ...... මොනවද ඔයා මේ කියන්නේ ...... මොකද වෙලා තියෙන්නේ ? සිදුවුයේ කුමක්දෑයි කියා සිතා ගත නොහැකි කල්පනා සාගරගෙන් එවර එය ඇසුවේ ... කිසිදු වරදක් නොකර තමන් වැරදි කරවකු ලෙස හංවඩු ගසන සාගර කෙරෙහි තරහකින් යුතුවය.

ප්‍රර්ථනා............ ප්‍රර්ථනා ..........  

සාගරට එකවර සිදුවි ඇති දේ කිමට නොහැකි විය. සාගර අයියේ ටිකක් රිලැක්ස් වෙන්න අයියේ.......... 

මම කොහොමද දෙයියනේ දැන් ජිවත් වෙන්නේ.......... සාගර අසල තිබු ගසකට වෙර දමා පහරක් එල්ල කළහ. 

සාගර අයියේ.......... පිස්සු නටන්න එපා හලෝ......
මොනවද වෙලා තියෙන්නේ කියලා කියනවකෝ.
ප්‍රර්ථනාගේ ගෙදර ගියා අද .... එයාගේ....................... සාගර නිහඩ විය. කල්පනා සිදුවි ඇති දේ තෙරුම් ගත්හ. 

හිත හදා ගන්න සාගර.....
සාගර මද හිනාවක් පෑවේය. හිත හදා ගන්න..... හදා ගන්න හිතක් නෑ දෙයියනේ මට දැන්....
සේරම එකතු වෙලා ඇයි මට මෙහෙම කලේ....  අඩුම තරමේ ඔයාටවත් තිබුණා මට ඇත්ත කියන්න... කොච්චර කටුක උනත් ඇත්ත ඒක නම් මම අහන් ඉන්නවනේ....  සාගර කල්පනා කෙරෙහි කෙන්තියකින් යුතුව කිහ.

දැන් කෙහේද මේ ඔයා යන්නේ.......... මම දන්නේ නෑ  කල්පනා...... පාර තියෙනකම් යනවා... සාගර කල්පනාගේ ප්‍රශ්ණය සදහා පිළිතුරු ලබා දුන්හ.

සාගර අයියේ........... දැන් ඔයා ගෙදර යන්න.
ආයෙත් වහින්න හදන්නේ මමත් දැන් යන්න ඕනි. කල්පනා සාගරට සිදුවු දේ ගැන කිසිදු තැකිමක් නැති ආකරයට සාගරත් සමග කතා බස් කළත් සිදුවු දේ පිළිබද කල්පනා තරම් දන්නා කිසිවකු සිටියේ නැත. ප්‍රර්ථනාගේ සැම දෙයකටම ඇයත් සමග ළගින් සිටි යෙහෙළිය වුයේ කල්පනාය. ප්‍රර්ථනාගේ මව බොහො අවස්ථාවල පැවසුවේ කල්පනා කියන්නේ මගේම දරුවෙකු වශයෙනි.

ප්‍රර්ථනාට හා සාගරට සිදුවි ඇති මේ සිද්ධිය හා සම්බන්ධ කුමක් හෝ සිතේ සගවා ගෙන සිටියේය. සාගරගේ කදුලු දුටු කල්පනාගේ  හිතට වේදනාවක් ඇති විය. ඒත් ඒ කදුලු ඇගේ සිතේ සගවා ගෙන සිටි රහස තරම් ප්‍රබල නොවිය.

කල්පනා මේ සම්භන්දව කල් ඇතිවම යමක් දන්නා බව සාගරට වැටහිණි. කෝපයෙන් යුතුව එවර සාගර කල්පනාට කිවේ......

කල්පනා............ උඹලා සේරම එහෙනම් මාව රැවැට්ටුවා.....

“කල්පනා මතක තියාගන්න මේ කරන අපරාධවලට කවදාවත් හොදක් වෙන්නේ නෑ....”  
ඔවු හරි අපරාධ කරපු අයට නම් හොදක් වෙන්නෙම නෑ සාගර.... අපි කිවුවත් නොකිවුවත් ඒක වෙනවා... 

කල්පනා සාගරට එලෙස කියමින් සාගරගෙන් මිදි කැටලන්ද හන්දියේ බස් නැවතුම් පොළට ගියේය.



සිහින දකිනා අදුරු කුටියේ උදා කිරණයි නුඹ මගේ...... 
ජිවිතේ හඩයි නුඹව ඉල්ලා 
නුඹට මා ආදරේ.................




2 comments:

  1. මිමිමි.......ලස්සනයි....
    දුකයි....
    ඉක්මනට ඉතිරි කොටස දාන්නනනන...

    ReplyDelete

Twitter Bird Gadget