Sunday, May 29, 2011

කාව්‍යා - ආදරේ දුකම හිතෙන කවිය (සාවරියාගේ මතක සටහනක්)


 

සද වහන් වී ගිහින් ඔබ වාගේම.....
තරු ඇසත් වැසිලා ගිහින් සීතලට...
මං තරම් කෙනෙක් නෑ යැයි කියු ඔබටත්...
රත්තරං මා අමතකව ගිහින්...
මන්දාරම් වැහි වළාකුළු අතරින්..
ආයෙමත් සීත කාලය ඇවිදින්...
අවුරුද්දට පිපුණු මලුත් කඩාගෙන...
හරි හයියෙන් මෝසම් වැස්සත් ඇවිත්.....
සීතලයි කියන්නේ කොහොමද මම.....
තුරුළු වෙන්නවත් ඔබ ලග නැති කොට...
පාළුයි කියා කියන්නේ කොහොමද මම....
හිත පුරා ඔබ මෙහෙම ඇවිදිනකොට....
ආදරේ කළා නම් මේ මහා දුකත් විදපන්...
අඩන මට හිත කියන්නේ එහෙමයි....
ආදරේ කියන්නේ රත්තරං මේ මහා ගින්දරට නම්....
අත් වැල් අල්ලගෙන අපි පැන්නේ මේ ගින්දරටද......
මට ඔබ නැති උනාවත්ද....
ඔබට මා නැති උනාවත්ද...
අපි අපේ වන්නට හිතු හීන සේරමත්....
අපේ අත් වලින්ම කඩා වැටුණාවත්ද.....
මහා මෝසම් වැසි ඇද වැටුණත්......
මේ මග ආයෙමත් යන්න ආසයි ඔබත් එක්කම...
පුංචි මල් කූඩේ තාමත් ඔයා ගාව නේද....
මතකද පිටසක්වල කුමාරයත් එක්ක ගියේ එදා....
වැස්සට මම තනිකරලා.......
කොහෙන් හරි එන්න රත්තරං එක පාරට...
මම තෙමෙනවා මහා වැස්සට...
ඇවිත් ඉස්සර වගේ උරතලයට බර වෙලා.....
කියන්න දැන් නම් සීතල නෑ කියලා....
 


No comments:

Post a Comment

Twitter Bird Gadget