Tuesday, June 14, 2011

සාගරේ තරම් - හත්වෙනි කොටස



ප්‍රර්ථනා..... ප්‍රර්ථනා..... පරකුවෙනවා දරුවෝ.........


එනවා පවන්..... ප්‍රර්ථනා කිවේය.....

හැමදාම මම ඔයාට කියනවනේ පවන් මම දරුවෙක් නෙමෙයිනේ..... ප්‍රර්ථනා සිනහසෙමින් පවන් දෙස බලා කිහ.

හරි.... හරි දරුවෝ අයේ එහෙම කියන්නේ නෑ.... අනික ප්‍රර්ථනා දරුවෝ කිව්වට මොකද වෙන්නේ, කෙහොමත් සැමියා බිරිදගේ දෙවියා කියලනේ කියන්නේ පවන් සිනහසෙමින් ප්‍රර්ථනා දෙස බලමින් කිහ. 

ප්‍රර්ථනාට පවන්ගේ එම කතාවට සිනහ ගියේය...

ප්‍රර්ථනා මම ගිහින් එන්නම්..... පරක්කු වෙනවා පැටියෝ.....

හොදයි පවන් එහෙනම් පරිසස්මෙන් ගිහින් එන්න..... පවන් ඔයා හවස් වෙන්න කලින් එනවා නේද? මට ටවුන් එකට යන්න ඕනි පවන්.... මම අම්මත් එක්ක ගිහින් එන්නද? 

මම එහෙනම් ටිකක් වෙලාසනින් එන්නම් ප්‍රර්ථනා... බස්වල යන්න ඕනි නෑ එහෙනම් හවස් වෙන්න කලින් එන්න පවන් හොදද..... අමතක වුනා කියල නම් කියන්න එපා....

හරි... හරි... දරුවෝ මම එන්නම්... ප්‍රර්ථනා මම ගිහින් එන්නම්.. හොදයි පවන් තෙරුවන් සරණයි !

පවන් ප්‍රර්ථනාගෙන් වෙන්වී කාර්‍යලාය වෙත ගියේය.... කොළඹ කාර්‍යලාය මෙන් නොව මෙය පිලිවලට තිබුණි... පවන් කාර්‍යලයට ඇතුල්වන විටම එහි සිටි ආරක්ෂක නිලධාරිය පවන්ව පිළිගත්තේය...

ලොකු සර්...... එනවා කියලා ඊයේ මැඩම් කිව්වා....  පවන් සිනහමුසු මුහුණින් ඇතුලට ගියේය.

කාර්‍යලයේ සැවොම පවන්ව පිළි ගත්තේය. පවන්ද ඔවුන්ට සුභ උදෑසනක් යනු වෙන් ප්‍රකාශකර තමන්ගේ කාමරය තුළට ගියේය.

මොකද චුටි.... මිදුල අතුගාමින් සිටි ප්‍රර්ථනාගේ මව ප්‍රර්ථනා වමනය දමනු දැක අතේ තිබු ඉදළද පැත්තකට විසිකොට ප්‍රර්ථනා වෙත දිව ආවේය...

චුටි.... මොකද?

නෑ..... ‍අම්මේ මුකුත් නෑ.... ටිකක් ඔළුව කැක්කුමයි කැරකිල්ලත් වගේ.... යමු ගේ ඇතුළට ටිකක් හාන්සිවෙන්න එතකොට හරි යයි.... ප්‍රර්ථනාගේ මව ප්‍රර්ථනාගේ අත අල්ලාගෙන ඇයගේ කාමර වෙත එක්ක ගියේය... ප්‍රර්ථනා අපි දොස්තර මහත්තයෙක් ළගට යමුද? කමක් නෑ අම්මේ ටිකක් වෙලා ගියාම ඕක හරි යයි එහෙම කියලා බෑ ළමයෝ... අජිත් ළමයගේ ත්‍රීවිලර් එක ඇති අපි එකෙන් හන්දියේ දොස්තර මහත්තයා ළගට ගිහින් එමු....  තව ටිකක් බලමු අම්මේ.... දැන් එච්චරම අමාරුවක් නෑ..... එහෙනම් ටිකක් හාන්සි වෙලා ඉන්නකෝ මම කුස්සියේ වැඩ ටික ඉවර කරලා දාන්නම්.... කොහෙද ආපු දවසේ ඉදලම වැඩ කරනවා කෝ කිව්වට අහන එකක් ද ......

අම්මා යන්න මම ඕනි උනොත් කතා කරන්නම් කෝ....
චුටි කන්න මොනවා හරි හදලා ඕනිද? එපා අම්මේ.... දැන් කන්න බෑ මම පිටි එකක් හදන් බිව්වා.....

සවස තුන පමණ වන විට පවන් නිවස වෙත අවේය.... කාබරය වෙත ඇතුළු වන විටත් ප්‍රර්ථනා හොදටම නිදි....

ප්‍රර්ථනා.............. ප්‍රර්ථනා .....  

ආ... පවන් ඔයා ආවද ? මෙකද වෙලාසනින්නම අවේ....

‍අනේ.... අනේ.... දැන් ටවුන් යන්න ඕනි කියලා කවුද මට වේලාසන එන්න කිව්වේ.... හ්ම්..... 

ප්‍රර්ථනා පවන් දෙස බලා සිනහසිය.....

ප්‍රර්ථනා මෙකද ඔයා මේ කවදාවත් නැතිව නිදාගෙන.... අසනීපයක්වත්ද ? නෑ පවන්.... හිසේ කැක්කුමක් හැදුණා.... එකයි... දැන් හොදයි පවන්, ඇයි ඔයා ටවුන් යන්න ඕනි කිව්වනේ... යන්නේ නැද්ද..... බෑ පවන් අද බෑ අපි වෙන දවසක යමු ඔයා වොෂ් එකක් දාගෙන එන්න කෝ......මම තේ එකක් හදන්නම්

පුතා ආවද ? ඔව් අම්මේ දැන් ආවේ.... පුතේ උදේ චුටී වමනේ දැම්මා කැරකිල්ල වගේ කියලා කිව්වේ... මම කිව්වා හන්දියේ දොස්තර මහත්තයගෙන් බෙහෙත් ටිකක් ගමු කියලා කො ඉතින් බෑ කියලා ගියේ නෑ පුතාවත් කියලා බලන්නකෝ....  

හරි අම්මේ අපි දැන් ගිහින් එන්න කියලා හැදුවේ.... මම ඇග සොදන් එන්නම් අම්මේ...

හොදයි පුතේ .......

පවන් ඇග සොදාගෙන කාමර තුළට ගියේය... ප්‍රර්ථනාද තේ කොප්පයත් රැගෙන කාමරය වෙත අවේය...... 

පවන් මේ ආයේ කොහේ යන්නද හදන්නේ...

ප්‍රර්ථනා ඉක්මණට ලැස්තිවෙන්න .... රැවෙන්න කලින් ගිහින් එමු.....

කොහේ යන්නද පවන්.... කොහේ යන්නද බෙහෙත් ගන්න මිසක්....  කටද පවන් බෙහෙත් ? වෙන කාටද ඔයාට මිසක්.... ඇයි පවන් මට මොනවා වෙලාද බෙහෙත් ගන්න .... මේ මම හොදට ඉන්නේ...

පේනවා හොදට ඉන්නවා කියලා... පණ්ඩිත කතා කියන්නේ නැතිව ඉක්මණට ලැස්තිවෙන්න අපි ගිහින් එමු......

අම්මේ.... අපි ගිහින් එන්නම්..... හොදයි දරුවෝ රැ වෙන්න කලින් එන්න අම්මේ රැට මුකුත් උයන්න ඕනි නෑ.... කඩෙන් මොනවා හරි අරන් එන්නම් අම්මට මුකුත් ගෙන්න ඕනි නම් කියන්න.... පවන් ප්‍රර්ථනාගේ මවගෙන් විමසිය...

මට මුකුත් ඕනි නෑ පුතේ...... රැ වෙන්න කලින් එන්න එහෙනම් ගිහින්... දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.... ප්‍රර්ථනාත් පවනුත් මොටර් රථයෙන් පිටත් විය.....

පවන් ප්‍රර්ථනා සමග කිසිවක් කතා නොකලේය......

ඒයි ...... මොකද නිකන් බකමුණෙක් වගේ කිසිම සද්දයක් නැත්තේ.... ප්‍රර්ථනා පවන් දෙස බලා සිනහසී කිවේය.....

ඒත් පවන් කිසිවක් කතා නොකලේය.... පවන් කිසියම් හෝ හේතුවක් මත තමන් සමග කෙන්තියෙන් ඇති බව ප්‍රර්ථනාට වැටහිනි..... අනේ පවන් ඇයි මාත් එක්ක තරහ වෙලාද ඔයා.... 

ප්‍රර්ථනා දුකෙන් ඇති බව පවන්ටද වැටහිණි... ඒ නිසා පවන් කෙන්තිය පසෙකින් තබා ඇයට කතා කළේය....

කතා කරන්නම වටිනවා කරන වැඩ වලට.... තව තරහද කියලත් අහන ලස්සන ඇයි පවන්..... මම මොනවයි කළේ.... කියන්න ඇයි ඔයා තරහින් වගේ කතා කරන්නේ කියලා....

ඇයි උදේ වමනේ දැම්මා..... කලන්තේ වගේ කියලා උදේ ඉදන් නිදා ගත්තා දවසටම මුකුත් කෑවෙත් නෑ.... නිකමටවත් මට කිව්වද?

ආ..... ඔයා ඕකටද මහත්තයෝ මෙච්චර කෙන්ති අරන් තියෙන්නේ..... මම හිතුවේ මෙයා ඔෆිස් එකේ දී කාත් එක්කවත් රණ්ඩුවෙලා කියලා...

ඇයි කියනවා ප්‍රර්ථනා මට කිව්වේ නැත්තේ... නිකමටවත් කොල් එකක් දිලා කියන්න තිබුණනේද? මොකද මම කිව්වනම් බනිනවද ?

ප්‍රර්ථනා පවන් දුකෙන් සිටි බව වැටහී පවන්ගේ ළගට කිටුවිය... පවන් අහන්නකෝ මගේ වස්තුවේ..... පවන්ට ප්‍රර්ථාගේ ඒ කතා කිරිමට නම් සිනහ ගියේය.....

අහන් ඉන්නේ වස්තුවේ කියන්නකෝ.....

අනේ පවන්........ අහන්නකෝ ඉතින්....

හරි... හරි... කියන්න ඉතින්........

ඔයාට ඔෆිස් එකේ වැඩ ඇති කියලයි කිව්වේ නැත්තේ... අනික ඔයාමනේ කියන්නේ රාජකාරි වැඩයි ‍පුද්ගලික ජිවිතෙයි එකට එකතු කරගන්න එපා කියලා එකයි මම කිව්වේ නැත්තේ.....

ආ.... එහෙමද? මේ අහගන්න මොඩී.... මමයි ඔෆිස් එකේ බොස්.... මම සේවකයින්ට එහෙම කිව්වා කියලා මගේ නෝනා මට කතා කරන්න එපා කියලා කවුද කිව්වේ..... හරි හරි දැන් ඕක නවත්තමු මීට පස්සේ එහෙම කරන්නේ නෑ හරිද? කියන්න ඕනි කොල් එකක් දීලා.... පවන් ප්‍රර්ථනා දෙස බලා සිනහ වී කිවේය....

ප්‍රර්ථනා පවන්ගේ අත මිරිකුවේය....

එයි මොනවද ඔයා කරන්නනේ..... මේ වාහනේ යන්නේ ඔය වගේ දේවල් කරනවද වාහන වල යනකොට අපෝ මෙයා නම් ...... අනේ අනේ ප්‍රර්ථනා.....

අනේ පවන්........... මේ හැබයි තරහ වෙනාවා හොදෙයි....

හරි... හරි ..... දරුවෝ..... පවන් ප්‍රර්ථනාගේ හිස අත ගෑවේය... ඔයා නම් පවන් ආයේ දරුවෝ කිව්වා..... අනේ ඉතින් ප්‍රර්ථනා ආදරේටනේ එහෙම කියන්නේ අනික මොනවා වෙනවද එහෙම කිව්වට....

ප්‍රර්ථනා හා පවන් වෛද්‍යවරයා මුණ ගැසිමට තමන්ගේ අවස්ථවා එන තුරු බලා සිටියේය... අසල පුටුවේ සිටි කුඩා ගැහැණු දරුවෙක් දිහාවට පවන්ගෙත් ප්‍රර්ථනාගෙත් නෙත ගියේය.... ඇය ඉතා හුරු බුහුටිය... හුරුතල් වචන කියමින් එහා මෙහා ඇවිදියි....  ඒයි ප්‍රර්ථනා මේ.... මේ.... අහන්න කෝ..... ඇයි පවන්..... ප්‍රර්ථනා කවදයි මට අර වගේ දරුපැටියෙක් දෙන්නේ...

පවන් මේ....... කෑගහන්නේ නැතිව ඉන්න‍ කෝ... මිනිස්සුත් අහන් ඉන්නවා ප්‍රර්ථනා පවන්ගේ කණ මිරිකා කිවේය....

උයි .... උයි  ප්‍රර්ථනා රිදෙනවා......

ප්‍රර්ථනා සුරියබණ්ඩාර.... එන්න ඇතුළට.... වෛද්‍යයරයාගේ කාමරේ සිටි හෙදියක් පවන් සහ ප්‍රර්ථනා දෙස බලා කතා කළේය....

ප්‍රර්ථනාත් පවනුත් වෛද්‍යවරයාගේ කාමරයට ඇතුළු විය. මිස්ටර් සුරිය බණ්ඩාර මොකද මෙහේ...  වෛද්‍යවරයා පවන්ට කතා කලේය...
ඩොක්ට මේ මගේ වයිෆ්..... අපි මේ හොලිඩේ එකකට කියලා ගමේ අවේ ඩොක්ට උදේ ප්‍රර්ථනා වමනේ දලා තියෙනවා.... කැරකිල්ල වගේ තිබුණා කිව්වා එකයි චෙකප් එකක් කරගන්න කියලා ආවේ....

නදිකා..... මිසිස් සුරිය බණ්ඩාරව චෙකප් එකට එක්කන් යන්න ඇතුළට....  හොදයි ඩොක්ට.... යන්න ප්‍රර්ථනා ඇතුළට......

වෛද්‍යවරයාත් හෙදියත් ප්‍රර්ථනාත් කාමරය තුළට ගියේය.... පවන් අසල තිබු පත්තරයක් රැගෙන බැලුවේය....

මගෙන් සුභ පැතුම් මිස්ට සුරියබණ්ඩාර.... ඔයා තාත්ත කෙනෙක්..... 

පවන්ගේ මුවට සිනහවක් ආවේය.... පවන් වෛද්‍යවරයාගේ දෙස බලා සිනහ විය..... දැන් අම්මට කෙහොමද පවන්....  අම්මා ආවේ නැද්ද ගමේ.... නෑ..... ඩොක්ට අම්මට මෙහේ සීතල ඔරොත්තු දෙන්නේ නෑ .... එක නිසා එක්කන් ආවේ නෑ අප්පච්චි ආයේ නිව්යොක් ගියා නේද? ළග දී එනවා කියලා නම් මට කොල් කරපු වෙලාවක කිව්වා.... සුරියබණ්ඩාරට නිව්යොක් කියන්නේ අපිට ලංකාව වගේ තමයි නේද? වෛද්‍යවරයා සිනහ වී කිවේය....

ප්‍රර්ථනාද හෙදියත් සමග කාමරයෙන් ඉවතට පැමිණියේය.... ඉදගන්න ප්‍රර්ථනා පවන් මම විටමින් වගයක් ලියලා දෙන්නම්... ඒ ටික අරගන්න... ප්‍රර්ථනා දැන් ඔයත් අම්මා කෙනෙක් ඉතින් ටිකක් ප්‍රවේසම් වෙන්න වෙයි වැඩිය මහන්සි වෙලා වැඩ කරන්න හොද නෑ.....  හොදයි ඩොක්ට... ප්‍රර්ථනා වෛද්‍යවරයා දෙස බලා කිව්වේය.... ඩොක්ට අපි ගිහින් එන්නම් එහෙනම්... ප්‍රර්ථනා හා පවන් වෛද්‍යවරයාගෙන් සමුගෙන රෝහලෙන් ඉවතට ගියේය....

ප්‍රර්ථනා අපි රෙස්ට්ටුරන් එකකින් අද කෑම ගමුනේද? පවන් සිටියේ ඉමහත් සතුටකින් ප්‍රර්ථනාට එය වැටහිණි.... හොදයි පවන් අම්මටත් මොනවා හරි අරගෙනම රැවෙන්න කලින් යමු...... අම්මත් බලන් ඇතිනේ පවන්.... හරි හරි අපි යමුකෝ ඉස්සරවෙලා රෙස්ටුරන් එකකට.....




ආදර කවියේ දුරක ගිහිල්ලා.....
ජිවිත හිනේට පාටක් දුන්නා.......
ඇසි පිය ගෑ ඒ..... හිනේ දුටු දා........
සෙනෙහෙක ගැඹුරක් කො‍හෙන්ද මන්දා.............


‍ප්‍රර්ථනා හා පවන් පැමිණිමට පරක්කු වු නිසා පවන්ගේ මව දොරකොඩට වි බලා සිටියේය... පවන් හා ප්‍රර්ථනා නිවස වෙත ආවේය... 

පවන් අම්මා බලන් ඉන්නවා.... අපි පරක්කු නිසා බය වෙලා ඇත්තේ, අම්මා පුදුමවෙයි ප්‍රර්ථනා මේ ආරංචිය ඇහුව ගමන්..... ඔන්න බලන්න කෝ.....

මොකද දරුවෝ මෙච්චර රැ වුනේ...... පවන් අතේ තිබු කෑම පර්සලය අම්මා අතට දුන්නේය.. අම්මේ සතුටුදායක ආරංචියක් තියෙනවා කියන්න, මොකක්ද දරුවෝ ඒ..... මුලින් අපි ගේ ඇතුලට එන්න දෙන්න කෝ, මෙන්න මෙතනින් වාඩි වෙන්න.... දැන් මේ කේක් එක කපලා අපි දෙන්නට කවන්න කෝ කැල්ලක් මොකද දරුවෝ මේ.... ප්‍රර්ථනාටද පවන්ගේ වැඩ වලට සිනහ ගියේය.... 

හරි.... හරි... ආ ඔන්න චුටි කෝ ඔයත් එන්න එහෙනම්.... ප්‍රර්ථනාගේ මව පවන්ට සහ ප්‍රර්ථනාට කේක් කැල්ලක් කපා කැව්වේය.... පසුව පවන්ද කේක් කැල්ලක් කපා පවන්ගේ මවට කැව්වේය.... දැන් කියන්නකෝ දරුවෝ මොකද මේ කියලා...... ප්‍රර්ථනාගේ මව පවන්ගෙන් ඇසුවේය....

ඔන්න අම්මත් දැන් ආච්චි කෙනෙක් වෙන්න යන්නේ.... පවන් ප්‍රර්ථනාගේ මව දෙස බලා කිවේය.... ප්‍රර්ථනාගේ මවට සතුටු කදුළු ගලා ආවේය... මගේ දරුවෝ දෙන්නට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි..... ප්‍රර්ථනාගේ මවගේ ඇස් වලින් සතුටු කදුළු කැට බිම පතිත විය.

අම්මේ.... වැරදිනේ කිව්වේ..... දැන් දෙන්නෙක් නෙමෙයිනේ තුන් දෙනෙක් නේඑහෙනම් තුන් දෙනාටම දළදා හාමුදුරුවන්ගේ පිහිටයි කියන්න... පවන් කුඩා දරුවෙකු මෙන් කිවේය.... ප්‍රර්ථනාටත් මවටත් පවන්ගේ මෙම වැඩ වලට සිනහ ගියේය........

හරි පුතේ..... මගේ පුතාටයි... දුවටයි... මුණුපුරාටයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවක්.... ප්‍රර්ථනාගේ මව ප්‍රර්ථනාගේ හිස අත ගාමින් කිවේය.....

4 comments:

  1. ම්...පවන් පැට්යෙක් නේද...ඒත් ඇයි පාර්ථනා නිහඩ..ලස්සනයි දිනු..ඉතිරිය ඉක්මනින් දාන්න..

    ReplyDelete
  2. ජිවිතේ අපි හිතන දේවල් වෙන්නේ නෑ හංසනී... එත් සමහර දෙවල් ඒ වෙන විදියට අපි භාර ගන්න තරමට අපිටම හොදයි... මොකද වෙන්න තියෙන දේ වෙන්නත් ඕනිනේ.....

    ReplyDelete
  3. ලස්සනට ලියලා තියෙනවා යාළුවා.. ඉතුරු ටිකත් ඉක්මනින් දාන්න..

    ReplyDelete
  4. ස්තුතියි යාළුවා......

    ReplyDelete

Twitter Bird Gadget