Sunday, June 5, 2011

සාගරේ තරම් - හයවෙනි කොටස


ප්‍රර්ථනා පවන්ගේ කට හඩට තිගැස්සි ගියේය. පවන් ලිප ඔෆ් කර ප්‍රර්ථනාගේ මුහුණ දෙස බැලිය. මොකද ප්‍රර්ථනා.... මොනවද ඔය තරම් කල්පනා කරන්නේ.. මට කියන්න ප්‍රර්ථනා ඔයා මාත් එක්ක ඉන්නේ සතුටින් නෙමෙයි නේද? ඔයා තාමත් හිතන්නේ සාගර ගැන නේද? කියන්න ප්‍රර්ථනා ඔයා මේ කසාදේට කැමති වුනේ අම්මගේ බල කිරිම නිසාද? නැත්තම් ඔයා ඇත්තටම මට ආදරේ කරන නිසාද කියලා... මට මේක මහා වදයක් ප්‍රර්ථනා... ඔයා අපේ කසාදේ දවසෙත් හිටියේ කිසිම සතුටකින් නෙමෙයි. චුටි නංගිටත් ඒක තේරිලා එයා ඇහුවා මගෙන් අක්කා මොකද අප්සට් එකේ ඉන්නේ කියලා... ප්ලිස් ප්‍රර්ථනා රට්ටු හිනාසන වැඩ කරන්න විතරක් එපා....

පවන් ඉවක් බවක් නොමැතිව කියවගෙන ගියේය. ප්‍රර්ථනා කිසිවක් කර කියා ගත නොහැකිව අසරණ තත්වයට පත්වී බිම බලා සිටියේය. ප්‍රර්ථනාගේ ඇස් වලින් කදුළු කැට කඩා වැටෙන්නට විය. 

උදේ කෑම සදහා පවන්ගේ ගෙදර සියළු දෙනාම කෑම මේසය වෙත එක්වී සිටියේය. ප්‍රර්ථනාට මෙය නුහුරු අත්දැකිමක් බදුවිය. ගෙදරදි නම් අම්මට කියලා බත් කටක් දෙකක් කවා ගත් ප්‍රර්ථනා කිසි දිනක මෙලෙස කෑම මේසයක වාඩි වි කෑම කෑවේ නැත. ප්‍රර්ථනාට මේ සියල්ල නුහුරු නුපුරුදු අත් දැකිම්ය... එහෙත් ඇයට සිතුනේ පවන් සමග ජිවිතය ගත කිරිමට තමන් ගත් ඒ තීරණය එලෙසම පවත්වා ගැනිමට නම් මේ සියළු දේට හුරුවිය යුතුය යන්නයි. 

අම්මේ....  අද අපි ප්‍රර්ථනාගේ ගෙදර ගිහින් එන්න කියලා පවන් ප්‍රර්ථනාගේ මුහුණ දෙස බලා සිනහ වී කිවේය.

ඈයි පුතේ...... හිටි හැටියේම... ගෙදර යන්න ඕනි කියලා හිතුනේ නෑ අම්මේ මමයි ප්‍රර්ථනායි හිතුවේ ටික දවසක් එහෙ ඉදලා ආවොත් හොදයි කියලා.. මොකද ප්‍රර්ථනාගේ අම්ම විතරයිනේ ගෙදර ඉන්නේ ... මල්ලිත් ආපහු ගිහින්... එයාටත් නිවාඩුවක් නෑ... ඉතින් අපි ටික දවසක් ඉදලා එන්නම් මට එහේ ඔෆිස් එකට යන්න පුළුවන්නේ අම්මේ....

හොදයි පුතේ.... එහෙනම් ඉතින් ගිහින් එන්න ... දුවටත් ගෙදර යන්න ආස ඇතිනේ පවන්ගේ මව ප්‍රර්ථනා දෙස බලා කිවේය... ප්‍රර්ථනා මද සිනහවකින් ඇයට සංග්‍රහ කළේය..

ප්‍රර්ථනා එහෙනම් ඔයා ඇදුම් ලැස්ති කර ගන්නකෝ.... අපි හවස් වෙන්න කලින් යමු මොකද නුවරට මේ දවස් වල වහිනවා... පරවල් එහෙම සවුත්තු වෙලා කියලා නිව්ස් වලට කිව්වානේද ඊයෙත්... එක නිසා රැ බෝවෙන්න කලින් අපි යන්න බලමු නේද? ප්‍රර්ථනා දෙස බලා පවන් කිවේය. ප්‍රර්ථනා කෑම මේසයෙන නැගිට කාමර වෙත ගියේය. 

චුටි..... ඔයාට අද ක්ලාස් නේද? ගිහින් පොත් ටික ලැස්ති කර ගන්න. අද ඔයාට තනියම තමයි යන්න වෙන්නේ අයියා ගමේ යන්නනේ හදන්නේ... ත්‍රිවිලර් එකකින්වත් යන්න. පවන්ගේ මව එලෙස කිවේ නිම්මි හටය. ඈය පවන්ගේ එකම නැගනීයයි. ඇයද කෑම මේසයෙන් නැගිට කාමරය වෙත ගියේය. පවන්ද  කෑම මේසයෙන් නැගිටින්නට විය. 

පුතා....... මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනි... ඔයාට දැන් බීසිද ? නෑ අම්මේ... කියන්න.. පුතේ ඔයා මේ කසාදේ කර ගත්තේ ඔයාගේම හිතු මනාපෙට.. අපි විරුද්ධ වුනේ නැත්තේ ඔයා පොඩි ළමයෙක් නෙමෙයි කසාද බැදලා ජිවත්වෙන්නේ මමවත් අප්පච්චිවත් නෙමෙයි ඔයයි. එක නිසයි මමයි අප්පච්චියි මේ කසාදේට කැමති වුනේ.. ඔයා දන්නවා නේද මම අප්පච්චිව කොච්චර අමාරුවෙන්ද මේ කසාදේට කැමති කර ගත්තේ කියලා... අනික අපේ ෆැමිලි එකේ කිසිම නෑයෙක් මේ කසාදේට කැමති වුනේ නෑ...  එත් ඔයාගේ කැමත්තටයි හැම දෙයක්ම කලේ.. දැන් අවුරුද්දකටත් වැඩියි නේද ඔය දෙන්නගේ කසාදේට ‍කෙල්ල මේ ගෙදර ඉන්නේ හරියට පිට ගෑණියෙක් ඉන්නවා වගේ.. හැම වෙලාවේම කල්පනා කරන එකමයි වැඩේ... මොකද ඔය දෙන්නා අතර ප්‍රශ්ණයක් වත් තියෙනවද පවන්.... අපි හොද ස්පෙශලිස් කෙනෙක්ට කියලා චෙකප් එකක් කර ගත්තොත් නරකද ? 

අම්මේ ..... එහෙම කිසි දෙයක් නෑ අම්මේ... ප්‍රර්ථනා ඉන්නේ සතුටෙන් අනික අපි දෙන්නා ගිය සතියේ චෙකප් එකක් කලා ඩොක්ට කිව්වා බය වෙන්න දෙයක් නැ... හැම දෙයක්ම නොමල් කියලා... 

එත් පුතේ..... ඇයි මේ කෙල්ල එහෙනම් හැම වෙලේම මුණ එල්ල ගත්ත ගමන්... මොකද තාමත් හිතන්නේ අර කොල්ලා ගැන වත්ද?

අනේ  අම්මේ....... නැති ප්‍රශ්ණ ඇති කර ගන්න හදන්න එපා 

මේ පවන් මම උඹේ අම්මා.... මගේ කෙස් පැහුනේ නිකන් නෙමෙයි උඹලගේ තාත්තා රට උනාට මම මෙහේ තාම ජිවත් වෙන්නේ මටයි ඒ මනුස්සයටයි නම්බුකාර විදියට ජිවත්වෙන්න ඕනි..... එක නිසා ටිකක් හිතලා කටයුතු කරන්න ඕනි... රට්ටු හිනාසන වැඩ විතරක් කරන්න එපා....

පවන් කෑම මේසයේ පුටුව ඉවතට තල්ලු කර එතනින් නික්මෙන්නට විය.. 

සුමිත්‍රා ............ සුමිත්‍රා...........

එනවා ලොකු හාමු ...... මේ කැම මෙසේ අස් කරලා දාපන්........ උඹලට එක සැරයක් කතා කරාම කන් ඇහෙන්නේ නැද්ද....... පවන්ගේ මව තරහෙන් යුතුව සුමිත්‍රාගේ ඇගට ගොඩ විය.... ඇය ඉද්දමල්ගොඩ  පවුලේ සේවිකාවකි.... පුරා අවුරුදු 12 තිස්සේ මේ ගෙදර වැඩ කටයුතු සියල්ල කළේ ඇය තනිවමය.. එහෙත් කිසි දිනක ඇයට ලොකු හාමිනේගෙන් හොදක් නම් අසන්නට ලැබෙන්නේ නැත. එහෙත් ඇය එවා කිසිවක් ගැන නොතකා සියළු වැඩපල කළේය. 

දහවල් 2 පමණ වන විට නුවර එළිය නගරය වෙත පවන්ටත් ප්‍රර්ථනාටත් පැමීණිමට හැකි විය. නුවර එළිය නගරයේ ප්‍රසිද්ධ හෝටලයකින් දහවල් කෑම අර ගත් පවන් සහ ප්‍රර්ථනා පසුව නැවතත් නිවස බලා ගමන් කළේය. නිවසට ළගා විමට එතරම් දුරක් නොමැත.. ප්‍රර්ථනා කාර් එකේ විදුරුවෙන් එළිය දෙස බලා සිටියේ හරිම ආසාවකින් යුතුවය. එය පවන්ට වැටහිණි.

මොකද? ප්‍රර්ථනා තනියම හිනා වෙන්නේ අපිටත් කියන්නකෝ ටිකක් හිනා වෙන්න... පවන් ප්‍රර්ථනා දෙසත් පාර දෙසත් මාරුවෙන් මාරුවට බලමින් ඇසිය...

නැ.... පවන් කල්පනාලන්ගේ නැද්දා ගියා එයා දැකලයි මම හිනා වුනේ....

හ්ම් .... එක මිසක් මම බැලුවා එත් ඇයි කියලා....

පවන් ඔයාට දැන් වැඩට යන්න ගියාම කරදරයි නේද? පාන්දරන්ම යන්න වෙනවා නේද? අනික පාන්දරට මේ දවස් වල මීදුමත් වැඩියි.. 

ඇයි ප්‍රර්ථනා ඔයා කැමති නැද්ද මම මෙහේ ඉන්නවට... මාව එල වන්නද හදන්නේ ප්‍රර්ථනා දෙස බලා සිනහ වී පවන් කිවේය....

අනේ........ පවන්......... මේ......... ප්‍රර්ථනාට ටිකක් තරහ ගියේය. ඇය කිසිවක් නොකිය අනෙක් පස බලා ගත්තේය. 

හරි...... හරි.. ළමයෝ මම නිකමට වගේ කිව්වේ..... ඕකට ඉතින් ඔය තරම් කෙන්ති ගන්න ඕනිද? අනික මම නුවර බ්රාන්ච් එකට මගේ ට්‍රාන්සර් එක දාගත්තා මාස 4 විතර... අනික ප්‍රර්ථනා මම වැඩට ගියත් නොගියත් එවා හැඩ්ල් කර ගනන් කට්ටිය මම දාලා ඉන්නේ... ඔයා වැඩිය හිතන්න එපා  ඒ ගැන.... අනික විහගත් ඉන්නවනේ එයා ඒවා ගානට බලා ගනිවි..... 

එහෙනම් කමක් නෑ .... නැත්තම් ඔයාලගේ අම්මා කියයි මම නිසා බිස්නසුත් පාඩු වෙලා කියලා.... ප්‍රර්ථනා පවන් දෙස බලා සිනහ විය... පවන්ද මද සිනහවක් පෑවේය.
එක නෙමෙයි ප්‍රර්ථනා..... අම්මා ඇහුවා නේ අද ඇයි තාම අපිට බබෙක් නැත්තේ කියලා.... චෙකප් එකක් කර ගත්තනම් නරකද කියලා ... මම කිව්වා අම්මට අපි චෙකප් එකක් කලා කියලා.... අම්මා අහන්නේ කවදද  පවන් පැටියෙක්ව දකින්න ලැබෙන්නේ කියලා එයාගේ ලේලීගෙන්.....

පවන් පැටියෙක්........... ප්‍රර්ථනාට පවන්ගේ ඒ කතාවට නම් මහා හයියෙන් සිනහ ගියේය.... ඇයි ප්‍රර්ථනා හිනා වෙන්නේ ..... තාත්තා වගේ නැතයි ලැබෙන දරුපැටියත් ඉතින් එහෙම කිව්වම නරකද..... පවන්ද සිනහ විය.....



පුතේ......... ඇග සොදන් එන්නකෝ එහෙනම්.... මම තේ ටිකක් ලැස්ති කරන්නම්.... අනේ මන්දා මේ දරුවට මේ ගම්වල වතුර හුරුදු මන්දා..... හවස් වෙලා නිසා වතුර සිතලත් ඇති.....  ප්‍රර්ථනාගේ මව පවන්ගෙන් ඇසීය....

කමක් නෑ අම්මේ ..... මට ඕවා ගානක් නෑ.... කොහොමත් සිතල වතුර ටිකකින් ඇග සොද ගන්න පුළුවන් නම් කොච්චර හොදද... මම එහෙනම් ළිදට ගිහින් ඇග සොදන් එන්නම්... ප්‍රර්ථනා ඔයත් එනවද?

කමක් නෑ පවන් ඔයා යන්න...... මම තව ටිකකින් එන්නම්..... ප්‍රර්ථනා පවන්ව ළිද වෙත එක්ක ගොසින් නැවතත් ගේ තුළට පැමිණියේය.... ප්‍රර්ථනාගේ මව වතුර උණු කරමින් කුස්සියේ සිටියේය.. ප්‍රර්ථනාද කුස්සිය වෙත ගොස් මව සමග කතා බහට වැටුණේය...

මල්ලි කතා කලේ නැද්ද අම්මේ....... ප්‍රර්ථනා මවගෙන් විමසීය...

පෙ‍රේදා හැන්දෑවේ කතා කළා දරුවෝ....... කෝ ඒ ළමයටත් නිවාඩුවක් නෑ කියන්නේ... ගෙදරවත් ඇවිත් යන්න.... අක්කා ගෙදර ඇවිත් ගියාද කියලා ඇහුවා.....

මටත් දැන් සති 2 තුනකට උඩදි කතා කළා අම්මේ.... පවන්ගෙන් මොනවද බිස්නස් වගයක් අහගන්න කියලා.... මගෙන ඇහුවා ගෙදර ගියේ නැද්ද කියලා.... අම්මා අසනීපවෙලා හිටිය කියලා කිව්වා....
අනේ.... දරුවෝ මහ අසනීපයක් නෙමෙයි.... මේ තුනටියේ අමාරුව තමයි ටිකක් තිබුණේ... උඹලගේ නැන්දා එක්ක මම ගිහින් බෙහෙත් ටිකක් අරන් ආවා... අනේ එකී තමයි ගෙදර හැම වැඩක්ම කරලා දීලා තමයි හවසට ගෙදර ගියේ...

නැන්දලාගේ ඉඩම් ප්‍රශ්ණයක් තිබුණා නේද? අම්මේ දැන් එක හරිද.... පොඩි මාමත් ඒ ගැන තමයි හැම වෙලේම කිය කිය උන්නේ.....

අනේ දරුවෝ... තාමත් ඔය නඩු හබ ඉවරක් නෑ.... තාමත් එහෙමම තමයි... අනික ඕව්වා කවදාවත් ඉවර වෙන ප්‍රශ්න නෙමෙයි නේ.... උන්දෑට ප්‍රශ්ණ බේරන්න මතක් වෙන්නේ කටට ගිණි වතුර දාගත්තම තමයි.... 

කල්පනා ආවේ නැද්ද අම්මේ...... ප්‍රර්ථනා මවගෙන් ඇසීය...

කසාදේ දවසේ ඇවිල්ලා ගියාට පස්සේ එක සැරයක් ඇවිත් ගියාද කොහිද.... ඊට පස්සේ නම් දැක්කේ නෑ.... දැන් මෙහේ නෙමෙයි නේ ගාල්ලෙන් ගෙවල් අරන් ගිහින් කියන්නේ... මහ උන්දෑල විතරයිනේ මෙහේ ඉන්නේ.... එකිත් දැන් පෙළවක් කරගෙන කියලා රට්ටු කියන්නේ....

කවුද අම්මේ ඒ........ මම දන්නේ නෑ නේ.... කල්පනා මට කොල් එකක්වත් දුන්නේ නෑ.... වෙඩින් එක දවසේ සිද්ද වුණු ප්‍රශ්නෙන් පස්සේ කොහොමත් වැඩිය හිත හොදකින් නෙමෙයි හිටියේ....

අනේ මන්දා දරුවෝ දැන් ඔය යට ගිය ප්‍රශ්ණ ඇදලා පවුල් ජිවිතේ කඩා කප්පල් කර ගන්නේ නැතිව හිටහන්.......  ප්‍රර්ථනාගේ මව තේ සාදන ගමන් කිහ.

ප්‍රර්ථනා  අසල තිබු බිස්කට් බන්දේසීයෙන් බිස්කට් එකක් රැගෙන කුස්සියෙන් එළියට යන්නට ගියේ.... අම්මේ මම ලිදට ගිහින් ඇග සොදන් එන්නම්..... 

හොදයි දරුවෝ....... මේ හවස් ජාමේ නාන්න එපා.....

ප්‍රර්ථනා බිස්කට් එකත් කනින් ගමන් ළිද පැත්තට ගියේය... ආ සුදු මැණිකේ දැන්ද අපිව මතක් වුනේ..... පවන් සිනහ සෙමින් ප්‍රර්ථනාට පැවසීය....

පවන් බිස්කට් කැල්ලක් ඕනිද? 

එපා....... ප්‍රර්ථනා ඔයා කන්න.... ප්‍රර්ථනා ඔයා ඇග සෝදනවද?

ඔව් පවන් දාඩියත් එක්ක... ඉන්න එහෙනම් මම වතුර ඇදලා දෙන්නම්.... පවන් ප්‍රර්ථනා දෙස බලා කිවේය...

එපා පවන් කමක් නෑ මම වතුර ඇද ගන්නම්.... අනික ඔයාට ඕවා පුරුදුත් නෑ පවන්.... මම වතුර ටික ගන්නම්...  

ඇයි දෙයියනේ ළිදෙන් වතුර එකක් අදින එකටත් දැන් ටියුෂන් යන්න ඕනිද ප්‍රර්ථනා.... පවන් සිනහ සෙමින් කිවේය... පවන්ගේ කතාවට ප්‍රර්ථනාටද සිනහ ගියේය.. හරි හරි ඔයා එක්ක ඉතින් කතා කරලා බේරෙන්න බෑනේ ... එහෙනම් වතුර ඇදලා දෙන්න කෝ... ප්‍රර්ථනා සිනහසෙමින් කිවේය.....

දරුවෝ...... තේ නිවෙනවා ඉක්මණට එන්න..... ප්‍රර්ථනාගේ මව පවන්ටත් ප්‍රර්ථනාටත් කතා කළේය....

හරි අම්මේ........ අපි එන්නම්..... ප්‍රර්ථනා කිහ.

 

No comments:

Post a Comment

Twitter Bird Gadget