Sunday, July 3, 2011

සාගරේ තරම් - අටවෙනි කොටස


හැමදාම වගේ සාගරයි ප්‍රර්ථනයි නිවාඩු දවස ගත කරන්න ගියේ මුහුදු වෙරළට... දෙන්නා එක්ක කතා කර කර ඉදලා එක සැරේටම සාගර නිහඩවුණා....  ටිකක් ඇත හිටිය ලස්සන ගැණු ළමයෙක් සාගර එක්ක හිනා වුණා සාගරත් හිනා වුණා...  කරුමෙක මහත කියන්නේ ප්‍රර්ථනා ඒක දැක්කා....

මොකද?
ඇයි?
හොරට හිනා වෙන්නේ.....
නෑ....
නෑ.... තමයි...  කොහේද බලන් හිටියේ,
කොහේවත් නෑ.....
කොහෙවත් නෑ... හ්ම්..... මං දැක්කේ නෑ කියලද හිතුවේ....
මොනවද ප්‍රර්ථනා....
මොනවද.....  හප්පේ කැකිරි ගෙඩිය වගේ හිනාව මෙතන,
කාගේද?
අර ලොම්බිගේ.....
සාගරට ප්‍රර්ථනාගේ කතාවට සිනහ ගි‍යේය...  කාගේ.....
අර අතන ඉන්න අම්මන්ඩි....
කෝ... කවුද ප්‍රර්ථනා.....
අර අතන ඉන්නේ, තාප්පේ ළග
අර... ඩෙනිමක් ඇදලා ඉන්නේ එයාද?
ඔව්.... ඒ අම්මන්ඩි තමයි,
අපෝ... ප්‍රර්ථනා ඇස් පෙන්නේ නැද්ද... ඒ පුංචි ලස්සන කෙල්ලෙක්නේ,
ඒක තමයි කියන්නේ සාගර, ප්‍රර්ථනා තරහෙන් යුතුව පැවසිය......
ඉතින් එහෙනම් අම්මන්ඩි කිවුවේ ඇයි සාගර ප්‍රර්ථනාගෙන් ඇසිය.
බලන්නේ මොකද එහෙනම්......
ලස්සන නිසානේ ප්‍රර්ථනා,
ඇයි මං කැතද? ප්‍රර්ථනා සාගරනේ ඇසිය...
සාගරට සිනහ ගියේය.... ඔයාව ඉතින් කොයි වෙලාවේ බලා ගන්න බැරිද ප්‍රර්ථනා...
ප්‍රර්ථනාට හොදටම තරහ ගියේය.... සාගරට එය වැටහිණි...
මේ... ප්‍රර්ථනා
ඕනි නෑ...........
ඉතින් මේ අහන්නකෝ.........
එපා...........
මාව....................
ඔව්.....
ඒ තරම් තරහ වෙලාද ඔයා,
මොකටද මං ඉදෙද්දි එක එක එවුන් දිහා බලන්නේ....
ඉතින් ප්‍රර්ථනා ඔයත් බලන්නේ...... සාගර ප්‍රර්ථනාට කිවේය......
කොහේද..... සාගර
අර... අර.... මනුස්සයා දිහා,
කෝ............
අර අතන ඉන්නේ,
ඊයා සාගර......... ඔයාට මං........
උයි....... එයි රිදෙනවා ප්‍රර්ථනා උයි...... උයි........ප්‍රර්ථනා.....



සාගරට තනියම සිනහගියේය.... ඇස් වල කදුළු කැටද පිරි තිබුණාය.
මං කොහොමද තව දුක් විදින්නේ,
අපි හම්බ උනානම් ජිවිතේ කොච්චර ලස්සනද
බලන්න මේ පාළුවෙන් ගෙවන දවස්....
අපි එකට උන්නා නම් අපිට මොනතරම් දේවල් කතා කරන්න තිබ්බද.... සාගර සිතන්න විය. මෙතරම් කාලයක් ගත වුණත් සාගරට තමන්ගේ මතකය අත්හැරිමට නොහැකි විය.

සාගර..... අපි දැන් ගෙදර යමු නේද?
හ්ම්..... යමු
මුහුදු වෙරළට එන හැම වාරයක් ගානේම සාගර ඔයාගේ ඇස් වල කදුළු.... තාම හිතන්නේ සුදු මැණිකේ ගැන නේද? සාගරට සිනහ ගියේය.
ඔයා කොහමද දන්නේ සුදු මැණිකේ කියන නම,
මම දන්නේද... හ්ම්... දවසක් ප්‍රර්ථනා කිවුවේ මට සාගර....
අපි යමු නේද? දැන් හවස් වෙලා,  අපි ඩිනර් එක රෙස්ටුරන්ට් එකකින් ගමුද? ගොඩ දවසකින් රෙස්ටුරන්ට් එකකට ගියෙත් නැනේ... සාගර කිවේය.

පවන්... අද මොකද පරක්කු වුනේ... කොල් කලාම ෆෝන් එක ආන්සර් කරන්න දන්නේ නැද්ද? මං කොච්චර බය වුණාද... අනික මේ දවස් වල වැස්ස නිසා මෙහේ පාරවල් ගැන විස්වසයක් නෑ... ටිකක් වේලාසන ගෙදර එන්න දන්නේ නැද්ද.... ප්‍රර්ථනා කියව ගෙන ගියේ පවන්ට කිසිවක් කිමට අවස්ථාවක් නොදෙමින්ය.

හ්ම්....... කියලා ඉවරද? පවන් සිනහසෙමින් කිවේය.
ප්‍රර්ථනාටද සිනහ ගියේය.
අද ටිකක් වැඩ තිබුණා ප්‍රර්ථනා එකයි.... ඇයි ෆොන් එක ආන්සර් කළේ නැත්තේ.. ඉතින් දරුවෝ කාර් එක ඩ්‍රයිව් කරන ගමන් ෆොන් එකට ආන්සර් කරන්න එපා කියලා ඔයාමනේ මට බනින්නේ....

ප්‍රර්ථනා අම්මා පෙන්න නැත්තේ මොකද?
පවන් ..... අම්මා අනුරාධපුරේ ගියා... පන්සලේ පිං කමට කියලා.. දවස් දෙක තුනක් විතර යනවා කිවුවා අයේ එන්න... අම්මා හැදුවේ නොගිහින් ඉන්න කියලා.... අයේ පවන් කෑගහයි කියලා තමයි ගියේ...

පවන් ප්‍රර්ථනා සමග සිනහ වි ගේ තුළට ගියේය. පවන් තේ එකක් හදන්නද? ප්‍රර්ථනා පවන්ගෙන් ඇසුවේය..
හා.... මං වොෂ් එකක් දාගෙන සුටුස් ගාලා එන්නම්... පවන් මේ දැන් නාන්න එපා වතුර සීතලයි.... ආයේ බෙහෙත් ගන්න යන්න වෙයි. ප්‍රර්ථනා කුස්සියට යන ගමන් කිවේය.

ප්‍රර්ථනා රැට කෑම අරන් එන්නද මං කඩෙන්, ඔයාට දැන් උයන්නත් බෑනේ... අම්මත් නැති එකේ, පවන් ප්‍රර්ථනා‍ගෙන් ඇසුවේය.
මම වේලාසනින්ම උයලා ඉවර කළා පවන්..... ආ මෙන්න.... ප්‍රර්ථනා පවන්ට තේ කොප්පය දුන්නේය. පවන් තේ කොප්පය ස්ටුල් එක මත තබා ප්‍රර්ථනාගේ අතින් ඇද තමන් වාඩි වි සැටියෙහි ළගින් වාඩි කර ගත්තේය.
පවන් මේ එහාට යනවා.... තාත්තා කෙනෙක් ඔහොමද හැසිරෙන්නේ... දැන් එවත් පුරුදු කරන්න වෙලා වගේ, ප්‍රර්ථනා සිනහ වි කිවේය.
පවන් සිනහ ගියේය. දැන් කොහොමද ප්‍රර්ථනා ඔයාට....  අපේ අම්මා කොල් කලාද? මට අද කතා කරලා කිව්වු ගෙත් එක්ක පාළුයි කියලා... අම්මවත් එක්කන් එහේ එන්න කියලා....

මටත් උදේ අම්මා කතා කළා පවන්... මටත් කිව්වේ... අපේ අම්මවත් එක්කන් කොළඹ එන්න කියලා චුටි නංගි විතරයි ගෙදර ඉන්නේ පාළුයි කියලා තමයි අම්මා කියන්නේ...

අපි අම්මා අනුරාධපුරේ ඉදන් ආවහම කොළඹ යමු. අනික පොඩි මල්ලි හැමදාම ගෙදර එන්නේ නෑනේ, එයා ආවොත් කොළඹ ගෙදර එන්න කියලා කියමු. අනික ප්‍රර්ථනා ඔයාට දැන් මහන්සිවෙලා වැඩ කරන්න හොද නෑ... අම්මට කියලා දැන් වැඩ කරන්න ශක්තියක් නෑනේ, අපි එක නිසා කොළඹ ගෙදර යමු.... පවන් ප්‍රර්ථනාට කිවේය.

හොදයි පවන්, අපි අම්මා එක්ක කතා කරලා බලමු

No comments:

Post a Comment

Twitter Bird Gadget