Wednesday, July 27, 2011

ඉටු නොවෙනා ප්‍රර්ථනාවකට පෙම් බැදි ඔවුන්ගේ ආදර කතාව

සාගරේ තරම් | 09 කොටස

කල්පනා.... කල්පනා..... කෝ මගේ රතු ටයි එක, එක අල්මාරියේ නෑනේ...
ඉන්න ගයාන් මේ එනවා....
මොනවද ළමයේ මෙච්චර වෙලා කළේ... කි සැරයක් කතා කලාද... ගයාන් මම කුස්සියේ හිටියේ, මොකද කියන්න කතා කළේ...
කෝ.. මගේ රතු ටයි එක... එක නෑනේ....
කෝ... ඔයා ඔතනින් අයින් වෙන්න, ගයාන් ඇදුම් අල්මාරිය ළගින් ඉවතට ගියේය. මේ තියෙන්නේ ගයාන්... බොරුවට කෑ ගහනවා... කල්පනා සිනහ ‍සෙමින් කීවේය.. අනේ කල්පනා අද නම් හොදටම පරක්කු වුණා... මං ගිහින් එන්නම්... ඔයාට මොනව හරි ගෙන්න තියෙද? ගයාන් කල්පනාගෙන් ඇසිය,
හ්ම්.... නෑ ගයාන් මොකුත් ඕනි නෑ.... මොනව හරි ඕනි උනොත් මං පුංචි අච්චිව යවලා කඩෙන් ගෙන්න ගන්නම්...
මතකනේ, ඩොක්ට කිවුවා... මහන්සි වෙන්න එපා කියලා... මොනව හරි ඕන උනොත් මට කොල් එකක් දෙන්නකෝ... හරිද? ගයාන් කල්පනාගේ හිස සිඹිමින් කිවේය..
මං ගිහින් එන්නම්....
මේ ගයාන්..... ඇයි කල්පනා? කෑම එක ගෙනියන්නේ නැද්ද... ඉන්න මම අරන් එන්නම්, කල්පනා කුස්සේ තිබු ගයාන්ගේ කෑම භාජනය රැගෙන ආවේය...
ආ... මෙන්න, පරිස්සමෙන් ගිහින් එන්න, තෙරුවන් සරණයි! කල්පනා ගයාන්ට කෑම භාජනය දෙමින් පැවසීය..
ගයාන් සිනහවෙමින් කෑම පාර්සලයත් රැගෙන ගි‍යේය...
පුංචි ආච්චි.... ගයාන් මහත්තයා ඔෆිස් ගියා... ගේට්ටුව වහලා එන්න.. කල්පනා කුස්‍සියේ සිටි මෙහෙකාරිය ඇමතීය,
හරි... බබා මේ එනවා....


පුංචි ආච්චි... මං ටවුන් එකට යනවා.... ලොකු මහත්තයට මං කිව්වේ නෑ... කිව්ව නම් ඉතින් අදත් වැඩට යන්නේ නෑනේ... ලොකු මහත්තයා කොල් කරොත් කියන්න මං බාත් රුම් එකේ පස්සේ ගන්න කිව්වා කියලා...
අනේ බබා... ලොකු මහත්තයා දැන ගත්තොත් මටත් විසුමක් නැති වෙයි....
පුංචි ආච්චි බය නොවි ඉන්න කෝ.. මං ඉක්මණට එන්නම්....
මාත් එන්නද බේබි.... මෙහෙකාරිය කල්පනා කෙරෙහි දැක්වුයේ... තම මව දරුවෙකුට දක්වන සෙනෙහසට නොඅඩු සෙනෙහසමය... ඇය සෑම විටම කල්පනා ගැන මෙන්ම ගයාන් ගැන දරුවන් දෙදෙනකු මෙන් සොයා බැලිය... කුඩා කාලයේ සිටම ගයාන් හැදුනේ... පුංචි අච්චි නොහොත්.. මෙහෙකාරිය ළගය, එම නිසා ගයාන් ඇයව ආමන්ත්‍රණය කළේ පුංචි ආච්චි ලෙසය...
කමක් නෑ... පුංචි ආච්චි... මම ඉක්මණට ගිහින් එන්නම් කෝ..... කල්පනා එලෙස කියමින් කාමරය වෙත ගියේය,

සාගර.......

කල්පනා සාගර ඈත මුහුදු තිරය දෙස බලා ගෙන ඉන්නවා බස් රියෙහි ‍ කවුළුවෙන් දුටු වේය,
සාගර.. සාගර මොනවද මෙහේ කරන්නේ... කල්පනාටම එය ප්‍රශ්ණයක් විය,
එවෙලෙහිම කල්පනාට කිසියම් දෙයක් මතකයට නැගිනි.. ඒ සාගර කල්පනාට අවසන් වරට ගත්  දුරකථන ඇමතුමය..

හෙලෝ......
මොකද සාගර වෙලා තියෙන්නේ,
කවුද මේ කතා කරන්නේ... සාගරට දුරකථනයෙන් තමා සමග කතා කරන්නේ කවුද යන්න හදුනා ගැනිමට නොහැකි විය..
මේ... මම කල්පනා,
ආ... කල්පනා.. උවමනාවක්ද?
හා.... මෙයා බලපල්ලකෝ දැන්,
ඇයි.. කල්පනා
ඇයි බං අපි උවමනා වලට විතරද කතා කරන්නේ... කල්පනා කෙන්තියෙන් යුතුව ඇසීය.
නෑ... නෑ... නෑ... මම මේ වැඩක ඉන්නේ,
ඉතින් මට මොකද ...
මේ... කල්පනා මං තියන්නද? සාගර කතා කළේ කැමත්තකින් නොවන බව කල්පනාට තේරුම් ගියේය.
එපා.. සාගර, පොඩ්ඩක් ඉන්නවා...
මං මේ බැලුවේ මොකද තමුසේ සද්දයක් නැත්තේ කියලා, කල්පනා එලෙස ඇසුවේ... ඇසිමට කිසිවක් නොමැති හෙයින් බව සාගරට වැටහිණි,
සාගර... කට කොනකින් සිනහ විය,
තව මොන සද්දද කල්පනා... මම මේ... සද්ද නොකරම යන්න කියලා හදන්නේ,
යන්න... කොහේ යන්නද? කල්පනාට කිසිවක් තේරුම් ගත නොහැකිවිය...
මං මෙහෙන් යනවා කල්පනා.....
මොකක්....
ඔව්... මං නුවර... දාලා යන්නවා කල්පනා,
ආපහු මේ පැත්තකවත් එන්නේ නෑ...
සාගර... සාගර... සාගර...
කල්පනා.... කරුණාකරලා මගේ හිත වෙනස් කරන්න උත්සාහ කරන්න එපා, එක කවදාවත් වෙන වැඩක් නෙමෙයි... තේරුම් ගන්න.... අනික කල්පනා මට ඉන්න කියන්න දැන් කෙනෙක් නෑනේ... සාගර කටට ආ වචන කිහිපය එක හුස්මට පිට කළේය...
අනික... මට දැන් මෙහේ ඉන්න හේතුවකුත් නෑ... මං යනවා කල්පනා... මං යනවා.... සාගර අවසන් වචන ටික පිට කළේ දුකකින් බව කල්පනාට වැටහිණි.
කල්පනාට සාගර සිටි තත්ත්වය තේරුම් ගැනිමට හැකි විය... ප්‍රර්ථනා හා සාගර අතර තිබු  ආදරය.. ඒ බැදිම ගැන කල්පනා තරම් දන්න කිසිවෙකු නොසිටි නිසාය, කල්පනා රිසිවරය කනේ තබා ගෙන ටික මොහොතක් නිහඩව සිටියේය...

කල්පනා.... හෙලෝ....
කල්පනාගේ කිසිදු ප්‍රතිචාරයක් නොමැති නිසා සාගර රිසිවරය තැබිමට යන විට නැවතත් කල්පනා කතා කළේය.

පොඩ්ඩක් ඉවසලා ඉන්නවකෝ....
සාගර කල්පනාගේ කතාවට සිනහ විය.... තව මොනවා කියලා ඉවසන්නද කල්පනා,
කිවුවම අහන්නකෝ අනේ,
කල්පනා දැන් ප්‍රර්ථනාගෙන් මට ආදරයක් තියෙනවාද?
හරි... හරි... එක ඇත්ත වෙන්න පුළුවන් සාගර.. එත්... කල්පනාට කිසිවක් කතා කිරිමට නොහැකි විය, ඇය කිසිවක් කිවේ නැත...
එත්.... එත්.. කියන්නේ මොනවද කල්පනා, කියන්න... එත්.. කියන්නේ මොකක්ද ?
නෑ.... සාගර.. ගිය යකා ගියාවේ... අඩුම තරමේ ඔයා ඔයාගේ ගැන වත් හිතන්න, කල්පනා කටට ආ වචන කිහිපය කිසිදු තැකිමකින් තොරව කිවේය..
සාගර දිගු හුස්මක් හෙලුවේය.... හ්ම්..... ඔව් කල්පනා... ඒ ගැන හිතලා තමයි මම... මේ තිරණය ගත්තේ, මට මෙහේ හිටියොත් මැරෙන්න හිතෙයි...
හ්ම්.... අනේ මන්දා සාගර... ඔයා, ඔයගේ ජිවිතේ ගැන හිතලා හරි තිරණයක් ගන්න....

කල්පනා බස් රථය නවත්තා... එයින් බැස  වීදිය දිගේ සාගර සිටි තැනට ගියේය.
සාගර..... කල්පනා සාගරට කතා කළේය,
ක..ල්..ප..නා.... ඔයා... කල්පනා ඔයා මොනවද මෙහේ කරන්නේ, මමත් එක තමයි සාගර අහන්නේ ඔයා මොනවද මෙහේ කරන්නේ,
ක..ල්..ප..නා.. මම  මේ... සාගරට කතා කිරිමට පවා නොහැකි විය, සාගර සිටියේ මහත් අපහසුතාවයකින් වග කල්පනාට වැටහිණි, කල්පනා වැඩි දුර හාර අවිස්සිමට ගියේ නැත...

මම රුහුණු විශ්ව විද්‍යාලේ ලෙක්චර් කෙනෙක් විදියට වැඩ කරනවා කල්පනා...
මොනවා.... සාගර... කල්පනාට සිතා ගැනිමට නොහැකි විය... එහෙනම් සාගර ඔයා ඔයාගේ හිනේ ඇත්තක් කර ගත්තා නේද?
නෑ... කල්පනා... මගේ හීන සේරම මේ මුහුදු සුළගත් එක්කම ගහගෙන ගියා, සාගර ඒ වචන ටික කිවුවේ.. මුහුදු වෙරළ දිහා බලමින්ය.
කල්පනා... ඔයා මේ... කල්පනා එහෙනම් ඔයත්... දැන් අම්ම කෙනෙක් වෙන්න යන්නේ, සාගර කල්පනා දෙස බලමින් සිනහසෙමින් කිවේය,
කල්පනා සාගර දෙස බලා සිනහ විය... සාගර ඔයා නම් පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ සාගර.. වෙනදා වගේම තමයි,
ඔව්.... කල්පනා මම එදා වගේම තමයි... තාමත් එදා ඉදිය සාගරම තමයි.. සාගර එය කිවේ සියළු බලාපොරොත්තු සුන් වි ගිය.. ජිවිතේ අන්ත අසරණ තත්ත්වයට පත් වු පුද්ගලයකුගේ ස්වරයෙනි...
සාගර... තාමත් ඔයා....
ඔව් .... කල්පනා තාමත් මම හිතන්නේ ප්‍රර්ථනා ගැනම තමයි... මම දන්නවා කල්පනා මම කරන්නේ වැරද්දක් කියලා එත්... මට බෑ කල්පනා මගේ ජිවිතේ මතකයන් මරලා දාන්න... මම එහෙම කරන්න උත්සාහ කරන වාරයක් පාසා මටමයි වේදනාව...
හ්ම්.... මම දන්නවා සාගර,
කල්පනා.... දැන් ප්‍රර්ථනා.... සාගර ඒ වචන කිහිපය කල්පනාගෙන් ඇසුවේ බිම බලාගෙනය,
සාගර... ප්‍රර්ථනා දැන් අම්ම කෙනෙක්...
මොනවා... ප්‍රර්ථනා අම්ම කෙනෙක්... සාගරට සිතා ගැනිමට නොහැකි විය.. සාගරගේ මුහුණ සතුටින් රතුවි ගියේය...
සාගර... ඔයා නම් පුදුමාකර කොල්ලෙක් සාගර... ඇත්තටම මට ඔයා ගැන ගොඩක් සතුටුයි සාගර... ඔයා දන්නවද ආදරය කියලා කියන්නේ එකතු වෙන එක විතරක් නෙමෙයි.. ඔයා අද එක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා සාගර.. ඔයාට කවදාවත් වරදින්නේ නෑ සාගර...
මට තව මොනවා කියලා වරදින්නද කල්පනා.... ජිවිතේ මට වැදින්න ඕනි ලොකුම තැනදි මට වැරදුණා... අදටත් මම ඒ වැරැද්දට විදවනවා ... කල්පනා... අදටත් මම විදවනවා,

සාගර... මම එහෙනම් යනවා... මෙන්න මගේ නම්බර් එක ඔයාට නිවාඩු වෙලාවක ඇවිත් යන්න අපේ ගෙදරත්... ගයාන්වත් මුණ ගැහිලා යන්න පුළුවන්නේ...
හොදයි... කල්පනා, මම වෙලාවක ඇවිත් යන්න එන්නම් කෝ...


මගේ සිහින වල නුඹ හිදි....
නුඹේ සිහින වල මා හිදී....
ඒ පියවි ලෝකය නෙමෙයි සුහදිණියේ,

අම්මේ.... අද ක්ලිනික් යන්න තියෙනවා... මං පවන්ට කිව්වේ නෑ.. අම්මේ හැමදාම එයාට කරදර කරන්න බෑනේ, ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහිලා... අපි දවල් වෙන්න ගිහින් එමු නේද අම්මේ... ප්‍රර්ථනා මවට කිහ,
හොදයි පුතේ... දවල් වෙන්න කලියෙන් ගිහින් එමු, අව්කාෂ්ටකේ යන්න බෑ... එහෙනම් මම ලැස්තිවෙන්නම්... හොදයි අම්මේ... එහෙනම් දවල් වෙන්න කලියෙන් ගිහින් එමු.

හෙලෝ... පවන්,
කියන්න ප්‍රර්ථනා.. ඇයි හදිසියේම,
නෑ පවන්... හදිසියක් නෙමෙයි, මම අම්මත් එක්ක ක්ලිනික් එකට ගිහින් එන්නම්...
ඇයි ප්‍රර්ථනා හදිසියේම... ඔයාට අද ක්ලිනික් යන්න තියෙන දවසද ‍? ඇයි දරුවෝ නිකමටවත් මට මතක් කළේ නැත්තේ, අනික මේ අව්වේ... අනේ මන්දා ප්‍රර්ථනා ඔයා නම්.... පවන් කෙන්තියෙන්මෙන් පැවසීය..
ඉතින්... පවන් ඔයාට වැඩ ගොඩ ගැහිලා, එහෙන් එකවුන්ට් වල ප්‍රශ්ණ කියලා.. අම්මා කතා කරලා කියනවා.. වැඩ ඔක්කෝම එකට පටවල ගන්න බෑනේ... එකයි මම කිව්වේ නැත්තේ...
කෙල්ල එහෙනම් මම ගැනත් හිතනවා නේද? පවන් සිනහ සෙමින් කිවේය... ප්‍රර්ථනාටද පවන්ගේ කතාවට සිනහ ගියේය.. ප්‍රර්ථනා එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න... ඇවිත් කොල් එකක් දෙන්න...

අම්මේ.... අර කල්පනාලගේ අම්මා....
ප්‍රර්ථනා ඈතින් සිටි කල්පනාගේ මව දැක ඇයට පෙන් විය,
යමු... දරුවෝ, ආව වැඩේ කර ගන්න.. ප්‍රර්ථනාගේ මව තරහින් යුතුව ඇයව ඇමතීය...
අම්මේ... අපි ටිකක් කතා කරලා එමුද? ළමයෝ පිස්සුද වෙච්ච වින්නැහිය මදිද... තවත් ප්‍රශ්ණ ඇති කරන්න එපා... උඹ දැන් කසාද බැදපු ගැණියෙක්... අනික දරුවෙක් ලැබෙන්න ඉන්නේ... දෙයියන්ගේ නාමෙන් දැන්වත් ජිවිතේ කාල කණ්නි කරගන්නේ නැතිව ඉන්න උත්සාහ කරපන්... ප්‍රර්ථනාගේ මව නිමක් නොමැතිව කියවගෙන ගිය වචන ප්‍රර්ථනාව අසරණ කළේය.. ඇයගේ ඇස් වලින් කදුළු කැට මතුවිය... ප්‍රර්ථනා කිසිවක් නොකිය.. ඇයගේ මවත් සමග ඉදිරියට ගියේය...

ප්‍රර්ථනා .... එන්න... කොහොමද ඉතින්... මට දැන් මිස්ට සුරියබණ්ඩාර කතා කළා.. එයා කිව්වා ඔයා අද එනවා කියලා... ඉතින් ප්‍රර්ථනා දැන්... කොහොමද ඔයාට.... ඔයාට දැන් දින හරි ප්‍රර්ථනා ඔයා මේ දවස් වල ටිකක් කල්පනාවෙන් ප්‍රවේසමෙන් තමයි ඉන්න ඕනි...
අම්මා ඉන්නවනේ ඩොක්ට එක නිසා බය වෙන්න දෙයක් නෑ.... ප්‍රර්ථනා සිනහමුසු මුහුණින් වෛද්‍යවරිය ඇමතීය...
මේ බෙහෙත් ටික ගන්න ප්‍රර්ථනා... හදිසියක් වුනොත්.. මට කොල් එකක් දෙන්නකෝ,
හොදයි ඩොක්ට... මම එහෙනම් ගිහින් එන්නම්...

අම්මේ... අපි යමු නේද? ප්‍රර්ථනාගේ මවට එය ඇසුනේ නැත, ඇය කිසියම් දෙයක් පිළිබදව බර කල්පනාවක සිටි බව ප්‍රර්ථනාට වැටහිණි.
අම්මේ... මොකද? මොනවද ඔය තරමට කල්පනා කරන්නේ...
ආ.... පුතේ, මොනවද දොස්තර නොනා කිව්වේ, මොකුත් විශේෂ දෙයක් නෑ අම්මේ... පවන් කතා කරලා කියලා අපි එනවා කියලා....
දැන් දින හරි කියල තමයි කියන්නේ.... හොස්ල්‍පිටල් නතර වුනොත් හොදයි කියලා තමයි ඩොක්ට කියන්නේ... පවන්ට කතා කරලා කියන්නම් කිවුවා අම්මේ විස්තර... අපි යමු නේද?
හොදයි දරුවෝ.... එහෙනම් යමු...

පවන්..... මොකද අද වේලසනින්ම....
අද ඉක්මණට වැඩ ටික ඉවර කලා ප්‍රර්ථනා... මම එනින් ගමන් ඩොක්ටවත් මුණ ගැහිලා ආවේ... පවන් ප්‍රර්ථනා දෙස බලමින් සිනහසෙමි පැවසීය,
ආ.... මෙන්න, පවන් අත තිබු කඩදාසි බෑගය ප්‍රර්ථනා වෙත දිගු කළේය..
මොනවද පවන් මේ,
බලන්නකෝ මොනවද කියලා, ප්‍රර්ථනා බෑගය විවෘත කර බැලුවේය... එහි රන්වන් පැහැති දෙළුම් ගෙඩි කිහිපයක් විය.
පවන්..... මම ඔයාට කියන්න ඉදියේ පවන්, ප්‍රර්ථනා සිනහ වෙමින් කිවේය,
අනේ මේ... ප්‍රර්ථනා කතා කරන්න එපා ඒ ගැන නම්... ඔයා ඉතින් හැමදාම කියනවනේ... මම ගෙනත් දුන්නෙත් දෙයක් කනවා ඇරෙන්න කවදාවත් කටක් ඇරලා ඉල්ලනවද?
ප්‍රර්ථනාට පවන්ගේ කතාවට සිනහ ගියේය, ප්‍රර්ථනා මම නාගෙන එන්නම්...
හොදයි පවන්... මම තේ එකක් හදන්නම්, නාගෙන එන්න...ආ පවන් ඔයාට ලිදෙන් තමයි අද නාන්න වෙන්නේ බාත් රුම් එකේ වතුර නෑ.... ටැප් ලයින් එක මොනාද වෙලා..
ෂික්... මේ හවස සිතලේ නාන්න ගියාම ළිදෙන්.... අනේ ප්‍රර්ථනා මතක් වෙන කොටත් හිරිගඩු පිපෙනවා... ප්‍රර්ථනා දෙස බලමින් පවන් සිනහ සෙමින් කිවේය...
මම කොල් එකක් දුන්න පවන්, එයාලා කිව්වා හෙට උදෙන්ම ඇවිත් හදන්නම් කියලා, දැන් ඉතින් ළිදෙන් හරි නාගෙන එන්න .... හරිද?
ප්‍රර්ථනා ඔයත් එන්නකෝ.... මට තනියම යන්න කම්මැළි... පවන් සිනහසෙමින් කිවේය,
මෙන්න වැඩක්.... මේ පවන් දැන් ඔයා තාත්ත කෙනෙක් හරිද? ප්‍රර්ථනා සිනහ සෙමින් කිවේය... පවන්ද ඇයගේ කතාවට සිනහ ගියේය,
හොදයි... හොදයි.... එහෙනම් මම ගිහින් එන්නම්, පවන් ප්‍රර්ථනා දෙස නොබලා බොරු තරහකින් යුතුව පැවසීය..
හොදයි... අපේ මහත්තයා.. එහෙනම් යමු... ප්‍රර්ථනා සිනහ සෙමින් කිවේය...
පවන් ප්‍රර්ථනාව තුරුළු කර ගෙන ඇයව සීප ගත්තේය...



අම්මේ.... මම පවන් එක්ක ළිද ළගට ගිහින් එන්නම්.... කුස්සියේ රාත්‍රි ආහර පිළියෙල කරමින් සිටි අම්මාට ප්‍රර්ථනා කිවේය,
හොදයි දරුවෝ... රැ බෝවෙන්න කලියෙන් එන්න...
හොදයි අම්මේ.......

No comments:

Post a Comment

Twitter Bird Gadget