Sunday, July 31, 2011

|ශකුවිගේ පාරමිතාව|

ආදරයේ පරාජිත දුටු සතුටු මල......



නියගය දැඩිය. අවසාන වැස්ස ඇද හැලුනේ මිට දෙසතියකට පමණ කලිනි. ගිණියම් හිරු රුස පොළොවෙහි සියලු තෙත අරගෙන ගොසිනි. ගස් මළානිකය. වතුර බිංදුවක් ලැබෙන තුරු අතු ඉති අකුලාගෙන ගස් වැල් බලා හිදි ඔබ දකින්නට පාරමී පුරන මා මෙන්ම ඒ ගස්ද අසරණය මට පිළිසරණක් විය යුතු යැයි මට සිතිණි. මම වතුර බාල්දි දෙකක් පුරවාගෙන මිදුලේ මල් ගස් ටික නැහැව්වෙමි. ඇන්තුරියම් ගස් ගොන්න බෝලිද්ද ගහ, ගාර්ඩිනියා ගහ බලා සිටියදි මෙන් ප්‍රාණවත් විය. නුවර පිච්ච වැලත් තවමත් වතුර ඉල්ලා බලා සිටි. මම තවත් වතුර බාල්දි දෙකක් පුරවාගෙන පිච්ච මල් වැල වෙත ගියෙමි. ඒ මල් වැල් දෙකට වතුර දැමු පසු එක් පනිට්ටුවක අඩක් පමණ වතුර ඉතුරු විය. මම ඒ වතුර ටික පෝච්චියක වු තද කොළ පාට කුඩා පදුරට දැමුවෙමි. එහි දිගු ඉත්තක පුංචි නිල්පාට මලක් පිපී තිබිණි.මම ඒ මල් ඉත්ත අතගා බැලිමි. හෙට හෝ අනිද්දා හෝ පිපෙන්නට තවත් පුංචි කැකුළු කිහිපයක්ද එහි තිබිණ.


"දුටු සතුටු මල්"

මේ මල් පදුර දුටු සතුටු මල් බව මට මතක් වුයේ අහම්බෙනි. දුටු සතුටු මල් මගේ මතකය හා බද්ධ වුණු සිදුවීම් රැසකි. කුරුවිට සුදගල වනාන්තරයේ ඇවිදිමින් සිටියදී මුල් වරට නෙත ගැටුණු දුටු සතුටු මල් ඉන් පසු තවත් වනගත ඉසව් කිපයකදීම මුණ ගැසිණි. දුටු විගස හිතට සතුට දෙන බව කීවත් වශි ගුරුකම් වලට මේ මල් ගන්නා බව කීවත් මට නම් දුටු සතුටු මල් එතරම් ලස්සන නොවේ. එහෙත් එහි නමට මසිතෙහි ඇත්තේ පුදුමාකාර ආදරයකි. වතුර ලැබිමෙන් දෙවන වරටත්  "විකසිත" වු දුටු සතුටු මල දෙස තව දුරටත් බලා හිදිමි. මේ මේ දුටු සතුටු මල් පැළය මට ගෙනවිත් දුන්නේ යුවතියකි. මා මෙලෙස දුටු සතුටු මල ගැන ලියන නිසා  මගේ සතුට ඇත්තේ දුටු සතුටු මල් ළග යැයි ඇය සිතන්නට ඇත. කෙසේ වෙතත් මම ඒ මල් පැළය ගෙනැවිත් සිටවුයෙමි. දැන් මල් පුබුදා ගෙන බලා හිදින්නේ අන්න ඒ දුටු සතුටු මලයි එහෙත් මගේ දුටු සතුටු මල යනු ඔබයි. ඔබ දැකුමෙන් තරම් අන් මොනවා දුටුවත් මගේ නෙතට සතුටක් නොමැත. ඒ නිසාම මගේ දුටු සතුටු මල යනු ඔබයි. එසේ නම් මා මෙලෙස සත්කාර කරන්නේ ඔබටය. ආදරය දක්වන්නේ ඔබටය. ඒ ආදරය රැගෙන ඔබ අද වෙනතක ගිය බව සැබවි.ඒත් මගේ ආදරය නම් සදාකල්හිම ඔබ සමගය. ඔබ පසු පසමය. දුටු සතුටු මලක මතක ඔස්සේද මා ඔබ වෙත එන්නේ අන්න ඒ නිසාය.


1 comment:

  1. ඒත් මගේ ආදරය නම් සදාකල්හිම ඔබ සමගය. ඔබ පසු පසමය.

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මගේ ආදරේ සදාකල්හිම ඔබටමය..
    ලස්සන අදහසක් අයියේ...:)

    ReplyDelete

Twitter Bird Gadget