Monday, November 14, 2011

නොවැම්බර් 15 සෙනසුරු මාරුව ඔබට කොහොමද?



රටට කිරි ඉතිරෙන සෙනසුරු මාරුව ඔබට සුභඵල ගෙන දෙයිද? 2011 .11.15 සිදුවන සෙනසුරු මාරුව ඔබගේ ලග්නයට කොහොමද? - ජ්‍යොතිෂ විශාරද කලවානේ සෝමා විජයරත්න



මේෂ ලග්නය
ධන ලාභ

මේෂ ලග්නයෙන් උපන් ඔබට අධිකව ශුභපල ලැබෙන මාසයකි. භූමි ලාභ, ධන ලාභ බලාපොරොත්තු සාර්ථකත්වය ආදී ශුභපල අත් වෙයි. භූමිය සම්බන්ධ විවිධ කටයුතු මැණික් ගැරීම පතල් කර්මාන්තය කෘෂි කර්මය කටයුතු ආදියෙහි යෙදි සිටින අයට අධික වාසි අත් කර ගැනිමට අවස්ථාව සැලසෙනු ඇත. මව්පස ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබේ. ආගමික කටයුතුවල නිරත වේ. ප්‍රභුන්ගෙන් උදව් ලැබෙනු ඇත. කලක් අපේක්ෂාවෙන් සිටි කරුණක් නිරුත්සාහයෙන්ම ඉටු වීමෙන් සතුටට පත් වෙයි. නොවැම්බර් 15න් පසු ආරම්භ කරන ව්‍යාපාර මගින් සාර්ථක දියුණුවක් අත්කර ගැනීමේ භාග්‍යය උදා වේ.

ගෘහ ජීවිතය
- පැවති ගැටලුකාරීතාවයන් මගහැරි යන අතර පවුලේ සුහදතා වර්ධනය වෙයි. දරුවන්ගේ නොසන්සුන්තා මග හැරි යයි. නව නිවසක් සදහා කටයුතු සුදානම් වෙයි. නිවසක් මිලදී ගැනිමක් හෝ සිදුවේ. ඉඩම් සම්බන්ධයෙන් පැවති ගැටලුවක් නිරාකරණය වේ. පවුලේ ප්‍රීති උත්සවයක් පවත්වයි. විවාහ අපේක්ෂිත අයට එම බලාපොරොත්තු සාර්ථක වන ලකුණු පහළ වේ.

රැකියාව
- හවුල් ව්‍යාපාර වෙළද ව්‍යාපාර කොන්ත්‍රාත් කටයුතු ආදියෙහි යෙදී සිටින අයට අධික වාසි අත් කර ගැනිමට අවස්ථා උදා වේ. නව හවුල්කරුවන් තෝරා ගැනිමට අවස්ථාවන් යෙදෙන අතර උසස් ගුණාංගයන්ගෙන් යුක්ත අයවලුන් මුණගැසෙනු ඇත. රැකියා ස්ථානයේ පැවති අවුල් විසදී යන අතර ප්‍රභූ පක්ෂයේ පැසසුම් ලැබීමට අවස්ථාව සැලසෙනු ඇත.

අධ්‍යාපනය
- අධ්‍යාපනයේ යෙදෙන මේෂ ලග්න හිමියන්ට මධ්‍යස්ථ පල සහිතයි. විදේශ අධ්‍යාපනය කෙරෙහි යොමුවීමට අදහස් කරන අයගේ එම බලාපොරොත්තු මල්ඵල ගැන්වෙයි. කාර්මික අංශයේ අධ්‍යාපන ලබන අයට පැවති බාධක ඉවත්ව යන අතර සාර්ථක ලෙස අධ්‍යාපනයේ නිරත වීමට අවස්ථාව සැලසේ.

සෙඛ්‍යය
- උදරාබාධ වාත රෝග ආදිය බලපාන අතර නොවැම්බර් 15න් පසු පැවති රෝග තත්වයන් බොහෝ දුරට සමනය වන ලකුණු පහළ වේ. කෙසේ වෙතත් ගමන් බිමන් වල නිරතවීමේදී අවදානම් තත්ත්වයන් මත ගමනාගමන කටයුතු කිරිමෙන් වැඩ කිරිමට වග බලාගන්න. දැනට රාහු, කේතු, අගහරු දශා අන්තර් දශා ගත කරන අයට අශුභපල දායකයි. 

(ජය අංකය - 01 / 08, ශුභ දින - සදුදා / බ්‍රහස්පතින්දා, ශුභ වර්ණය - රතු / දම්)


වෘෂභ ලග්නය
වෙළද ව්‍යාපාර දියුණුව

වෘෂභ ලග්නයෙන් උපන් ඔබට වැඩ කටයුතු බොහොමයක්ම සාර්ථකව ඉටු කර ගැනීමට අවස්ථාව උදා වේ. ව්‍යාපාර කටයුතු වල යෙදෙන අයට අධික ලෙස වාසි අත් කර ගත හැකි වේ. විදේශ සම්බන්ධතා සහිත ව්‍යාපාරයන්හි දියුණුවක් ඇති වේ. නව ව්‍යාපාර ඇරඹීමෙන් ද සාර්ථකත්වයක් අත් කරගත හැකිය. කලක් උදාසීන ලෙස ගෙන ගිය ව්‍යාපාරයන් නව මුහුණු වරකින් අපනයන කටයුතු මගින්ද සාර්ථකත්වය අත් කර ගැනිමේ අවස්ථා උදා වේ. සමාජ සම්බන්ධතා වර්ධනය වෙයි. අලංකාර භාණ්ඩ කාන්තා උපකරණ පොත්පත් ආදී ලිපි දව්‍ය සම්බන්ධ ව්‍යාපාරිකයන්ට ඉහළ ආදායම් ලැබෙනු ඇත.

ගෘහ ජීවිතය
- නිවසේ නොසන්සුන් බව තවදුරටත් පවතී. දරුවන් අකීකරු මුරණ්ඩු ලෙස කටයුතු කරයි. ඥාතීන් අතර ආරවුලක් පැන නගී. ඉඩකඩම් සම්බන්ධ ගැටලුවක් මතු වෙයි. දරු සුරතල් බැලීමේ අවශ්‍යතාවෙන් පසුවුවන්ගේ එම අදහස් මල්ඵල ගන්වන ලකුණු පහළ වේ. විවාහ අපේක්ෂිත අයගේ එම බලාපොරොත්තු සඵල වන කාලයකි.

රැකියාව
- විවිධ ආයතන තුළ රැකියා කටයුතු කරන්නන් තරමක උදාසීන බවින් යුක්ත වනු ඇත. අත්‍යවශ්‍ය කටයුතු කෙරෙහි දක්වන උනන්දුව ප්‍රමාණවත් නොවන අතර විනෝදය හා සමාජ කටයුතු වෙත යොමු වීමෙන් වැඩ කටයුතු අතපසු වීමක් ද සිදුවනු ඇත. රැකියා අපේක්ෂිතයනට උසස් වෘත්තින්හි යෙදීමට අවස්ථාව උදා වන අතර සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක් ලබා ගැනීම සදහා ද කටයුතු සැලසේ.

අධ්‍යාපනය
- අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් පැවති ගැටලුමය තත්ත්වය තව දුරටත් පවතී. ඉක්මන්කාරිබව හා නොසන්සුන් බව හේතුවෙන් පාඩු සිදු කරගනී. කිසිවකුගේ අදහස් ගරු කිරිමට අකැමැති බවක් දක්වන බැවින් අන් අයගේ දෝෂ දර්ශනයට ලක්වීමට ඉඩ ඇත.

සෙඛ්‍යය
- සෙම් රෝග රත්පිත් රෝග ලේ දෝෂ බලපාන බැවින් එවැනි රෝග සහිත අය අසනීපකාරක වෙතින් ඈත් වී කාලය ගත කරන්න.

(ජය අංකය - 07 / 09, ශුභ දින - සදුදා / බදාදා, ශුභ වර්ණය - රෝස / දුඹුරු)


මිථුන ලග්නය
මිතුරන්ගේ උපකාර

මිථුන ලග්නයෙන් උපන් ඔබට මිශ්‍රඵල සහිත මාසයකි. ආදායම් තත්ත්වයේ කැපී පෙනෙන වෙනසක් ඇති නොවන නමුත් යම් යම් වාසිදායක තත්ත්වයන් ද හමු වේ. කලක් ඇසුරින් ඈත් වී සිටි මිතුරකුගේ සහයෝගයෙන් යම් ව්‍යාපාරයක් ඇරඹිමට අවස්ථාවක් උදා කර ගනී. පවුලේ වැදගත් ඥාතියකු මගින් අනාගත දියුණුවට අදාළ වැදගත් කටයුත්තක් සදහා මාර්ගයක් එළිදක්වයි. කලක් අපේක්ෂාවෙන් සිටි යමක් සාර්ථක ලෙස ඉටු කර ගැනීමට අවස්ථාවක් යෙදෙනු ඇත.

ගෘහ ජීවිතය
- නිවසේ වැඩ කටයුතු අධික වීම මගින් නොසන්සුන් ලෙස කාලය ගත වී යයි. සහයෝගය දැක්වු පිරිස් ඇත්වීම මගින් ද චිත්ත පිඩාවට පත් වේ. නිවසේ සංවර්ධන කටයුතු සදහා කරන ලද සැලසුමක් අසාර්ථක වී යයි. පවුලේ ඥාතීන්ගේ විරෝධතා මත කරන ලද යම් කටයුත්තක් මගින් අධික ලෙස පාඩු විදීමට සිදු වේ. ඉඩකඩම් සම්බන්ධ ගැටලුවක් පැන නගී.

රැකියාව
- රැකියා කටයුතු සදහා දක්වන උනන්දුව වෙනුවෙන් යම් දීමනාවක් ලබා ගැනිමට අවස්ථාවක් සැලසේ. ආදායම් තත්ත්වයේ යහපත් බවක් ඇති වේ. රැකියා අපේක්ෂිත අයට උසස් වෘත්තීන් සදහා භාග්‍යය උදා වේ. දුෂ්කර සේවයක් සදහා යොමු විමක් ද සිදුවිය හැකිය.

අධ්‍යාපනය
- අධ්‍යාපනයේ යෙදී සිටින මිථුන ලග්න හිමියන්ට උසස් ප්‍රතිඵල අත්කර ගැනීමට අවස්ථා උදා වේ. විදේශ අධ්‍යාපනය සදහා බලාපොරොත්තුවෙන් කටයුතු කළ මිථුන ලග්න හිමියන්ගේ එම අදහස් මල්පල දරනු ඇත. වෛද්‍ය අංශය, ඉංජිනේරු අංශය, මාධ්‍ය අංශය සම්බන්ධයෙන් විදේශ ගත විමට අපේක්ෂා කළ අයගේ අදහස් ඉටු වේ.

සෙඛ්‍යය
- උදාරාබාධ, උගුර, බෙල්ල ආශ්‍රිත ආබාධ, ගලගණ්ඩය, පාදවල ආබාධ, ආම වාත, ආතරයිටිස් ආදී රෝගවලින් පීඩා විදින අය ප්‍රතිකාර කෙරෙහි යොමුවීම වැදගත් වෙයි. දැනට සෙනසුරු, අගහරු, රාහු, කේතු දශා ගත කරන අයට අශුභපල අධික ලෙස බලපායි. 

(ජය අංකය - 02 / 07, ශුභ දින - සදුදා / බදාදා , ශුභ වර්ණය - කහ / කොළ)


කටක ලග්නය
බලාපොරොත්තු ඉටුවෙයි

කටක ලග්නයෙන් උපන් ඔබට නොවැම්බර් මාසය අධිකව ශුභපල ලබා දෙන අතර බලාපොරොත්තු බොහොමයක්ම සාර්ථකව ඉටු වේ. ප්‍රීති උත්සව සදහා සහභාගි වීමට ද අවස්ථා උදා වේ. හදිසි ධන ලාභ අත්වෙයි. හවුල් ව්‍යාපාර මගින් සාර්ථකතාව අත්කර ගනී. විදේශගතවීම සදහා අවස්ථාවන් යෙදෙන අතර මිතුරෙකුගේ සහයෝගය ද ඒ සදහා ලැබේ. දුර බැහැර චාරිකා යෙදෙන අතර එවන් අවස්ථාවක දී හදුනාගන්නා ලද  මිතුරකු මගින් ජිවිතයට වැදගත් වෙන කාර්යයක් සාර්ථකව ඉටු කර ගැනිමට අවස්ථාව සැලසේ.

ගෘහ ජීවිතය
- නිවසේ සංවර්ධනයන් හෝ නවීකරණයක් සිදුවේ. ඉඩම් මිලදී ගැනිමක් සිදු වේ. දරුවෙකුගේ දියුණුවක් හෝ ජයග්‍රහනයක් වෙනුවෙන් ප්‍රීති විමට අවස්ථාවක් යෙදේ. පවුලේ ඥාතින් සාමුහිකව කරන ලද කටයුත්තක් මගින් ඥාතින් අතර සුහදතා වර්ධනයක් සිදු වේ.

රැකියාව
- රැකියා අපේක්ෂිත කටක ලග්න හිමියන්ට සපුරා ඇති සුදුසුකම් අභිබවා සාර්ථක මෙන්ම සහනදායක වෘත්තින්හි යෙදිමට අවස්ථාව උදා වේ. රැකියා ස්ථානයේ කටයුතු කෙරෙහි දක්වන උනන්දුව වෙනුවෙන් ඇගයිම් කෙරෙනු ඇත.

අධ්‍යාපනය
- අධ්‍යාපනයේ යෙදී සිටින කටක ලග්න හිමියන්ට කලකින් උදා වු සහනදායක කාල පරිච්ජේදයක් ලෙස හැගෙනු ඇත. ප්‍රීතිමත්ව කටයුතු කිරිමට ද සාර්ථක ලෙස අධ්‍යාපන කටයුතු වල යෙදිමට ද තරග විභාග ආදියෙන් උසස් ප්‍රතිඵල අත් කර ගැනිමට ද හැකි වේ. අදහස් ප්‍රකාශ කිරිමේ ක්‍රමවත් බවක් දක්වන අතර වාද විවාද සාකච්චා ආදියෙන් ද සාර්ථකත්වයක් ලබයි.

සෙඛ්‍යය
- උගුර, බෙල්ල ආශ්‍රිත ආබාධ, සෙම් රෝග, පීනස් රෝග, දන්තාබාධ බලපාන අය අසනීපකාරකයන්ගෙන් වැළකි සිටිම හා දිව ඔසු  ප්‍රතිකාර කෙරෙහි යොමු විම වැදගත් වේ.
(ජය අංකය - 05 / 07, ශුභ දින - සදුදා / අගහරුවාදා, ශුභ වර්ණය - මුතු / දම්) 


සිංහ ලග්නය
කතාව ප්‍රෙව්සමින්

සිංහ ලග්නයෙන් උපන් ඔබට මිශ්‍රඵල සහිත මාසයකි. ඉක්මන්කාරී බව හා අදහස් ප්‍රකාශ කිරිමේ දුර්වලතා මගින් වැඩ කටයුතු බොහොමයක් අවුල් කර ගනී. සාමුහික කටයුතු වලදී ඉවසීමෙන් හා අන් අය කෙරෙහි අවබෝධයෙන් කටයුතු කරන්න. මිතුරකු සමග ඇති කරගන්නා ලද ගිවිසුමක් පිළිබදව ගැටලු මතු වේ. ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කොට සාර්ථකත්වය ළගා කරගනී. ගමන් බිමන් අධිකව යෙදෙන අතර කරදරකාරි තත්වයන් මතුවීමට ඉඩ ඇත. යම් කරුණක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ආයාචනයක් මගින් බලාපොරොත්තු ඉටු කර ගැනිමට මග පෑදෙයි.

ගෘහ ජීවිතය
- නිවසේ පැවති නොසන්සුන් ගති හා දරුවන්ගේ මුරණ්ඩු ගති සංහිදී යයි. මිතුරු මිතුරියන්ගේ සුහද හමු සහිත ප්‍රිය උත්සවයන් පවත්වති. නිවසේ සංවර්ධන කටයුත්තක්ද කෙරෙනු ඇත. නිවසේ අලංකාරය සදහා කොටසක් අළුතෙන් ඉදිකිරිමක් හෝ පිළිසකර කිරිමක් ද කෙරෙනු ඇත. නවීන ගෘහ භාණ්ඩ මිලදී ගනී. පවුලේ සමගිය වර්ධනය වේ.

රැකියාව
- රැකියා ස්ථානයේ පැවැති ගැටළු සහිත බව හේතුවෙන් කල කිරිමෙන් යුක්තව උදිසීනව කටයුතු කරයි. මුල්‍යමය කටයුතු සම්බන්ධ ආයතනයන් හි සේවය කරන අයට විශේෂ වරප්‍රසාද හිමි කර ගැනිමට අවස්ථාව උදාවේ. රැකියා අපේක්ෂිත අයට සපුරා ඇති සුදුසුකම් අනුව ගැළපෙන වෘත්තීන්හි යෙදිමට අවස්ථාව සැලසෙනු ඇත.

අධ්‍යාපනය
- අධ්‍යාපනයේ යෙදී සිටින සිංහ ලග්න හිමියන්ට යහපත් කාල පරිජේදයකි. බුද්ධිමත්ව තීරණ ගැනිමටද තරග විභාග සදහා ඉදිරිපත්ව කටයුතු කිරිමටද හැකි වේ. අදහස් ප්‍රකාශ කිරිමෙන් හා ගායනා වාදන ඉදිරිපත් කිරිමෙන් කැපි පෙනෙන දක්ෂතා දක්වනු ඇත.

සෙඛ්‍යය - සෙම් රෝග, ස්නායු සම්බන්ධ දුර්වලතා, නහරගත ආබාධ බලපානු ඇත. ආහාරපාන මගින් අපත්‍යකාරක ශරිරගත විමට ඉඩ ඇත. රාහු කේතු අගහරු දශා අන්තර් දශා ගත කරන අයට ශුභපල අවම වේ. 

(ජය අංකය - 04 / 09, ශුභ දින - ඉරිදා / සිකුරාදා, ශුභ වර්ණය - රතු / කහ)



කන්‍යා ලග්නය
රැකියාවේ උසස් වීම්

කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ බලාපොරොත්තු සාර්ථක වන අතර උසස් සමාජ තත්ත්වයක් ලබා ගැනිමට අවස්ථාවන්ද උදා වේ. ගමනා ගමන කටයුතු / චාරිකා / ප්‍රවාහන කටයුතු මෙන්ම ප්‍රචාරක කටයුතු වල යෙදෙන අයට අධික ලෙස වාසි අත්කර ගැනිමට හැකි වේ. විදේශගත විම සදහා සැලසුම් කළ අයගේ එම කටයුතු ඉටු වේ.  විදේශ සම්බන්ධතා සහිත වෘත්තින් හි නියැළි සිටින අයගේ ආදායම් තත්ත්වය ඉහළ යයි. පොත්පත් අලෙවි කිරිම හා විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය අලෙවිය මගින් ආදායම් ලබන අයට ඉහළ ආදායම් ලැබෙනු ඇත. දේවා ශිර්වාදය ලබා ගැනිම සදහා ශුභ දායක කාලයකි. යම් යම් ගැටළු සදහා විසදුම් සොයමින් සිටි ඔබට එම ගැටළුකාරි තත්ත්වයන්ගෙන් සහනය සලසා ගැනිමට මාර්ගය එළිදරව් වනු ඇත.

ගෘහ ජීවිතය
- නිවසේ පැවති නොසන්සුන් බව ඉවත් වී යයි. මාවසික සහනය සහිතව ද ප්‍රීතිමත්ව ද කාලය ගත වේ. භූමි ලාභයන් ද ලැබෙනු ඇත. ඥාතීන් අතර පැවැති ආරවුල් තත්ත්වයන් සමනය වේ. ඥාතීන්ගේ උදව් උපකාර ලැබේ. දුර බැහැරක හෝ විදේශගතව සිටින ඥාතියකුගෙන් වැදගත් උපකාරයක් ලැබෙයි.

රැකියාව
- රැකියා කටයුතු යහපත් වේ. බලාපොරොත්තු ආකාරයෙන්ම කටයුතු කිරිමට සුදුසු පරිසරය සකස් වේ. ඔබගේ අදහස් ගරු කරයි. ඒ අනුව යාමට කැමති අය සමග කටයුතු කිරිමට අවස්ථාව ලැබේ. රැකියාවේ උසස් වීමක් ද ලැබෙනු ඇත. රැකියා අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටු කරමින් පහසුකම් සහිත උසස් වෘත්තීයන්හි යෙදිමට අවස්ථා උදා වේ.

අධ්‍යාපනය
- උසස් අධ්‍යාපනලාභින්ගෙ බලාපොරොත්තු සාර්ථක වේ. විදේශ ශිෂ්‍යත්ව සදහා කටයුතු කළ අයගේ එම අදහස් සඵල වේ. මාධ්‍ය අංශය, නීතිය, ලේඛන යන අංශ සම්බන්ධ අධ්‍යාපනය ලබන්නන්ට වරප්‍රසාද සහිතව අධ්‍යාපනයේ යෙදිමට අවස්ථෘ උදා වේ.

සෙඛ්‍යය
- සෙම් රෝග, වාත රෝග බලපානු ඇත. ආහාරපාන මගින් යම් යම් රෝගී තත්ත්වයන් ඇති විය හැකි බැවින් කල්පනාකාරි වන්න. කේතු, සෙනසුරු දශා අතුරු දශා ගත කරන අයට ශුභඵල අවමය. 

(ජය අංකය - 01 / 03, ශුභ දින - ඉරිදා / සිකුරාදා, ශුභ වර්ණය - සුදු / දම්)


  

1 comment:

  1. අහ්හ්හ් නියමයි..මට හොදයි:) පහු ගිය කාලෙ දුක් වින්දා..දැන් ගොඩ

    ReplyDelete

Twitter Bird Gadget