Wednesday, November 2, 2011

ඒ සෙනෙහේ තාමත් නෑ හිනයක් වෙලා....


ඒ වචන තුනක් පමණි. එහෙත් ආදරණිය රන්දු...... ඔබ පැමිණ මිනී පෙට්ටි සියදහස් ගාණක බර මේ පුංචි පපුව උඩින් තැබුවාය. සමනළ වසන්තයේ පුංචි රන් සමනළයෙකු සේ හිනැහුණු මගේ අහිංසක ආත්මය, මහා වියෝගයේ දුකෙන් කෑ ගැසුවේද ඒ තප්පරයේදීය. අනේ එය ඔබට නැසී ගිය හැටි මගේ මුලු ආත්මයේම තිබු සෙනෙහස දෝතට ගෙන බුද්ධ පුජාවක් සේ ඔබේ සිතට පුද දුන් ආදරණිය අතිතයේ පිංවන්ත දවස් මේ කාලකන්ණි ඇස් ඉදිරිපිට මට යළිත් මැවි පෙනෙන්නට පටන් ගත්තේය. අනේ මගේ සොදුරු ආදරියේ ඔබ වෙනුවෙන් මා මැවු සිහින මා පැතු දේ මා සිතු දේ ඒ සකල විද ප්‍රර්ථනාවන් උඩු සුළගේ අසිරිමත් ලෙස බොහෝ ලේසියෙන් ගසාගෙන යන අයුරු මට බලා සිටින්නට නම් බැරිය. මම ඔබට කියා ඇත. මිට පෙරත් කියා ඇත. ඔබේ එක වචනයකට මිනී පෙට්ටි සිය ගණනක බර මේ පුංචි පපුව උඩට දැනෙන වග. එහෙත් එය ඔබට මතක් වුයේ නැත.කමක් නැත. මගේ සොදුරු ආදරියේ එය එසේ වුවාට කමක් නැත. විදවන්නට තව බොහෝ දේ තිබේ. ඉතින් ඔබ සැනසේ නම් මම විදවමි. ඔබේ නමින් මහත් බැති පෙමින් විදවමි. මක් නිසාද යත් ඔබගෙන් ඈත්වන්නට මා හට කවරදාකවත්ම බැරි නිසාය. මගේ මුලු ජිවිතය පුරාම හිදින්නේ ඔබය. ඉතින් ඔබ මට දෙන්න තිබෙන දසවධ සියල්ලම දුන්නත් මේ පුංචි පපුවේ ඔබ ගැන ඇති නොකලැල් පෙමට අඹ ඇටයක් තරමේ අඩුවක් නොවෙනු ඇත. ඉතිං මා විදවද්දීත් ඔබට සැනසෙන්නට ඒ කාරණා හොදටම ඇතිය.


පැතු සෙනෙහේ සේයා රෑ මහදේ තියා
ඇදි සිතුවම් සොරහින් මා ළගටම තුරැළු වෙලා
හිත පතුලට උණුසුම් සුසුමක් ඇවිදින් සොයා
ඒ සෙනෙහෙ තාමත් නෑ හිනයක් වෙලා....

කොළම් කරන් ආවත් හිත යට ගුලි වෙමින්

හිමි නොව වදන් මතකද නිල් අහසක තරම්
නොනිදා නෙතේ නවති නම්.....
හිත ඈතින් ඈතට ආවම ලං වෙලා
අපේ හිනෙන් හිනෙට පාටක් ගැවිලා

මායම් හිතේ ආදර හැගුමන් තවරමින්...

හුස්මක් දුරින් නැවතුනු හැටි පුදුමයි ඉතින්
රැදේනා හිතේ සුසුමක් තරම්
සංසාරේම හුරු ඒ සුදෙම පැටලිලා
මගේ ජිවිත ගමනට ඔය නෙතු ඉගිකලා....

No comments:

Post a Comment

Twitter Bird Gadget