Wednesday, November 16, 2011

තටු සිදුනු සමනළියේ නුඹටයි මේ ඔහු වෙනුවෙන් කියන්නට මතක බණවර....


 

ගහක් උනත් ඔහේ හැදෙන්න දුන්නොත් හැදෙන්නේ ගහට ඕන විදියට... ගහක් ලස්සනට හදාගන්න ඕන නම් එ ගහ හදන්න ඕන කාලයක් තියෙනවා.. අතු දඩු මේරුවට පස්සේ ගස් හදන්න අමාරුයි අරටුවක් හැදුනට පස්සේ ගහ හදන්න අමාරුයි.. විසිතුරුව තියෙන ගොඩක් පැල තවාන් කාලයේදීම හදන්න පටන් ගන්නේ.. ජිවිතේ උනත් එහෙමයි.. ඔයාලගේ ජිවිතය පටන් ගත්ත යුගයේදිම හදාගන්න බලන්න... සමහර කටුක අත්දැකිම් ලැබුණට පස්සේ ජිවිතේ වෙනස් කරන්න අමාරුයි.. වෙනස් කරන්න ඕනි උනත් ඒකට ශක්තියක් නැහැ... ගේ ඉස්සරහ මිදුලෙ තියෙන ගහක් කැලේ තියෙන ගහක් වගේ හදන්න අමාරුයි... එකට රටාවක් කලාවක් තියෙනවා.. ජිවිතේ දිහාවත් ඒ වගේ බලන්න පුරුදු වෙන්න... අතු දඩු නවන්න පුළුවන් මේ කාලයේදිම පුළුවන් ජිවිතය හදාගන්න...

අනාගතය ගැන හිතන්න මට බයයි... අනාගතය ගැන අපි මොනවා හිතුවත් දෛවයක් තියෙනවනේ.. ඒ විදියට වෙයි හැම දෙයක්ම.. අනාගතය ගැන හිතන්න ගියාම හිත පිස්සු වැටෙනවා.. ඊට වඩා හොදයි නොහිතා ඉන්න එක....

අනාගතේ ගැන ඔයාගෙන් ඇහුවොත් ඔයාලා ගොඩක් දෙනෙක් හිතන්නේ ඔය වගේ දියාරු වෙච්ච උත්තර ටිකක්...  අනාගතය ගැන තිරණයක් ගන්න කොට එක පාරක් හිතලා මදි.. දෙතුන් පාරක් හිතලත් මදි... දස දහස් වතාවක් හිතන්න ඕනා... ප්‍රධානම දේ විය යුත්තේ ඔබ තීරණයක් ගන්නා විට ඒක නිසා පසුතැවෙන්න වෙනවනම් ඒ තිරණය ගැන තව පාරක් හිතන්න.. මොකද ජිවිතය ගැන බරපතල තීරණයක් ගත්තට පස්සේ මුකුත් කරන්න බැරි වෙන්න පුළුවන්....

ඔයා... එයාව අමතක කරන්න.. ගියදේ ගියාවේ... අපි අළුතින් ජිවිතේ පටන් ගමු. මෙහෙම කියලා මම ඔයාට කතා කරනවා කියලද ඔයා හිතන්නේ නැහැ.. නැහැ.. කොහෙත්ම නෑ... 

දන්නවද? කවදාහරි අඩන්න බලාගෙන තීරණ අරගෙන වැඩක් නෑ... ඒ තිරණය නිසා අද හිනා උනත් හෙට අඩන්න වෙනවා නම් එකෙ හරි දුක හිතෙන දෛවයක් තියෙනවා. අඩන එක අනාගතයේ දී කියලා  හිතලා ඔයාට අද හිනාවෙන්නත් බෑ..  ජිවිතේ මිනිස්සුන්ට වැරදෙන තැන් එමට තියෙනවා එහෙම කියලා මිනිස්සු ජිවිතේ හැඩු කදුලින් ගත කළේ නෑ... එහෙමත් නැත්තම් හැම අඩන ගැණියෙක්ම තමන් යසෝදරවක් කියලා ඔප්පු කරන්න හිතාගෙනද එහෙම කරන්න.. එත් මතක තියාගත්තනම් හොදයි යසෝදරාවක් සිදුහත් කුමාරයා වෙනුවෙන් දුක් වින්දේ පතිභක්තියට මිසක් වෙන අහවල් එකකට නෙමෙයි. පතිභක්තිය කියන්නේ මොකක්ද කියාල කවුරුත් දන්නවා ඇතිනේ ඒ ගැන පැහැදිලි කිරිමක් අවශ්‍ය වෙන එක නැහැ කියලා මම හිතන්නේ..  අනික අද සමාජයේ තනිකඩ ගොඩක් කෙල්ලෝ තමයි මේ පතිභක්තිය පෙන්නන්න යන්නේ අහවල් මගුලකටද මන්දා එහෙම කරන්නේ... එහෙම කරලා එයාලා බලාපොරොත්තු වෙන්නේ සමාජය එයා ගැන දුක්වෙයි කියලද ....

එක දෙයක් මතක තියාගන්න... ඒක වැදගත් දෙයක්.. කාටවත් තමන්ගේ ජිවිත අනාගන්න ගිනි තියා ගන්න තහනමක් නෑ... ඕන කෙනෙකුට නිදහස තියෙනවා ජිවිතේ මඩ වලක දාන්නත් පුදසුනක තබාගන්නත්....

වස බෝතලේ තියෙන්නේ... ඕනි නම් කෙනෙකුට අරගෙන බීගෙන බීගෙන යන්න පුළුවන් ජින්ජර් බියර් කියලා හිතාගෙන... තහනමක් නෑ... ලෝකයා කරන්නේ හරි ආශාවෙන් ඔබේ දෙණ ඉදිරියේ මල් වඩමක් තබන එක.. හෙට පිහියක් අරගෙන පාරට බැහැලා කෑ ගගහා කියන්න මම පිහියෙන් ඇණගෙන මැරෙන්න යන්නේ කියලා.. මිනිස්සු පිස්සෙක් කියලා ඔයාට හිනාවෙලා යන ගමන යයි ඔයාව නවත්තලා අනේ මැරෙන්න එපා... කියන්නේ නෑ.... ඔය නැති නෑ කම් හදාගෙන ළග ඉන්න එවුනත් ඒ මේ සමාජයේ හැටි කාගෙවත් දුක් වලට ණයට අඩන්න සමාජය පරිත්‍යාගශිලි නැහැ... ඔයා වෙනුවෙන් ඔයා උනත් මැරුනත් සමාජය පුරුදු වේගයෙන් පුරුදු විකාරයෙන් ගමන් කරනවා කාගෙන්වත් පළිගන්න ඔයාගේ ජිවිතය විනාශ කරගෙන ඵලක් නැහැ අද ඔයා ඉන්න තත්ත්වය අනාගතය ගැන තිරණයක් අරගෙන ලස්සනට ජිවිතය හදාගන්න හොද අවස්ථාවක්... මේ කාලයේදි ඔබේ වට්ටියට ඕනි තරම් මල් දමා ගන්න පුළුවන් ඔයා කොහොම හිතුවත් නැතත් ඔයා තාම පිපුණා විතරයි.. නිස්කාරනේ ජිවිතේ විනාස කරගන්න එපා... දිලා දාන්න ඔය මතක බණවර ගියාවේ අතීතේ පස් යටට අළු වෙලාම... මැරුණ එවුන් වලෙන් නැගිටලා එන්නේ අපේ ආශාවන් ඉෂ්ධ කරන්න නෙමෙයි. උන්ගේ ආත්ම වලට සැනසීම ලබා ගන්න අපෙන් පින් උරා බොන්න... 

මතක තියා ගන්න.. අනාගතේ ගැන අබ ඇටයක් තරම්වත් හිතාගන්න බැරි යුගයක් එනවා.. හරිම හිස් ලෝකයක තනිවෙලා අනාගතය ගැන තීරණයක් ගන්න වෙනවා.. ඒ දවස් මීට වඩා දුක්බරයි.. ඒ වගේ දවසක අනාගතේ ගැන තීරණ ගන්න හිතන්නවත් එපා.

2 comments:

  1. මේ ලියලා තියෙන්නෙ ඇත්තම ඇත්ත අයියේ... හිත පතුළටම වදිනවා මේ වචන...

    ReplyDelete
  2. ඔවු සිතු කවුරුත් අහන්න අකමැති.. කවුරුත් පිළිගන්න අකැමති තිත්ත වු සත්‍ය මොනවා උනත් මේ ඇත්ත නම් කවදා හරි පිළිගන්න වෙනවා..

    ReplyDelete

Twitter Bird Gadget