Thursday, November 10, 2011

Milenge Milenge - ඔයා දෛවය විශ්වාස කරනවද?

 


මම මේ කතාව කොතැනින් කොහොම පටන් ගන්නද කියලා මට තේරෙන්නේ නෑ... එත් මේ කතාව අහන කියවන කෙනෙක් හිතයි මේ සුරංගනා කතාවක් කවුද අප්පා ඔවා විස්වාස කරන්නේ.. මේ 21 වැනි ශත වර්ශේ කියලා එත් ඔයා විශ්වාස කරනවද දෛවය එහෙනම් මේ කතාව සමහර විට ඔයාගේ කතාව වෙන්න පුළුවන් ඔවු...  ඔයාගේ කතාව වෙන්නත් පුළුවන්..

2004 වර්ෂයේ මැදදි විතර තමයි මම මුහුණු පෙතේ සාමාජිකත්වය හිමි කර ගත්තේ.. ඒ දවස් වල නම් මට මුහුණු පොත කියන්නේ හරිම නුහුරු නුපුරුදු තැනක් වගේ එත් ගෙදර කොමක් (කම්පියුටර් එකක් හොදේ :ඩී) තිබුනත් නෙට් තිබුනේ නෑ... පුළුවන් පුළුවන් වෙලාවට කැෆේ එකකට රිංගලා එහෙම් මෙහෙන් දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක චැටක් දාලා ලයික් එකක් කමෙන්ට් එකක් දාලා එනවා.. ඔෆිස් එකේ නෙට් තිබුණත් මුහුණු පොත තහනම්. අහුවුනොත් බුකියේ ඉදලා ජෙබ් එකත් දාලා ගෙදරම තමයි එන්න වෙන්නේ. ඉතින් පෙස් බුක් එකට ඒ කාලේ ඉදලා මම නිකම් බබල් ගම් එක වගේ ඇලිලා ඉදියේ.. ඉතින් ලග තිබුණ ජංගමේට (ෆොන් එක) පින් සිද්ද වෙන්න දෙයියනේ කියලා බුකියට යනවා ලයික් දානවා චැට් කරනවා ඉතින් ඔන්න ඔහොම ඔහොම කාලාය ගෙවිලා ගියා.

(ඔයාලා බලනවා ඇති මු මේ මොන සමයමක් කියන්න යනවද කියලා දැන් තමයි ඔන්න සින් එකේ උච්චම අවස්තාව පටන් ගන්න යන්නේ පිච්චර වල නම් ඉතින් උච්ච අවස්ථාව කියන්නේ දුෂ්ඨයට ගහලා පෙම්වතියව උස්සන් යන එක.. අනේ මගේ මේ කතාවේ නම් දුෂ්ඨයත් මම පෙම්වතත් මමමයි එත කොට කවුද කෙල්ල... ආ... ඔන්න එහෙනම් අයේ කතාවට සෙට් වෙමුකෝ)

අපි දෙන්නම එකම ඉස්කොලේ එත් එයා ඉස්කොලේට ජොයින් උනේ මම ඒ/ලේවල් කරලා අයින් උණාට පස්සේ. අපි දෙන්නා කවදාවත්ම හමුවෙලා නෑ...  අපේ ඉස්කොලේ නමින් මුහුණු පොතේ තිබුණ ග්රුප් එකට සෙට් වෙලා මගේ ලිස්ට් එකේ අපේ ඉස්කොලේ අයට මමත් ඉන්විටේෂන් යැවුවා. ඔය ග්රුප් එකේ අරයත් හිටියා (අරයා කිවුවම හරි නෑ වගේ නේද? අපි එයාට ප්‍රියා කියලා කියමුකෝ) ඉතින් මම අපේ ඉස්කොලේ කෙල්ලෙක් නිසා ප්‍රියාටත් රික්වෙස්ට් එකක් දැම්මා... දැන් කියයි අපෝ මු නම් මහා සෙවලයෙක් කියලා.. මම ප්‍රියාට විතරක් නෙමෙයි අනිත් අයටත් රික්වෙස්ට් යැවුවා. සමහර උදවිය මටත් රික්වෙස්ට් එවලා තිබුණා. ඉතින් ඔහොම ටික දවසක් විතර ගියාට පස්සේ ප්‍රියා මගේ රික්වෙස්ට් එක පිළිගෙන මාව ඇඩ් කරගෙන. (කෙල්ලෝ කෙහොමත් මුලදි ගණන්නේ අපි ඉතින් ඒ උස්සන ගණන් වැඩිය ගණන් ගන්නේ නැතිව ඉන්න ඕනි මොකද ඉස්කොලේ දි හැමදාම පෙල් වෙන්නෙත් ගණන්නේ ඉතින් ඔය ගණන් අපිට ගෙමක් නෑ.. කිව්ව ගමන් තමයි ඉන්නේ )  ඉතින් මම ප්‍රියාව ඇඩ්කර ගත්තා කියමුකෝ... එහෙම කියලා කවර කවදාවත්ම මම ප්‍රියා ඔන්ලයින් ඉන්නවනම් දැක්කේ නෑ... එක නිසා අපි කවදාවත් චැට් කරලා තිබුනේ නම් නෑ... ඔෆ්ලයින් කියලා කවදාවත් මැසෙජ් එකක් වත් මම යවලා නෑ.. අඩුම තරමේ මම ෆොටො එකක් වත් ටැග් කරලා තිබුනෙත් නෑ... එයත් එහෙමම තමයි.

ඉතින් ඔහොම කලාය ගතවෙලා ගියා කියමුකෝ......
(අවුරුදු කිහිපයකට පසු.....)

මේ සිද්ධිය වුනේ ගිය අවුරුද්දේ පොසොන් පෝයට කලින් දවසේ මගේ යාළුවෙක් ඉන්නවා අම්පාරේ... පොසොන් පෝය දවස සෙට් වුනෙත් හරියටම සිකුරාදා දවසක්  ඉතින් මගේ යාළුවා කිව්වා මචං... දවස් 3 නිවාඩුවක් තියෙනවනේ  ඉතින් මේ පැත්තේ වරෙන්කෝ.. උඹලට දැන් ඉතින් හරි ගිහින්නේ අපේ ගෙවල් වල එන්නෙත් නෑ.... ඉතින් ඔහොම ඔහොම දන්නේ නැද්ද ? කොප්ප හොදන්න ගත්තා.. (කැතද මන්දා එහෙම කිව්වම) ඉතින් මමත් පොරගේ ඉල්ලිමට බෑ කියන්න බැරි තැන හා.. කියලා කිව්වා. ගෙදර පොඩ් පාටි කැල්ලකුත් තියෙනවා කිව්වනේ. දන්නවනේ ඉතින් පාටියක් කිව්වෙත්... (එහෙම කිව්වට මේ කතාව කියන පුද්ගලයා රහමෙර භාවිතා කරන කෙනෙක් නම් නෙමෙයි හොදේ... එහෙම කියන මමත් එහෙමයි ඉතින් ඔයාලා දන්නවනේ ඉතින් ... මෙහෙම ගියොත් මගෙත් පටි රොල් වෙනවනේ එක නිසා මම කියන වචනේ අයින් කරලා කොල්ලට අපි අමිත් කියමුකෝ.. )

එන්නම් කියලා කිව්වා වගේ දැන්  ඉතින් යන්න එපායැ... මෙහේ ඉදලා අම්පාරට යන්න පැය 10- 11 යනවා. එකත් බස් තුනක යන්න ඕන. ඒ නිසා අමිත් බ්‍රහස්පතින්දා ඇදුම් බැග්ගෙත් සෙට් කරලා එකත් ඇන් ඔෆිස් එකට ගියා.  අමිත්ගේ ප්ලැනේ තිබුනේ හවස ඔෆ් වුණාම 5.30 ඉන්ටර් සිටියේ කොළඹට ඇවිත් එතනින් රැ බස් එකේ අම්පාර බලා පිටත් වෙන්න. ඔන්න ළමයිස්.... මෙතන ඉදලා තමයි සින් එක පටන් ගන්නේ...

බලන්නකෝ... දෛවය කියන දේ කොයි තරම් නම් පුදුමාකරද කියලා.

අමිත් ඉතින් හොද කොල්ලනේ... තමන්ගේ වැඩටික කලට වෙලාවට ඉටු කරනවා ඒ ගැන ඉතින් මට වඩා කවුද දන්නේ කියලා වැඩක් නෑ.... ඔන්න ඉතින් වැඩ ටික ඉවර කරලා 5.20 විතර ඔෆ් වුණා. ඔෆිස් එකේ ඉදන් බස් ස්ටැන්ඩ් එකට යන්න විනාඩි 15කට ටාගට් කරගෙන ඔෆිස් එකෙන් එළියට බැහැලා ටික දුරක් යද්දි.... පුදපි ගමන් කාපි යාකා කිව්වලු ඒ කාලේ ඉස්කොලේ යාළුවෙක් අවුරුදු 9කට පස්සේ බයික් එකෙන් ටවුන් එකේ ඉදලා ගෙදර යනින් ගමන් අමිත්ව අහම්බෙන් දැකලා බයික් එක හරෝගෙන ආවා. ඇවිල්ලා අමිත්ගේ අතින් අල්ලලා අම්මෝ බං උඹව දැක්ක කල් කොහේද මේ බෑග් තඩියකුත් උස්සගෙන යන්නේ ... ආමි එකේද ඉන්නේ ( හි.. හි.. මුව ගැල පෙන්නේ අමි එකට නෙමෙයි ජර්මන් හමුදාවේ දාන පුස් බොම්බ එකතු කරන්න පණ බයයි අප්පා )  ගෙදර යන ගමන්ද කියලා ඇහුවා. ඉතින් ඔන්න ටික වෙලාවක් ගියාට පස්සේ තමයි අමිත්ට මිටර් වුනේ පොර කවුද කියලා. නෑ... බං මම මේ කොළඹ ඉන්ටර් සිටිය අල්ල ගන්න යනවා කියලා කිව්වා. එත කොට පොර ඉතින් නැගපන්කෝ බයික් එකට මම උඹව ස්ටැන්ඩ් එකට දැන්නම් කියලා ෂොට් කට් එකකින් බස් ස්ටැන්ඩ් එකට ගෙනත් දැම්මා. (ඔය අතරේ ඉතින් දන්නේ නැද්ද ආයේ කොප්ප කැල්ලක්) අමිත් ඉතින් යාළුවට තැන්කු කියලා කොළඹ බස් කිවු එකට දිව්වා. වෙලාව 5.25 බස් 1 තාම තියෙනවා. අමිත් ඉතින් යාළුවට හිතින් පිං දී දී බස් එකට නැග්ගා. ඔන්න ආයේ සුභ ලකුණක් බස් එක ෆුල් එක සිට් එකක්වත් නෑ... කොළඹට යන්න පැය තුනක් විතර යනවා. පැය තුනක් හිටගෙන යනවා කියන්නේ පණ යන වැඩක්නේ. ඒ මදිවට අතර මගින් තව තව ලොඩ් වෙනවා හ්ම්.... කමක් නෑ... මොනා කරන්නද කියලා හිතුවා.

එතකොටම අහම්බෙන් වගේ ඩයිවර් උන්නැහේගේ සිට් එකට පිටි පස්සේ පළ වෙනි සිට් එකේ ලස්සන කෙල්ලෙක් වාඩි වෙලා ඉදියා. එයාට මෙහා පැත්තේ සිට් එකේ බැග් වගයක් තියලා තිබුණා. මට එක පාරට හිතුණා එක්කො සිට් එක බුක් කරලා නැත්තම් හිටපු කෙනා පොඩ්ඩක් එළියට ගිහින් කියලා. ඉතින් මම බස් එකේ දොර ඇරගෙන එළියට බහින්න අඩිය තිබ්බා.  අමිත් ඉතින් හොද එකානේ කවදාවත් ඔය බුක් කරපු සිට් වලට ලෙඩ අදින පොරක් නෙමෙයි. ෂිට් එකේ කවුරුවත් ඉන්නවද කියලා අහන්න ගියෙත් නෑ... අනික අමිත් ඇත්තටම හරි හොද කොල්ලෙක් වු වැඩිය ඔය ලදුන් එක්ක චැට් එකට යන කොල්ලෙක් නෙමෙයි. අමිත් කැමති නෑ කෙල්ලන්ට ට්‍රික්ස් දාලා බොරු ෂෝ එකට පැණිය දාන්න ආස පොරක් නෙමෙයි.  ඉතින් මේ ගැණු ළමයගෙන් සිට් එක බුක් කරලද කියලවත් ඇහුවේ නෑ.. පොර හිතුවේ කෙල්ලගෙන් එහෙම ඇහුවොත් මේ කෙල්ල එක්ක චැට් එකට සෙට් වෙන්න සිට් එකේ කවුරුවත් ඉන්නවද කියලා අහනවා කියලා සමහරු හිතය කියලා.
 
ඉතිරි කොටස හැකි ඉක්මණින් දෙන්නම් හොදේ..... 

අමිත් - පුදුමයි අපි ළග මේ තරම් ළග ඉදලත් හම්බවුනේ මෙහෙමයි නේද?
ඔයා දන්නවද ප්‍රියා මිනිස්සු හමු වෙන්නේ දෛවයේ උවමනාවට..  ඔයා දෛවය විශ්වාස කරනවද ප්‍රියා...
ප්‍රියා - මුල දි නම් නෑ... එත් දැන් විශ්වාස කරනවා
අමිත් - එහෙනම් ප්‍රියා හිතන්න ... ඔයාගේ දෛවය ගැන තියෙන විශ්වාස අපිව මුණ ගැස්සෙව්වා කියලා
ප්‍රියා - මට තේරුනේ නෑ....
අමිත් - ඒ කිව්වේ ප්‍රියා මෙහෙමයි.. ඔයා දෛවය විශ්වාස කරනවනම්..  මේක මේ විදියට සිදු වෙන්න බෑ... ඔයා දෛවය විශ්වාස කලේ නෑ.. එකයි මෙහෙම සිද්ද වුනේ.. මෙච්චර ලස්සන දෙයක් වෙන්නේ බොහොම කලාතුරකින්...
ප්‍රියා -  ඔයාගේ කතාව හරි සිත්ගන්නා සුළුයි.
අමිත් - සවන් දෙන කෙනා උනන්දු නම්... සංවාදය හැම වෙලාවෙ දී ම සිත්ගන්නා සුළුයි. 

2 comments:

  1. ඔය කතාව හරි සිත්ගන්නා සුළුයි. :)

    ReplyDelete
  2. ස්තුතියි... නිමශා... ඔයාට

    ReplyDelete

Twitter Bird Gadget