Saturday, November 12, 2011

Milenge Milenge - ඔයා දෛවය විශ්වාස කරනවද?


කලින් කොටසෙදී නතර කළේ අමිත්ගේ අතින් වැරදිමකින් ඉස්කොලේ ගැණු ළමයෙක් කියලා... ප්‍රියාට මැසෙජ් යවලා ප්‍රියාගෙන් බැනුම් අහලා... ගොඩ එන්න බැරිව කණ ගාවටම එරිච්ච සින් එක නේද? මතකද මන්දා ඔයාලට... මතක නැති නම් මෙන්න මෙතන ක්ලික් කරලා ඒකොටස කියවන්න කෝ......

ඔය අතරේ අමිත් ප්‍රියාට වෙච්ච වැරදි වැටහිම පිළිබදව කෙටියෙන් පහදලා දිලා කෙල්ලගෙන් සමාව ගත්තා. ප්‍රියාටත් හරි දුකයි.. එයත් කිසිදෙයක් හොයන්නේ බලන්නේ නැතිවනේ අමිත්ගේ ඇගට කඩන් පැන්නේ... මොනවා කරන්නද ඉතින් එකත් දෛවයේ හැටි තමයි.. ඉතින් විස්තරේ කියලා දෙන්නා දෙමහල්ලො සමදානය වුණා කියමුකෝ.. ඔන්න දැන් තමයි දෙන්නට දෙන්නා අදුරන පුද්ගයෝ දෙන්නෙක් විදියට චැට් කරන්න ගත්තේ.. අමිත්ට ඒ/සී බස් එකේ හිටියට පට්ට විදියට දාඩිය දාලා තිබුනේ... මොකද වදින්න ගිය දේවලේ ඉහේ කඩන් වැටිලා ගහන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ දෙයක් නේ වුනේ....

ඔයා කොළඹ යන්නේ ගෙවල් එහෙද? විස්තරේ පැහැදිලි කරලා දුන්නට පස්සේ ප්‍රියාගෙන් ආයේ අමිත්ගේ මුහුණු පොතට මැසේජ් එකක් ආවා. අමිත්ටත් ඉතින් කොළඹ යනකම් වැඩකුත් තියෙන්න එපැයි. එසේ මෙසේ දුරක්ද .... පැය තුනක ගමනක් නේ... ඉතින් අමිත් එයාගේ හැමදේම ප්‍රියාට කිව්වා. ප්‍රියත් අමිත්ට ගොඩක් ලං වුණා. අහම්බෙන් දෙන්නා මෙහෙම සෙට් වුණාට. දෙන්න හරියට දැන් කිරියි පොල් කිරියි වගේ ප්‍රියත් ඉතින් කියවනවා.. කියවනවා... ඉවරයක් නෑනේ... ඉතින් අමිත් එයා අහන දේවල් වලටත් රිප්ලයි යවන්න අදිමදි කළේ නෑ... මොකද අමිත්ගේ හිතේ ප්‍රියා ගැන පොඩි අදහසක් තිබුණා.  දෙන්නා එක්ක මෙහෙම සතුටු සාමිච්චියේ යෙදිලා කතා බහ කරලා පැය 3 ගත වෙනකම් දෙන්නටම දැනුනේ නෑ...  දෙන්නා හොද යාළුවෝ වුණා.  ඉතින් ප්‍රියත් හරි හිත හොද කෙල්ලනේ.. තොල තොන්චියක් නැතිව කියෙව්වත් එකෙත් පොඩි ගතියක් තියෙනවා... ඕන කොල්ලෙක් ආසයි. තමන් ආදරේ කරන කෙල්ල තමන්ගේ ළගම වෙලා කියව කියව ඉන්නවට... (අනේ මේ මම නම් ඔවා දන්නේ නෑ... ඔය සමහරු එහෙම කියනවා එකයි හොදේ එහෙම ප්‍රකාශ කළේ) අමිත් මේ වෙනකම් ප්‍රියාව දැකලා තිබුනේ නෑ.. අනික අමිත් දන්නෙත් නෑ මේ.. එයා ඉස්කොලෙන් අවුට් වෙච්ච කාලේ ඉස්කොලේට ආපු කෙල්ල කියලා... ප්‍රියත් එහෙමයි.. දෙන්නට දෙන්නා ගොඩක් ලං වෙන්න ඇත්තේ සංසාරේ පුරුද්දට වෙන්න ඇති. කොහොම වුණත් කෙල්ලගේ හිතේ අමිත් ගැන පොඩි හරි අදහසක් තිබුණා කියලා නම් මට අනිවා කියන්න පුළුවන්... අමිත්ට මග දිගට ප්‍රියා මැසේජ් කරනවා.. කෑම කන්න හොද තැන් මොනවද කියලා...  ගමනට කලින් ෆාමසි එකෙන් ගන්න ඕනි බෙහෙත් මතක් කරලා වතුර බොතල් දෙකක් විතර ගන්න... කෝකටත්  මගදි පොඩි බඩගින්නක් ඇති වුනොත් කියලා... කන්න තව බිස්කට් පැකට් 2 විතර ගන්න... කියලා ඔය වගේ පණ්ඩිත කතා සෙට් එකක් නම් කිව්වා. ඉතින් අමිත්ටත් තේරුණා මේ කෙල්ලගේ මීටරේ නම් ගොඩක් හොදයි කියලා (මොලේ හොදයි කියලා :ඩීඉතින් කෙල්ලගේ හිතේ අමිත් ගැන අදහසක් තිබුණ නිසා තමයි මේ විදියට ගයිඩ් කලේ කියලා නම් මට සුවර් නැත්තම් දෙයියනේ අපි මේ උදේ හවා කොළඹ යනවා එනවාඅපිට මොකෙක්වත් කතා කරලා කියනවද අඩුම තරමේ විජලනේ හැදිලා මැරෙයි වතුර එකක් ගෙනියන්න කියලා.

අමිත් කොළඹට රැ 8 විතර එන්න පුළුවන් වුණා. රැට කෑමත් කාලා අම්පාර බස් කිවු එකට දුවගෙන ආවා ඔන්න වැඩේ දෙල් වෙන්න යන්නේ.. බස් එකට පොලිම මිටර් 100 විතර ඇති. අමිත්ට කර කියා ගන්න දෙයක් නෑ... කමක් නෑ කියට හරි යනවා කියලා ඉදියා. හ්ම්... ඉතින් ඊළග බස් එකෙවත් යනවා කියාල හිතාගෙන අමිත් පොළිමට වෙලා ඉදියා.. ඔය අතරේ අමිත්ට ප්‍රියාව මතක් වුණා. ඉතින් විස්තරේ කියලා මුහුණු පොතට මැසෙජ් කළා. ඉතින් ප්‍රියත් රැ වෙනකම්ම අමිත් එක්ක චැට් කර කර හිටියා. කෙල්ලගේ හිතෙත් මොකක්දෝ අදහසක් තියෙනවනේ... ඉතින් මේ දෙන්න එළිවෙනකම් චැට් කරත් අඩුම තරමේ දෙන්නගේ මොබයිල් නම්බර්ස් වත් දෙන්නා දන්නේ නෑ... අමිත්ට ඉතින් කොහොමත් කෙල්ලන්ගේ නම්බර්ස් ඉල්ලන්න යන ජාතියේ එකෙක් නෙමෙයිනේ.. ඉතින් බුකියේ චැට් එකේම ප්‍රියා එක්ක චැට් කලා..  කොහොම හරි පෙස්බුක් ලොග් වෙලාම අමිත්ගේ ෆොන් එකේ බැට්රි බැහැලා. (බලන්න ඉතින් එකෙත් හැටි ලවු එක පටන් ගත්ත ගමන් සොරි ඩොට් කොම් වෙන්න යනවද මන්දා..)

අන්තිම සැරේට ප්‍රියාගෙන් අමිත්ට රැ 10 විතර මැසෙජ් එකක් අවා.. මට නම් දැන් නිදිමතයි මම නිදා ගන්නවා කියලා. අනේ දැන් කොහොම රිප්ලයි යවන්ද ? දෛවයේ කැමත්ත තමයි ඉතින් එකත් මොනවා කියලා කරන්නද ඉතින්... දැන් රැ 11 විතර වෙලා තවමත් බස් එකේ පොළිමේ තමයි අමිත් ඉන්නේ... සමහරු ඉතින් රණ්ඩුවෙන්නත් පටන් ගත්තා. එක මනුස්සයෙක්ව තල්ලු කලා කියලා.. බස් දොස්තර මහත්තයෙක් බස් එක ඇතුලේ දාගෙනම ජනතාව ප්‍රතිකාර කලා...  හපොයි මේවා දැකලා අමිත්ටත් නිකම් පික්සු වගේ...  කොහොම හරි ට්‍රයි කරලා අමිත් අන්තිම වතිවට මුහුණු පොතට රිංගලා ප්‍රියාට සින් එක කියලා මැසෙජ් එකක් දැම්මා මගේ ෆොන් එක ඔෆ් වෙන්න යන්නේ ඔයාට ආයේ මැසෙජ් එකක් දාන්න වෙන්නේ යාළුවගේ ගෙදර ගියාම තමයි කියලා. ඉතින් එහෙම මැසෙජ් එකක් ප්‍රියාට යවලා අමිත් ෆොන් එකෙන් සිම් එක ගලව ගත්තා... අමිත් ෆොන් දෙකක් යුස් කලා පෙස් බුක් යන්න සොනිඑරික්සන් එකකුයි. නොමල් නොකියා එකකුයි. ඉතින් ගලවපු සිම් එක අනිත් ෆොන් එකට දාගත්තේ.. දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන.. අඩුම තරමේ ප්‍රියාට මැසෙජ් කරන්න බැරි වුනත්.. කෙල්ල එවන එකක් හරි කියවන්න පුළුවන් කියලා හිතා ගෙන... ප්‍රියාගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ... එයාටත් නින්ද ගිහින් වෙන්න ඇති..  අම්පාරේ යන බස් එකට අමිත්ට වාඩි වෙන්න පුළුවන් වුනේ පාන්දර 11 විතර.. එකත් පොළිමේ හිටගෙන බාගෙට පණ ගිහින් එහෙන් නිදිමතයි.. ඒ ඔක්කොටම වඩා අර කියව කියව ඉදිය ප්‍රියා නිදාගත්තට පස්සේ... අමිත්ට ගොඩක් පාළු.. තනිකම දැනෙන්න ගත්තා.. මොකද අදුරන කෙනෙක් කියලා නෑනේ... ටොකක් දාන්න අල්ලගන්නවත්..  ඉතින් දවල් වෙච්ච සිද්ධි ගැන කල්පනා කර කර අමිත් බස් එකේ නිදා ගත්තා.....


රැ හීන දැක දැක නිදා ගත්ත අමිත් පාන්දර 6 විතර වෙනකොට ඇහැරුණා. පැය 8 ඔෆිස් එකේ වැඩ කරලා පැය 3 කොළඹ යන බස් එකේ ඉදගෙන. පැය 5 විතර හිටගෙන ඉදලා.. පැය 5 තිස්සේ ගැස්ස ගැස්සි සිට් එකක් අස්සේ හිරවෙලා නිදා ගෙන අමිත්ට එපා වෙලා ඉදියේ... ඉතින් වතුර බොතලේ අරන් පොඩ්ඩක් වොෂ් එකක් දාලා.. ෂිට් එකේ හරි බරි ගැහිලා ඉදගෙන.. පාර දිහා බලා ගෙන ඉන්න හිටියා.  බස් එක තිස්සමහාරාමේ නැවැත්තුවා... උදේට තේ බොන්න..  අමිත් ටැප් එකක් දැකලා එක ලගට ගිහින් මුණ සෝදගෙන තේ එකකුත් බිලා බස් එකට නැග්ගා.. අමිත්ගේ ෆොන් එකට මැසෙජ් එකක් ආවා... ඒකත් දන්නේ නැති නම්බර් එකකින් ගුඩ් මොනින් කියලා. ඉතින් අමිත් කවුරු උනත් කමක් නෑ.. කියලා ගුඩ් මොනින් කියලා කිව්වා.  ඊට පස්සේ දෙතුන් පාරක් ඒ නම්බර් එකෙන් මිස් කොල් ආවා. එත් අමිත් ඒ ගැන වැඩිය හිතුවේ නෑ... අමිත් හිතුවේ ප්‍රියා ගැන විතරමයි..

ඔන්න ඉතින් උදේ 10 විතර වෙන කොට අම්පාරට එන්න පුළුවන් වුණා. අමිත් හිටියේ බාගෙට මැරිච්ච එකෙක් වගේ අමිත්ගේ යාළුවා පුර්ණ ඇවිත් හිටියා අමිත්ව එක්කන් යන්න. කොහොම හරි අමිත් පුර්ණගේ ගෙදර යන කොට උදේ 11 විතර වුණා. කලින් දවසේ උදේ 7.30 දාගත්ත සපත්තු කුට්ටම පැය 28 විතර පස්සේ ගැලෙවුවම කොයි තරම් නම් සනිපද කියලා ඉතින් මම විසේසයෙන් කියන්න ඕනි නෑනේ.. පුර්ණගේ ගෙදරට ගිහින් අමිත් නාලා උදේට කාලා ෆොන් එක චාජ් කරගෙන ආයේ සිම් මාරු කරගෙන 12 විතර මුහුණු පොත පැත්තට ගියේ.. ප්‍රියාගෙන් මැසෙජ් එකක්වත් ඇවිත් ඇති කියන බලා පොරොත්තුවෙන්.. එකත් ලොග් වෙන්න ගියාම පට්ට එපා වෙනවා ඒ පැත්තට මොබයිල් සිග්නල් අඩුයිනේ... ඉතින් කොහොම හරි කරලා ලොග් උණා කියමුකෝ... ඔන්න ප්‍රියාගෙන් මැසෙජ් එකක් තිබුණා...  පරිස්සමෙන් ගිහින් රිප්ලයි එකක් දෙන්න කියලා. මේක දැකලා අමිත්ගේ ඉහේ මලක් පිපිලා මලට බඹරෙක් වැහුවා වගේ... ඉතින් අමිත් ප්‍රියාට මැසෙජ් එකක් යැවුවා. මම කරදරයක් නැතිව ආවා කියලා. ටික වෙලාවක් යන කොට අමිත්ගේ ෆොන් එකට මැසෙජ් එකක් ආවා අර උදේ ආව අදුරන්නේ නැති නම්බර් එකෙන්..  හොදයි කරදරයක් නැතිව ආපු එක... කියලා. එතකොටයි අමිත් දන්නේ උදේ ඉදලා මිස් ගගහ හිටියේ ප්‍රියා කියලා.. අමිත්ට මාර හැපි.. ප්‍රියා අමිත්ගේ නම්බර් එක හොයාගෙන තියෙන්නේ පෙස්බුක් එකේ අමිත්ගේ ප්‍රෙෆයිල් එකෙන්..  

ඉතින් කාලයත් ගත වෙලා ගියා අමිත්... ප්‍රියා එක්ක ඉඩ තිබුණ හැම වෙලාවකම චැට් කලා.. මාස 2 විතර යනකම් දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කළේ නෑ.... (ඔය සමහරු වගේ ඔෆිස් වල නම්බර් වලින් කොල් කරලා වෙයිස් චෙක් කලේ නෑ... හොදේ :පී) මැසෙජ් විතරයි යැවුවේ. එත් එක දවසක් ඉන්ටර් නෙට් එක්ස්ප්ලොරා එකේ අවුලක් ඇතිවෙලා. අමිත් ප්‍රියාට මැසෙජ් එකක් යැවුවා.  ප්‍රියා අමිත්ට කොල් එකක් අරගෙන ඒක හදා ගන්න හැටි කියා දුන්නා. එදා තමයි ඉස්සරවෙලාම දෙන්නට දෙන්නා කතා කළේ. ඔය විදියට අමිත් ප්‍රියාව ගොඩක් ලගින් ආශ්‍රය කලා.. ප්‍රියත් එහෙමමයි. දවසක් ප්‍රියා ඉල්ලපු සොෆ්ට්වෙයා වගයක් දෙන්න.. ප්‍රියාට අමිත්ගේ ඔෆිස් එකට එන්න කිව්වා. එදා තමයි ප්‍රියා අමිත්ව පළවෙනි සැරේට දැක්කේ.. එත් අමිත් නම් මිට කලින් එක වතාවක් දැකලා තියෙනවා කියලා මතක් වුනේ ඊට පස්සේ ඉන් ඔහෙම දෙන්නා ගොඩක් ලං වෙන්න ගත්තා ෆොන් එකෙන් මැසෙජ් යවපු දෙන්න පැය ගනන් කතා කරන්න පටන් ගත්තා. දෙන්නට දෙන්නා නැතිව බැරි තැනටම මේ දෙන්නා ගෙඩක් සමිප වුණා. දවසට 1ක් 2ක් ගහපු මැසෙජ් දැන් දවසකට 20ට 30ට වඩා වැඩි වුණා. ඉතින් මෙහෙම දෙන්නට දෙන්නගේ හිතේ ආදරේ තේරුම ගන්න පුළුවන් මට්ටමකට ආවා. අමිත් ප්‍රියා එක්ක ගොඩක් දේවල් කතා කරන්නේ කවි වලින් නිසැදැස් වලින්.. ඉතින් අමිත් ගොඩක් දුරට හිතලා කල්පනා කරලා.. අමිත්ගේ ආදරේ කියලා ප්‍රියාට නිසැදසක් යැවුවා...  ඉතින් ප්‍රියත් අමිත්ට නොකිව්වට හිතින් ආදරේ කලා.. ප්‍රියා අමිත්ගෙන් දැන ගත්තට පස්සේ එයා තමන්ට ආදරේ කරනවා කියලා එයා අමිත්ට එයාගේ ආදරේ මෙන්න මෙහෙම තමයි ප්‍රකාශ කළේ...

මා සිත නිවාලන...
ඔබේ සුමිහිරි මදහසේ,
ගිලි මියෙන්නට පෙරුම් පුරමි මා....
වෙහෙසි සෙවනට
පැමිණෙන තුරු....
හිදින්නම් බලා හිද මා
මේ දිවිය....
ඔබේ සෙවනේ හිදින්නට
පෙරමන් බලා හිදින්නම් මා...

අමිත්ගේ හදවත උඩ තිබුණ ලොකු බරක් අයින් කරා වගේ.. නිදහසක් තමයි අමිත්ට දැනෙන්න ගත්තේ.. ඒක හරියට පන්සලේ බෝධිය සෙවනේ.. ඉදිද්දි හිතට දැනෙන සැනසුම වගේ හරිම ශාන්ත නිදහසක්... ටික වෙලාවක් ඉදලා අමිත් ප්‍රියාට ආයේ මැසෙජ් කලා.. මෙන්න මෙහෙම කියලා.

ලුණු කදුළින් තෙත්ව ගිය නෙතු..
ඔබේ මදහස් පෙම.. අමා සුව...
ලැබු දින සිට ඔබ ලබන්නට....
පුරයි පෙරුමන් සහස්ගවු දුරින්,
නිරා දුක් විදි ඒ අතීතය..
දෙව් ලොවක් කලා වර්තමානය...
ඔබේ පෙම් සුව මගේ දිවියෙන්,
වෙන් නොකරමි මං කින්නරාවිය...

අමිත්ගේ ජිවිතේ කරපු ලොකුම වැරැද්ද ( ඒ කිව්වේ අර කෙල්ලෙක් දැකලා එයා කියලා හිතලා ප්‍රියාට මැසෙජ් කල එක..) අහම්බෙන් අමිත්ගේ ජිවිතේ ගොඩක් ආලෝකමත් කලා. අමිත් ගොඩක් සතුටින් ඒ ආදරේ අද විදිනවා.. ඒ වගේම ප්‍රියා.. අමිත් ප්‍රියා එක්ක පහුගිය සතියේ විවාහ වුණා.. ඉතින් මම ඔයාලට මේ කතාව කිව්වේ.. හැමදාම කියනවා වගේ අහඹු බැදිම් සදාකාලිකයි. කියන එක ඔප්පු කරන්න... දෛවය කියන එක මහා පුදුමාකර එකක්.. අපේ අනිත් කොටස අපිට කවදා කොතනදී මොන ආකාරයකින් අපිට ලැබෙවිද කියලා කියන්න ඔයාවත් මමවත් දන්නේ නෑ... එත් දෛවය කවදා හරි අපි දෙන්නා එකතු කරයි කියන හැගිම තිබුනොත් එක ජිවිතේට ගොඩක් වටිනවා.. එක නිසා.. ඒ දෛවය දෙන අවස්ථාව නම් මිස් කර ගන්න එපා...

කෙල්ලො බස් වගේ, එකක් යන කොට එකක් එනවා... එත් ඒ ඔක්කොම බස් අතරින් ඔයාව ගෙදර ගෙනියන්නේ එකම එක බස් එකක් විතරයි. ඔයා ඒ බස් එක නම් මිස් කර ගන්න එපා අනිත් හැම බස් එකක්ම වැඩකට නෑ... ඒ බස් එක ඇර, (ඔයාලා අහයි ඇයි ඔයාට ඔයාගේ බස් එක හම්බවුනේ නැද්ද කියලා ... තාම නම් නෑ... මොකද මම බස් වල යන්නේ නෑනේ... :ඩී :ඩී)


No comments:

Post a Comment

Twitter Bird Gadget