Thursday, December 22, 2011

සිහින කොදෙව්ව - මගේ ආදරයේ තවත් එක් සංවත්සරයක්


එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනව

මල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියෙනවා
....
නුබ මගේ ලගින් නෑති අඩුව මට දෑනෙනව
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා......


හ්ම්... අද දෙසැම්බර් 23 ගෙවුණු අතීතේ තවත් එක් අපුරු වැදගත් දවසක්, මගේ ජිවිතේ දී මට ගෙවෙන හැම මොහොතක් වැදගත් කියලා තමයි මම හිතන්නේ මොකද ඒ ගෙවෙන හැම මොහොතක්ම ආයේ අපිට වැදගත් වුනත් නොවැදගත් වුනත් ආයේ ගෙන්න ගන්න නම් බෑ... මොකද කාලය අපිත් එක්ක ගමන් කරනවා මිසක අපිට බෑ ගෙවිච්ච කාලය ආයේ ආයේ ගෙන්න ගන්න... මොනදේ උනත් ජිවිතේ ගෙවුනු කාලේ හැම මොහොතක්ම වගේ සතුටින් ඉන්න ඇති කියලා හිතනවා එහෙම හිතුවට ඒ ගෙවුනු කාලේ දුකෙන් හිටියේ නෑ.. කියලා නෙමෙයි කියන්නේ... එත් දුක ගැන හිතලා තවත් දුක් වෙනවට වඩා හොදයි ඉතිරි වුණ ලස්සන මතක සටහන් මතක් කරලා සතුටින් ඉන්න එක.... මම හිතනවා මම ඒ හිතන විදිය නිවැරදියි කියලා.. සමහරු කියයි ජිවිතේ ගෙවුණු කාලේ නම් මහා නීරස අදුරු මතක තියෙන ජිවිතේ මහා කාලකන්නිම කාලය කියලා.. එත් මම හිතන්නේ මගේ ජිවිතේ ගෙවුණු කාලය අනාගතයට වඩා ලස්සනයි...  එහෙම කියන්න හේතුවක් තියෙනවා මොකද සංවත්සරයක් කියන්නේ ගොඩක් දෙනෙක් එකතු වෙලා සමරන දෙයක්... එහෙම නැත්තම් ආදරවන්තියත් එක්ක ආදරවන්තයත් එක්ක එකතු වෙලා සමරන දෙයක් ... ගෙවිච්ච මතක සටහන් වලට නම් මේවා හුරු පුරුදු මතක සටහන් එත් අද මම තනියම සංවත්සරය සමරනවා එකත් වෙනදා වගේ කෙක් ගෙඩියක් තියාගෙන ඉටිපන්දමක් පත්තු කරලා කෙක්කාලා නම් නෙමෙයි.. කල් පිරුණු වෛරස් ගාඩ් එකක් එක්ක ඩැමෙජ් වෙච්ච හිතක් තියාගෙන තාම මගේ නොවුනු කවියටම පෙම් කර කර... මෙනවා කරන්ද මිනිස්සු කකුල් දෙකෙන් නැගිටින්නම බැරි වෙන්න පහතටම වැටෙන අවස්ථා දෙකක් තියෙනවා ඒයින් එකක් තමයි අපේ අයම අපේ කකුලෙන් අල්ලා අපිව බිමට ඇදලා දාන අවස්ථාවයි... අහිමි පෙම් කවියක් හිතේ තියන් විදවන අවස්ථාවයි.. මේ අවස්ථා දෙකේ දී තරම් මිනිස්සු දුක් විදින තරම් සමාන කරන්න වෙන කිසිම අවස්ථාවක් නැ.... සමහරු කියයි.. ඔය මොකක්ද සල්ලි නැති වුනොත් විදවන්න වෙනවා ඔයිට වඩා කියලා.. එත් චුට්ටක් මෙහෙමත් හිතන්න.. සල්ලි අද තියෙනවා හෙට නැති වෙනවා.. අපි කොච්චර අසරණ උනත් හිගාකාලා හරි සල්ලි හොයයි.. එත් අපේ කෙනෙක් අපේ කකුලෙන් ඇදලා අපිව බිම දාන්න හදනකොට අපිට නැගිටින්න දෙන්නේ නැති වෙන කොට මේ.. සල්ලි නැති වුනාට වඩා දුකක් අපිට දැනෙනවා නේද? ඒ වගේම තමයි ආදරේ... ජිවිතේ කොච්චර සල්ලි තිබුනත්.. ආදරේ කියනදේ ජිවිතේ නැත්තම් ඒ මිනිහා තමයි ලෝකේ ඉන්න ලොකුම අවාසනා වන්තයා.. ලොකුම දුප්පතා...  අපිට පෙන්න රජ මාළිගාවල ජිවත් වෙන උදවියත් ආදරේ නැතිව කොයි තරම් නම් දුක් විදිනද? හැම දේම සල්ලි වලට මිල කරන්න පුළුවන් වුනාට නිර්මල සත්‍ය ආදරේ නම් සල්ලි වලට මිලක් කරන්න මේ ලෝකේ කිසිම කෙනෙක්ට පුළුවන් වෙයි කියලා නම් මම හිතන් නෑ... ආදරේ නැමති විලේ ඉඩෝරයට අහුවෙලා නැගිටින්න බැරි අය අද සමාජේ අනන්තවත් ඉන්නවා.. ඒ අය දන්නවා ආදරේ කියන්නේ මොකක්ද? තමන් ආදරේ කළ පෙම්වතා හෝ පෙම්වතිය නැති වුණාම හිතෙට දැනෙන වේදනාව මොනවා කරන්නද ලැබෙන්න තියෙනම් අපිට ලැබෙයි කියලා හිතලා ආදරේ දී හිත හදා ගන්න කොච්චර හැදුවත් ඒක නම් කරන්න අමාරුයි.. මොකද කොහේ හරි යන හිතල සුළගක් හරි ඇගේ වැදිලා මතක් කරන්නේ ඒ අතීතයමයි..   

මගේ ජිවිතේ සුළග විතරක් නම් නෙමෙයි වැස්සත් මට ආදර පණිවිඩ ගෙනවා හරියට කලිදාසයන්ට මේඝ දුතයේ පෙම් පණිවිඩ යැව්වා වගේ... අපි හමුවුණ හැම සරේම අපිට කුඩෙකින් අඩුවක් නම් තිබුණා මිසක වැස්සෙන් නම් කිසිම අඩුවක් නෑ... හැමදාම වහිනවා... ඔය කතාව දැන ගත්ත මගේ යාළුවෝ මට කිව්වේ උඹ නම් බං හොයාගෙන තියෙන්නේ ෂුවර් එකටම වැහිළිහිනියෙක් කියලා අනේ ඒ වැහිළිහිණි මගේ කර ගන්න පුළුවන් උනානම් අද මම තමයි මේ ලොකේ ඉන්න ලොකුම පොසතා මොනවා කරන්නද දෛවට අපිට ලබා දෙන දේවල් වලට වඩා නැති කරන දේවල් එමටයි.. ඒ වැහිළිහිණිත් වැහි ඇදුරත් එක්කම යන්න ගියා.. මගේ ආදර කුඩුව ගිණිතියලා මගේ තටු කපලා.. ආයේ උඹට පියාඹන්න මම ඉඩ තියන්නේ නෑ කියලම... එත් මම කවදාවත් වැස්සටවත්... ඒ ලිහිණිටවත් සාප කළේ නෑ... ඔයා කොහේ හිටියත් හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න.. ඔයා ඒ හිනා වෙන හැම හිනාවකම මම ජිවත් වෙනවා කියලා කියන්න...  අද ඒ ලිහිණි මගේ ළග නැති වුණාට..සතුටින් ඉන්නවා කියලා නම් මම දන්නවා.. මට කැදැල්ලක් හදා ගන්න බැරි වුණාට ලිහිණි පුංචි කැදල්ලක් හදලා කියලත් මම දන්නවා.. එත් මේ වැහි ලිහිණයට එයාගේ ලිහිණිගේ වියෝව දරා ගන්න.. ලිහිණිව හිතෙන් කුරුටු ගලා දන්න.. තාම බැරි වුණා.. මොකද වැස්සක් දනින හැම මොහොතකම ලිහිණි එයි කියලා තමයි හිත හිත උන්නේ.. එත් තාම ආවේ  නෑ... කැදැල්ලට තව ලිහිණියෙක් ගෙන්න ගන්නත් මම උත්සාහ කළා එත් ඒ ලිහිණිත් මම වගේ තටු කැඩිච්ච ලිහිණියෙක්... කතාවක් තියෙනවා පළමු පෙම අමතක කරන්න බෑ.. කියලා..  ඉතින් අද මම තනියම ලිහිණි කොදෙව්වට වෙලා ... මගේ සංවත්සර සැමරුම සමරනවා.. අදත් මගේ ප්‍රර්ථනාව මේ ආත්මේ දී මට අහිමි වුණු ඒ ලිහිණි ආයේ උපදින ආත්මයක හරි.. පුංචි කැදල්ලක් හදා ගෙන සතුටින් ජිවත් වෙන්න පුළුවන් මගේ වැහි ලිහිණිය වෙන්න කියලා.. 

No comments:

Post a Comment

Twitter Bird Gadget