Wednesday, February 1, 2012

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන්... (සඳ කිඳුරු ජාතක)

සද කිදුරා මං නුඹ කිදුරිය නම්... සද ගිරි පව්වට වැද ගොඩ වෙන්නම්...
නුඹ ලේන කුලේ සිට දුක පැතුවා..... මම මේ ජිවන ගග මැද සිටියා....
බෝ දුක්සේ මා සිත නිදි වැටුණා... ඒ ආශාවන් සිහිනේ ගිලුණා....
මා අදුරේ මදුර සොයා පේවි.....සද කිදුරු කුලේ දි තනි වේවි ......
යා වේද පෙමකින් අප සිත්.....

මා ආශාවන් ‍හෝ අභිලා‍ශෙන්...... මා උත්සාහෙනි ප්‍රේමය දුටුවේ....
ඔබ ශාක්‍යය කුලේ කුමරෙකු පැතුවා....  මම මේ ජිවන ගග මැද සිටියා.....
රන් කෙන්ද අපට දුක අත ගන්වා, ගිනි කන්ද උඩදි කදුලැලි වින්දා.....
මා අදුරේ මදුර සොයා පේවි.... සද කිදුරු කුලේ දි තනි වේවි...
යා වේද පෙමකින් අප සිත්.....

 

සුගතයන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වැඩ වසන සේක්. යශෝධරා දේවීන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් යශෝධරා දේවීන් වහන්සේගේ මාළිගාවට වැඩි ගමනේ සුද්ධෝදන රජතුමා බිම්බා (යශෝධරා) දේවියගේ ගුණ කියන්නේ ස්වාමීනී මාගේ මේ යෙහෙළිය ඔබ කෙරෙහි ආදරයෙන් මහභිනික්මන් කොට කාෂාය වස්ත්‍ර ඇඳි බව අසා පට සලු පැළඳීමෙන් වෙන් වූවාය. එක් වේලේ වළදතියි අසා ඈද එක් වේලක් ආහාර ගැනීමෙන් දවසරන්නීය. බිම සයනය කරන බැව් අසා බිම සයනය කරන්නීය. ඔබ පැවිදි වූ බැව් අසා සෙසු රජ දරුවන් එවූ පඬුරු පිළි නොගෙන ඔබ වහන්සේට ස්නේහයෙන් වැන්දඹුව ජීවත් වූයේ ඉතා අශ්චය්‍ර්‍යයයි සිතමියි යනාදීන් බිම්බාවගේ ගුණ වර්ණනා කෙළේය. පිය රජතුමනි ඈ මේ කෙළවර අත් බැව්හි මා කෙරෙහි ස්නේහයෙන් ක්ලේශ වසඟ නොවී අනුන් නොපැතීම පුදුම නොවෙයි පෙර තිරිසන් යෝනියෙහි ඉපිද පවා මා කෙරෙහි ස්නේහයෙන් අන් අය නොපැතුවේ වේදැයි ඉකුත් වත වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍යය කර කල්හි හිමාල වනයෙහි රිදී පව්වක මහ පිනැති සඳ කිදුරෙක් සහ සඳ කිඳුරියක් වාසය කළහ. දිනක් බරණැස් රජ්ජුරුවෝ ඇමතියන් අතර රාජ්‍යය පවරා කළු පිළි හැඳ පඤ්චායුධයෙන් සැරසී හිමාල වනයට වැද මුවන් මරා කා ඇවිදිනේ වස්කුලක් පිඹිමින් ගී කිය කියා මනහර ලෙස නටන සඳ කිඳුරු යුවල දැක කිදුරංගනාව කෙරේ සිත් ඇතිව මේ කිඳුරා විද මරා මෑ හා සමඟ වාසය කරමියි සිතා සැඟවී සිට කිඳුරාට හීයක් විද්දේය. එයින් ගලන ලේ ඇති වේදනාවෙන් යුතු වූ කිඳුරා තම සොඳුරිය අමතා ප්‍රිය චන්ද්‍රිකාව මාගේ ප්‍රාණය තව ස්වල්ප වේලාවකින් නිරුඬ වන්නේය. එයින් ශෝක නොකරව තොපගේ ක්‍රීඩා බල සැනසීමක් මින් මතු නොවන්නේ යයි කියමින් සිට අඬා මල් ඇතිරිය මත්තෙහි පෙරලී වැඳහොත්තේය. රජද වීදි තැනම සිටියේය. කිඳුරා ඊ පහර කා මෙසේ හඬතත් කිඳුරු ලිය මේ කිසිවක් නොදත්තී නටමින්ම සිටියාය. ටික වේලාවකින් විසඥව වැදහොත් කිඳුරා දැක මාගේ රැඟුම් නොබලා වැදහෝනට හේතුව කුමක් දැයි බලන්නී. ගලන ලේ දැක ශෝකය දරාගත නොහී අක්‍රොෂ බෙනෙමින් මහ හඬින් හඬන්නට වන්නීය. සැඟවී සිටි රජ කිඳුරා මළේ යයි හෙළින් බැස තී හඬන්නට වන්නීය. සැඟවී සිටි රජ කිඳුරා මළේ යයි හෙළින් බැස තී හඬන්නට කාරණා කවරේ ද මම තී පාද පරිවාරික කොට සොළොස් දහසක් පුරාංගනාවන්ට අග මෙහෙසිය කරමියි කීය. කිදුරංගනාව මේමාගේ සැමියාට විදි සොරා යයි දැන භය ශෝකය දෙකින් යුතුව වෙවුලමින් දිවගෙන ගොස් පර්වතය මුදුනට නැඟී අඬමින් මේ සා දුකක් උපදවන ලද සාපිෂ්ට වූ දෝහිය මාගේ ස්වාමියාව මා උදෙසා මැරී නම් මාගේ ස්වාමියාට පැමිණ මරණ දුක තට වේවා මට පැමිණියා වූ මරණ ශෝකය තගේ අඹුවට වේවා පාපිෂටය. තාගේ මව්ද නොදැක සොහොනට යේවා. දුෂට මහරජ තට ශාප වේවා යනාදී වශයෙන් කියමින් විලාප බස් දොඩන්නට පටන් ගත්තාය. රජ ඈ සනසමින් චන්ද්‍රිකාව තොප ශෝක නොකරව. තොප මට බිරින්ද වී රජ ගෙට එනු මැනවි.

කිඳුරිය- අවලක්‍ෂණ වූ තෝ මා නිසා නිරපරාධ වූ මාගේ සමනා මැරීද? ඔහු කෙරෙහි ස්නේහයෙන් අඬා මිය යතත් තොපගේ බිසව නොවෙමියි කීවාය. රජතුමා කිඳුරිය කෙරෙහි කිපී තිරිසන් වූ තිට රජ සැප විඳීමට භාග්‍යයක් ඇද්දැයි කියා යන්ට ගියහ. රජ ගිය නියාව දුටු කිඳුරිය පර්වතයෙන් බැස කිඳුරා ලඟට පැමිණ ඔසවා පර්වතය මුදුනට ගෙන ගොස් හිස තම ඇකයෙහි තබා ගෙන අඬන්නී. ආදර ස්වාමීනී පෙර ඔබ හා පර්වත ගුහාදියෙහි සිත් සේ ක්‍රීඩා කරමින් ඇවිද දැන් ඔබෙන් වෙන්ව මම කෙසේ සැනසෙම්ද? අපි මෙතෙක් කල් ක්‍රීඩා කළ ඇළ දොළ ගංගා වැලි තලා මල් ගොමු ලියවැල් ආදිය මට අද අඳුරු ගුහා මෙන් හතර විටින් දිස්වේ. අනේ හිමියනි කාගේ මුහුණ බලා ඉතින් මම දුක නිවා ගන්නෙම්ද? අහෝ ලෝකපාල දෙවියනි මේ දුක මට ගෙන දුන්නේ කවරෙක්ද? ඉතින් දෙවි කෙනෙක් මෙළොව ඇත්නම් මහිමිට පැමිණ දුක නොපෙනේදෝ කියමින් අඬා උන්සඳ බමුණු වෙසින් එහි පැමිණ සක්දෙව් රජ කෙන්ඩියෙන් පැන් ඉස විෂබාටා ඉන් නැගිටුවා මේ මනුෂ්‍ය පථයෙන් තොරව චන්ද්‍රගිරි පර්වතයට ගොස් වාසය කරවයි පෙරසේම වාසය කළහ.

එසමයෙහි බරණැස් රජු නම් දැන් අනුරුද්ධ තෙරුන්ය. කිඳුරිය නම් යශෝධරා දේවීය. සඳ කිඳුරුව උපන්නේ බුදුරජාණන් වහන්සේය.

Twitter Bird Gadget