Sunday, March 6, 2011

සිහින පාරමී - පළමු කොටස

වැස්සකුත් එන්න වගේ බලන්නකෝ දන්නෙ ම නැතුව රෑ වෙචිච තරමි. රෑ කැම එක හදන්න ගියානේ පැය එකහමාරක් විතර මම හිතේ බයෙන් යුතුව පැවසු‍වේ.

කොළඹ හැම කඩයකම කැම හදන්න ඔචිචර වෙලා යනවද පුංචි හාමු ඇය ඇසු‍‍වේ ‍කොළඹ ගැන නොදන්නා කමට ය. එය මට වැටහිනි මෙලෙස ඇය පුංචි හාමු යැයි මා අමතන්නේ දිගු කළක් පුරා අප තුළ පැවැති ආදරය නිසායැයි මට හැගිනි. මා ද වරේක ඇය අමතනුයේ සුදු මැණිකේ ලෙසටය. එය ඇයට බොහෝ සෙයින් උචිත වුවේ ඇය උඩරට කුමාරිකවක්මෙන් චමත්කාර ලදක වු නිසාය.

‍මේ කඩයක් නෙමෙයි.......... ‍
‍මේක රෙස්ටි හවුස් එකක් ‍‍මේවායේ කෑම එවෙ‍‍ලේම හදලා දෙන්නේ. කඩවල වාගේ දවස් ගණන් පරණ ‍වෙචිච කෑම නෙමෙයි. අනෙක හොටෙල් වලින් එහෙම පරක්කු කරන්නේ අද කාමරයක් අරගෙන නැවතිල යන්න කියන අදහසින් වෙන්න ඇති

චි...... ඒ මොන නාඩගමක්ද? එයාලට පිස්සු ද ඇය අප්‍රිය ගතියකින් ඇසුවාය.

නගින්න නගින්න  අපි යමු මා විහිලුවටයි කිව්වේ. ඇයත් සමග මා ජිප් එකට නැග ගත්තේය. මම ජිප් එක පණ ගන්වන ස්විචය දැමුවේය. එහෙත් ඇන්ජිම පණ ගන්වුණේ නැත. ඒ සමගම තද වැහි වළාකුලක් සමගින් ඉතා දරැණු ලෙස වැස්ස ඇද හැලෙන්නට විය. ඇන්ජිම පණ ගැන්විමට 4 පස් වතාවක් ඇද හැලෙන්නට විය. එය ක්‍රියාත්මක නොවිය.

ඔයා ඔහොම ඉන්න මම ඇන්ජිම චෙක් කරලා එන්නමි. මම තද වැස්සේම ජිප් රියෙන් බැස බොනටි එක ඔසවා ඇන්ජිම පරික්ෂා කරන්නට විය. ඒ අතර තුර තද විදුලි කෙටිමි ද සහිතව ගොරවමින් ධාරාණිපාත වර්ෂාව ඇද හැලිණි. තත්පර ගණනකදි මගේ ඇග තෙමි ගියේය. මම පරක්කු වු බැවින් ඇයද ජිප් රියෙන් බැස මා ඇන්ජිම පරික්ෂා කරන තැනට පැමිණියාය.
හංස හොදටම තෙමිලා....
ආ... ඔයත් ආවද? තෙමෙන්න එපා යන්න ඇතුළට



කමක් නෑ පුංචි හාමු තෙමෙනව නමි මමත් තෙමුනහම මොකද පාරමී ඇන්ජිම පරික්ෂා කරන මා දෙස බලාගෙන කිවාය. විනාඩි කිහිපයක් ගත වන විට දෙදෙනාම වෙවිලන තරමට තෙමුණහ. නැවතත් දෙදෙනාම ජිප් රිය තුළට පැමිණ ඔලුව පිසදා ගත්හ. පසුව මාධව ඇන්ජිම පණ ගැන්විමට කිහිප වතාවක්ම තැත් කළේය. එහෙත් එය අසාර්ථක බව වැටහිණි.
Twitter Bird Gadget