Monday, May 23, 2011

සාගරේ තරම් - පස්වෙනි කොටස

  
එදා ඔයා ‍මේ ‍‍ෆොටෝ එකේ කොපියක් ඉල්ලද්දි
මම කිවුවේ දෙන්නටම එකක් ඇති කියලා....
ඒ .....
කවදා හරි ඔයා මගේ ළග ඉදි කියලා මම විශ්වාස කළ නිසා
ඔයා ඒදා කියපුදේ හරියටම හරි......
දෛවය ජිවිතය කොහේ කොහේ අරන් යයිද
දන්නේ නෑ.............
ගහ කොළ පවා අපේ ආදරේ විශ්වාස කළා
අපි එකතුවෙයි කියලා මුලු ලෝකෙම විශ්වාස කලා
ඒත් අපි එක වහලක් යටට ආවේ නෑ
අපිට කොහෙදිද වැරදුනේ කියන්න රත්තරං..............
 
සාගරගේ මුවින් පිට වුනේ එම වදන් කිහිපය පමණි. සාගරගේ ඇස් වලින් ගලා ආ කදුළු කැට වලින් ප්‍රර්ථනාගේ ඡායා රූපය කදුලෙහි ගිල්වුයේය. ප්‍රර්ථනාගේ මව සාගරත් සමග විවාහය ගැන කතා කරනා අවස්ථා වලදි  පවා  සාගරව එයින් ගලවා ගැනිමට පිහිටට  සිටි ප්‍රර්ථනා අද වෙනකෙකුගේ අතෙහි එල්ලි ජිවිත් විමට තිරණයක් ගන්න තරම් ප්‍රර්ථනාගේ හිතට සිදුවුයේ කුමක්ද? යන්න සාගරට ප්‍රශ්ණයක් විය. සාගර වරක් ප්‍රර්ථනාගෙන් ඇසුවේ....
 
ප්‍රර්ථනා.... අම්මා හැමදාම අහනවා කවද්ද ඔයාව කැන්දන් යන්නේ කියලා.... ඔයා හැමදාම මවා ඒ ප්‍රශ්ණ පත්තරෙන් බේර ගන්නවා මගේ උත්තර වෙලා...... එත් ප්‍රර්ථනා අම්මා කියන කතා වෙත් ඇත්තක් තියෙනවා මට ස්ථාවර තත්වයකට එන්න බැරි වුනොත් ඔයා මව දාලා යනවද  ප්‍රර්ථනා...
අනේ........ පිස්සෝ..... විකාර නොකියා ඉන්නවා.....
ඔයා මගේ වෙන කාටවත් මම  ඔයාව දෙන්නේ නෑ සාගර ......

කවදා හරි  අහල  ගම් හතටම කියලා මේ උඩරට මැණිකෙව තිරිකලේ තියාගෙන කැන්දන් යන්න අවසර තියෙන්නේ මගේ සාගරට විතරයි......

එත් ප්‍රර්ථනා අපේ කසාදේ එන්න එන්න පරක්කු වෙනවා ........ ඔයාගේ ගෙදර අයගේ හිත වෙනස් වෙයිද කියලා වෙලාවකට මට බයත් හිතෙනවා රත්තරනේ........
 
සාගර....... ඔයා එක දෙයක් මතක තියා ගන්න මේ ප්‍රර්ථනා ගෙදරටම නාකි උනත් සාගර බස්නායකගේ  ඇරෙන්න  කිසිම කෙනෙක්ගේ මැණිකේ වෙන්නේ නෑ.......

සාගරට ප්‍රර්ථනාගේ ඒ කතා වට මහා හයියෙන් හිනා ගියේය......

මොකද මෝඩයෝ හිනා වෙන්නේ....... මම කිවුවේ ඇත්ත........ ප්‍රර්ථනා තරමක් කෙන්තියෙන් යුතුව සාගර දෙස බලා ඇසුවේය.

නෑ......... ප්‍රර්ථනා මම මේ කල්පනා කලේ........ වයසට ගිය වැදිරියෙක්ව ද මට කසාද බදින්න වෙන්නේ කියලා....... සාගර එය කියා තවත් හයියෙන් හිනා වුයේය.......
 
සාරගේ ඒ කතාවට  එවර නම් ප්‍රර්ථනාට කෙන්ති ගියේය. ප්‍රර්ථනා සාගරගේ අත උර හිසෙන් අයින් කර දෙදෙනා වාඩි වී සිටි බංකුවේ එහායින් වාඩි වුවාය. සාගරට ප්‍රර්ථනට කෙන්ති ගොස් ඇති බව වැටහිණි. ඒ වගේ අවස්ථාවල සාගර කෙල්ලව යාළු කරගන්නේ හරිම අමාරුවෙන්. එත් සාගර නැවතත් ප්‍රර්ථනා ළගට කිට්ටු විය.

මේ........
ඕනි නෑ......
මේ......... අහන්න කෝ..........
එපා.......
අනේ...... ඉතින්  ඔය තරම් තරහ වෙලාද?
ඔව්.......... මොකටද මට වැදිරි කිවුවේ.......... ඉතින් රත්තරනේ..... ඔයා මගේ වැදිරිනේ........ සාගර නැවතත් ප්‍රර්ථනාව කොනිත්තා බංකුවෙන් නැගිට  මුහුදු වෙරළ දෙසට දිවුවේය.

සාගර.......... ඔයාට මම..........

එයි ........ ප්‍රර්ථනා එපා

ප්‍රර්ථනා එපා......  මාව තෙමෙනවා ....... ප්‍රර්ථනා ..... එපා කෙල්ලේ

ඇති ද කළු වදුරට........ ආයේ කියනවද මට වැදිරි කියලා........ හිටි හැටියේම බංකුවෙන් නැගිටි සාගරත් ප්‍රර්ථනාත් කුඩා දරුවන් දෙදෙනෙකු සේ වෙරළෙහි සෙල්ලම් කළ ආකාරය දුටු එහි සිටි අනෙක් සියළු දෙනාගේම මුවට  සිනහවක් ගෙන දුන්නේය......

 


“ආදර කවියේ දුරක ගිහිල්ලා..... ජිවිත හීනේට පාටක් දුන්නා..... හීසර හිතයට කොනකින් තියලා..... සුළගට ඒ පෙම් කතාව කිව්වා..... තනිකම රැ තුරුලේ උන්දා හොරෙන්ම ඇවිදින් හිටියද මංදා............”


 

එදා මම ඔයාගේ........
එත් අද ............ මම කාගේද? ඔයා කාගේද?

කියන්න රත්තරනේ...... අපට කෙහේද වැරදුනේ කියලා. අද ඔයා මගේ නෙමෙයි කියලා ඔයා පරසක්වල ගහනවා....... 

ඔයා දන්නේ නෑ රත්තරනේ.....  ලේත් එක්ක එකතුවේ මේ පපුවේ ගලන ආදරේ කොච්චර ගනකමද කියලා.....

එදා මේ ඇස් වල කදුළුක් දෑක්කත් මට වඩා හයියෙන් අඩන්න ගත්තු  ඔයා අද මවා අඩවලා යන්නම ගියානේද ප්‍රර්ථනා.............

ඔයා එන්න රත්තරනේ ඔයා එන්න....... නිවාඩු පාඩුවේ එන්න.... මම ඔයාට කියලා දෙන්නම් ආදරේ මම කොච්චර මෘදු මොලොක් සිහිනයක් විදියටද  දැක්කේ කියලා මේ හිත ඔයාගේ ඒ ආදරේ ‍කොච්චර ලොබකම් කරාද කියලා.....

සාගර ප්‍රර්ථනාගේ ෆොටෝ එක දිහා බලාගෙන ගොඩක් වෙලා ඇඩුවා. කොච්චරද කියනව නම් සාගර ප්‍රර්ථනාගේ ෆොටෝ එක පපුවට තුරුළු කරගෙනම නින්ද ගිහින්...

නැගෙනහිර අහසින් හිරු මොදුවෙනවාත් සමගම ප්‍රර්ථනා “පවන්ගේ” කමරයෙන් නැගිටලා කුස්සිය පැත්තට යන්න ගියා. නුහුරු නුපුරුදු තැනක් වුණ පවන්ගේ මේ ගෙදරට හිත උඩින් ප්‍රර්ථනා කැමැත්ත පෙන්නුවත් ඇයට නිතරම මතක් වුනේ සාගරව...  ප්‍රර්ථනා කුස්සියේ තිබුණු වතුර කරාමය ඇරලා මුහුණ සෝදගෙන එහායින් තිබුණ රක්කයේ තිබිලා විදුරුවක් අතට අරන් වතුර උගුර දෙක තුනක් බිව්වා... හිටි හැටියේම ප්‍රර්ථනා අඩන්න ගත්තා....... කෙල්ලට හිටි හැටියේම මොකක් උනාද කියලා හිතා ගන්න බෑ.....

ප්‍රර්ථනා ඉක්මණට මුහුණ සොද ගත්තේ පවන් දකිද කියලා තියෙන බයට වගේ.....  නවින පන්නේ බඩු මුට්ටු තිබුණ පවන්ගේ ගෙදරට ප්‍රර්ථනා එක අල්ප මාත්‍රයක්වත් ඇලුම් කළේ නැහැ කියල නම් ප්‍රර්ථනාටම තේරුනා... ගමේ තමන්ගේ ගෙදර තියෙන සිසිලස මේ කොන්ක්‍රට් මාළිගාවල නම් ඇත්තේ නෑ කියලා ප්‍රර්ථනාට හරියටම තේරුනේ කාත් කවුරුවත් නැතිව මෙහෙම තනි වුණාම තමයි....... හැබයි ඇයට මතක් වුනේ සාගර එදා තමන් සමග මැවු ආදරණිය සිහිනයක්..........

ප්‍රර්ථනා.......... ඔයා ආසද අර ඈත පේන කන්දට....

හ්ම්...... හරිම ලස්සනයි නේද සාගර...... හරියට අහසයි කන්දයි එකට ගැ‍වේනවා වගේ නේද පෙන්නේ....

ඔව්... ප්‍රර්ථනා මාත් එක තමයි මේ කල්පනා කළේ ........ මම හිතුවේ ඒ කන්ද උඩ පුංචි ගෙයක් හදා ගන්න කියලා

හ්ම්........

එත් ප්‍රර්ථනා....... දැන් ගෙයක් හදා ගත්තා කියමුකෝ... වැඩේ කියන්නේ බතක් එහෙම උයාගන්න තමයි කවුරුත් නැත්තේ..........

එකනේද ? සාගර....... මාත් මේ එක තමයි කල්පනා කළේ ........ ප්‍රර්ථනා මුවට ආ සිනහව තද කරගෙන සාගරට උත්තර ලබා දුන්නේය.

මේ........ ප්‍රර්ථනා ඔයා එනවද මාත් එක්ක ඒ ගෙදර පදිංචියට...... බත් ටිකකුයි ..... එළවළුවකුයි හදා ගන්නත් පුළුවන්නේ........

හා.......... ඇත්තද? ප්‍රර්ථනා සිනහවිය.

සාගර ප්‍රර්ථනාව තුරුළු කර ගත්තේය.... කොහේදො යන සීතල සුළගක් ඇවිත් ප්‍රර්ථනාවයි සාගරවයි ආදරෙන් වෙලා ගත්තේය. ඒ සුළගට ප්‍රර්ථනාගේ මුහුණට වැටුණු කෙස් කැරල්ලක් සාගර ඉවත් කොට ඇයගේ නලල් තලය සිප ගත්තාය.

ප්‍රර්ථනාව තුරුළු කර ගෙන සිටි සාගර ඇගේ කණට මුමුණා මොනාදෝ කිව්වේය..... ඒ කියුදේ කුමක් වුවත් ප්‍රර්ථනාට මහ හයියෙන් සිනහ ගියේය...

අනේ සාගර........ බෑ ........ බෑ දෙන්නෙක් ඇති ........
කෙල්ලෙකුයි ........ කොල්ලෙකුයි...........

සාගර මවා ගත් කෙන්තියකින් යුතුව ප්‍රර්ථනාගෙන් වෙන්ව ගොස් අසල තිබු ගලක් මත වඩි වී ඈත පෙනේන කන්ද දිහා බලා ගත්තේය....

ප්‍රර්ථනා හිතුවේ සාගරට ඇත්තටම තරහ ගොස් ඇති බවය. ඇය සාගර ළගින් හිදගෙන සාගරේ ඔඩොක්කුවේ හිස තියාගෙන අහස දෙසත් සාගරගේ මුහුණ දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය. සාගර කිසි දෙයක් නොදැක්ක ආකාරයටම කන්ද දෙසම බලා සිටියේ.

ඒයි..... මෝඩයෝ........
මේ.......... අහන්න කෝ

ඇයි ? මොකද ? සාගර තරහකින් යුතු ආකාරයට ප්‍රර්ථනාගෙන් ඇසිය.

ඉතින් සාගර.....  ලස්සන කොලු පැටියෙන් උනොත් අපි එයාට සිතිජ කියලා කියමු නේද?

හ්ම්........

මොකද සාගර බකමුණෙක් වගේ හ්ම්....... හ්ම්........ කියන්නේ හරි ඔයා කියන්න එහෙනම් කෙල්ලෙක් උනොත් අපි මොකක් කියලද කියන්නේ?

මම දන්නේ නෑ............ ඔයාට කැමති දෙයක් කියන්න........
හැබයි සාගර මම තරහ වෙනවා..............

හරි........ හරි........ කෙල්ලෙක් නම් අපි එයාට....... ප්‍රර්ථනා කියලම කියමු අම්මා වගේම දුත් ලස්සන වේවිනේ....... නේද?

හ්ම්..... එහෙනම් අපි පුතෙක් උනොත් සිතිජ කියමු..... දුවෙක් උනොත් ප්‍රර්ථනා කියමු

ප්‍රර්ථනා...........

ප්‍රර්ථනා...........

මොනවද ළමයෝ කල්පනා කරන්නේ.......... ඔය වතුර එක උතුරණවා...........  ලිප ඔෆ් කරන්න.....




Twitter Bird Gadget