Saturday, July 9, 2011

මානස විල මාවත......

 

රන් පැහැ ගත් මේ සැන්දෑ වළාකුළු අහසට බර වැඩි යයි මට සිතේ. හඩන්නට ළං වු ඔබේ පුංචි මුහුණත් මේ රන්වල් අහසත් මට ගෙන එන්නේ එකම හැගිමකි.

ඇදි මැකි බොදවි යන වළාකුළු ගලපා ඒ අතීතයේ ඔබේ වටකුරු මුහුණ මවා ගන්නට මම උත්සාහ දරමි. පෙරදින සැදැවක මේ වෙරළ තීරයේ තනිවී මේ වළාකුළු ගලපමින්  අනන්ත රූප රේඛා අදිමින් අප ගත කළ හෝරා කිහිපය කොතරම් සදාදරණිය වේද......

අප දැන් මේ වසන්ත සැන්දෑවට අයිති නැත. අලුත් ආදරවන්තයෝ මේ හැන්දෑ අහස යට ඔවුනොවුන් තුරුළුව මුමුණති. මගේ යැයි කියා මට මතක් කළ හැකි එකම සැදෑව ඔබ මගෙන් වෙන්ව ගිය ඒ වේදනාබර රත් පැහැගත් සිකුරාදා හැන්දෑවයි.

ඒ අවසන් සැන්දෑවේදී ඔබේ තෙල් පට වෙව්ලමින් තිබුණි. පපුව වේගයෙන් ගැහෙමින් තිබුණි. ඒ පව්කාර සිකුරාදා හැන්දෑව වනතෙක් ඔබ මට එතරම් ආදරය කළ බවක් මම නොදැන සිටියෙමි.

“පහන්..... මේ ආදරේ මේ වගේ කටුක දරාගන්න බැරි හැන්දෑවකින් කෙළවර වෙනවා කියලා මම දැනගෙන උන්නා... ඒත්... ඒත්.... ඒක මේ තරම් ඉක්මණට උදාවෙයි කියලා මං දැනන් උන්නේ නැහැ පහන්....”

“දැන දැනත් මං වගේ කාලකණ්ණියෙකුට ආදරේ කරලා නැති නාස්ති උනේ ඇයි සදු....”

“ඒක තමයි පහන් මටත් තෙරුම් ගන්න බැරි එකම දේ..... ඔයා දන්නවද....”

“මොකක්ද...”

“මේ ආදරේට තේරුමක් නැහැ සදු...”

“ආදරේ කියන්නේ එහෙමයි පහන්... ගොඩක් දෙනකොට අපිට ලැබෙන්නේ පොඩ්ඩයි..... ඔයා දන්නවා... මං මයේ ජිවිතයම ඔයාට දිලා මං ප්‍රාර්ථනා කළේ කොච්චර පුංචි දෙයක්ද.....”

දවස් කිහිපයක් වුවත් පෙම් පුරාවත පුරාවටම මා රැකි ඒ රහස ඔබට මේ සැදැවේ දී නොකියා සිටින්නට මට නොහැක....

“ඔයා මගේ ආදරයෙන් බලාපොරොත්තු වෙන්නෙ සදහටම ඔයා ළගටම වෙලා මං ඉන්න එක නම්.... ඇත්ත සදු... එක මට කවදාවත් කරන්න බැහැ....”

“ආදරය මිනිසුන්ගේ හිත් වෙනස් කරනවා කියලා අහලා තියෙනවා... ඒත් ඒක ඔයාට බොරු.... අපි ආදරය කරපු දවස් කිහිපයත් නවකතාවක අමතක වෙච්ච පිටු කිහිපයක් වගෙයි...”

“ඔයාට විතරක් නෙමෙයි සදු මටවත් මාව උරුම නැහැ.... විශ්වාස කරන්න... සදු... මං කියනදේ අහන්න මං පිළිකා රෝගියෙක්......”

එදා ඔයා මගේ උර හිසට වේගයෙන් හිස හප්පා ගතිමි. මට රිදුනේ නැත. එක් ඔබට රිදුනු බව මම දනිමි.

“දෙ...යි..ය..නේ.... ප...හ..න්”

“ඔයාට ආදරේ එක ගැන මම විදවනවා කිව්වේ ඒකයි සදු.... මේ ආදරයට අනාගතයක් නැහැ කියලා ඔයා දැන් දන්නවා නේද... මේ කරපු සේරම කෙනහිලිකම් ඒ නිසයි සදු..... වැදළා කියන්නම් කෙල්ලේ මට ආදරේ කරන්න එපා....”

ඒ අවසන් සැදැවේ ඔබ මට නොව මම ඔබට සමුදුන්නෙමි. අපිට අපි උරුම නැති කල අපේ හදවත් වලට අපි බොරු කරන්නේ කුමටද.... එහෙත් මගේ මරණය මා කරා එනතුරු මම ඔබට ආදරය කරමි. මේ සිනිදු වෙරළ තිරයේ සටහන්ව මැකි ගිය ඔබේ දෙපා වල උණුසුමට ඉව කරමි.

මේ සැන්දෑව තුළ ඔබෙත් මගෙත් දෑගිලි යළිත් එක් නෙවෙනු ඇත. සිල්බර කොටන් දිගේ හෙමින් හෙමින් අඩි තියමින් බිම බලමින් හුරතල් වෙමින් ඔබ මා හා ආ ගමන කොතරම් වේදනාවක්ද... එදා අපි දෙදෙනාම එක්ව ගිය මානස විල මගෙහි අද යන්නේ මා පමණි. 

“මේ පාරේ මම අනන්තවත් තනියම ගියා... ඒත් මට පාළුවක් දැනුනේ නැහැ..... ඒත් දැන් මේ පාරේ චුට්ටක්වත් ඔයා නැතිව මට යන්න බැහැ හරිම පාළුයි... ඇයි ඒ”

එදා ඔබ කීවාය. ඇයි ඒ..... අද මම මගෙන් අසමි... මානස විල මග සදාදරණිය වුයේ ඔබටත් මටත් පමණි. මේ මාවත් සියල්ල මතකයෙන් වෙන්ව යනු ඇත. එහෙත් ඔබ සදහටම මගේ හදවත් මාවතේ මල් දෙවැටක්ම වනු ඇත.


සිංහල වා‍ග් කෝෂය හෙවත් භාෂාව භාවිතය.......


මෙම ලිපිය ලිවිමට තිරණය කළේ මා සියල්ල දන්නා බව ප්‍රකාශාක කිරිමට හෝ ‍කිසිවෙකු අපහසුතාවයට පත් කිරිමට නොව සිංහල භාෂාව භාවිතයේදි පුද්ගලයා භාෂාව භාවිතා කළ යුත්තේ අවස්ථානුචිතව යන්න පසක් කිරිමටය.

භාෂාව යනු කුමක්ද?

“අදහස් ප්‍රකාශ කිරිමේ ප්‍රබලතම මාධ්‍ය භාෂාවයි”

භාෂාවේ ස්වභාවය කවරේ ද?

“භාෂාව මගින් මිනිසා අද්විතිය ජයග්‍රහණ රැසක් හිමි කර ගෙන තිබේ. චින්තනය, අධ්‍යාපනය, සන්නිවේදනය, විනෝදාස්වාදය අන්‍යොනය සබදකම්, සමාජ සංවාද ආදී මේ සෑම අංශයක් කෙරෙහි ම භාෂාව බලපාන්නේය. භාෂාව භාවිතා කරන සමාජය “භාෂක සමාජය” ලෙස හදුන්වයි. පොදු වාක්‍ය සංකේත පද්ධතියක් ඒ සදහා යොදා ගනී. මේ වාක්‍ය සංකේත පද්ධතිය හේතුවෙන් ජාතියක අනන්‍යතාව ද ආරක්ෂා වේ”

භාෂාවේ කාර්යභාරය කුමක්ද?

“සංකිර්ණ මානසික හැගිම් ප්‍රකාශ කිරිම, පුද්ගල අත්දැකිම් පොදු තත්ත්වයකට පත් කිරිම, අන්‍ය්‍යාන්‍යයන් වශයෙන් අදහස් උදහස් ප්‍රකාශ කිරිම, අන්‍යොන්‍ය සම්බන්ධතා ගොඩ නැංවිම, කෙටියෙන් කියතොත් සමස්ත සමාජ ක්‍රියාවලිය ම සිදුවන්නේ භාෂාව පදනම් කර ගෙනය”

සන්නිවේදනය යනු මනුෂ්‍යයෙක් තවත් මනුෂ්‍යයෙකුට හැගීමක්, අදහසක්, ප්‍රකාශයක් තොරතුරක් හෝ අවශ්‍යතාවක් ප්‍රකාශ කිරිමයි. මනුෂ්‍ය සමාජය තුළ පමණක් නොව තිරිසන් සත්වයන් තුළ ද ඔවුන්ගේ හැගිමක් ප්‍රකාශ කිරිමට විවිධ සන්නිවේදන ක්‍රමයන් අනුගමනය කරනු දක්නට ලැබේ. එම සන්නිවේදන කාර්යයේදී ප්‍රබල මාධ්‍යයක් හැටියට යොදා ගන්නේ භාෂාවයි.

භෙතික හා බුද්ධිමය වශයෙන් මිනිසාගේ දියුණුවත් සමග සන්නිවේදන මාධ්‍ය දියුණු වු බව පෙනි යයි. ඒ සෑම මාධ්‍යයකකදී ප්‍රබලව අදහස් දැක්විමට යොදා ගනු ලබන්නේ භාෂාවයි. එවැනි ප්‍රබල මාධ්‍යයක් වන සිංහල භාෂාව භාවිතා කරනා හුදෙක් ජනයා වාග් කෝෂය භාවිතා කරන්නේ කිසිදු ආකල්පයක් හැගිමක් නොමැති පිරිසක් ලෙසය. එවැනි පුද්ගලයින් සමාජයේදී සංකිර්ණ මානසික හැගිම් ප්‍රකාශ කිරිම, පුද්ගල අත්දැකිම් පොදු තත්ත්වයකට පත් කිරිම, අන්‍යොන්‍ය වශයෙන් අදහස් උදහස් ප්‍රකාශ කිරිම, අන්‍යොන්‍ය සම්බන්ධතා ගොඩ නැංවිම අතින් පහළ මට්ටමක සිටින බව භාෂා භාවිතා කරන ඇතැම් පුද්ගලයින්ගෙන් දැක ගත හැකිය. 

ව්‍යාංජනයකට ලුණු නොදෑ කළ එය රසවත් නැත. එලෙසම භාෂා භාවිතා කර කවි, කතාන්දර කිවාට භාෂාව භාවිතා කිරිමට අප නොදන්නේ නම්.. එම කවි කතා නීරසය, සැම විටම පුද්ගලයා භාෂාව භාවිතා කළ යුත්තේ අන්‍යොන්‍ය සම්බන්ධතා ගොඩ නැංවිමත් සමගය, අප භාෂාව භාවිතා කර කුමන ආකාරයේ නිර්මාණ බිහි කලත්, එවැනි දෑ නිර්මාණය කිරිමට උත්සහ දැරුවත්, භාෂාව භාවිතා කිරිමට නොදන්නේ නම් එයින් කිසිදු පලක් නොමැත.

වාග් කෝෂයට බිදක්.....

මානසික යන වචනය සිංහල වාග් කෝෂයට අනුව විග්‍රහයට ගත් කළ.....

මනස් + ඉක නම් තද්ධිතය සමග එක්ව = සිතට අයත් යන වචනය බිහිවෙයි. මෙවැනි ආකාරයේ වචන වල අභ්‍යන්තර තේරුම් නොදැන අප භාෂාව භාවිතා කරන්නේ නම් කුමක් සිදුවෙයිද? එනිසා වාග් කෝෂය භාවිතා කිරිමේදී එහි තේරුමද දැන අප භාවිත කළ යුතුය. මක් නිසාද යත් කෙනෙකුට අපි මෙම වචනය භාවිතා කොට බැන වැදුණ හොත් ඔහු හෝ ඇය “මානසික” යන වචනයේ ඇතුලාන්ත අර්ථය දැන සිටිය හොත් අපගේ මොලේ  පිහිටා ඇති ස්ථානයද භාෂාවේ භාවිතයෙන්ම තේරුම් ගනී... : පී


භාෂා භාවිතයට කැමති ඔබටයි මේ.....



එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ දී රැකියා ජීවිතයේ දී යම්කිසි කටයුත්තක දී උදව් කර ගත හැකි එකක් මිස මෙය පාඩම් පොතක් නම් නෙමෙයි. ශබ්ද කෝෂයක් පාවිච්චි කිරීමේ දී නිවැරැදිව භාෂාව පාවිච්චි කරන්නට පුරුදු වෙනවා.
 
ගෞරවාන්විත ලෙස භාෂාව ඉදිරියට පවතින්නට එය හොඳ පිටිවහලක් වෙනවා. එනිසා දරුවන්ට, ගුරුවරුන්ට, ජනමාධ්‍යවේදීන්ට, සාමාන්‍ය පාඨකයා මේ කියන කොයි කාහටත් ශබ්ද කෝෂයක් පරිශීලනය කිරීම ඉතාම වැදගත්.




Twitter Bird Gadget