Wednesday, November 2, 2011

සාගරේ තරම් | 11 වැනි කොටස


තාරකා නිදි කිරණ අහසේ  සිනාසෙන සද ආදරේ......
සරා සද පැරදුණා ඔබවිත් සුවද කළ විට ජිවිතේ......


ඩොක්ට... ඩොක්ට.. අර 23 වාට්ටුවේ ලෙඩාට සිහිය ඇවිත් ඩොක්ට... හෙදිය වෛද්‍යවරයාගේ කාමරයට ඇතුළු වනවාත් සමගම කිවේය.

මොනවා...

වෛද්‍යවරයා හෙදියත් සමගම වාට්ටුව වෙත දිව ගියේය.  ඔහුටත් කිසිවක් සිතා ගැනිමට නොහැකි විය.
කොහොමද දැන් ඔයාට... වෛද්‍යවරයා ඇදේ සිටි කාන්තාවගේ නෙත් දෙසබලා කතා කළේය. ම...ම  මම මේ කොහේද? මම ඇයට කිසිවක් කතා කිරිමට තරම් ශක්තියක් තිබුනේ නැත. බලන්න ඔයා මාස ගානක් තිස්සේ මේ හොස්පිටල් එකේ ඉන්නේ... ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා තමයි ඔයාව මෙහේට එක්කන් ආවේ. අපිට ඔයාගේ කිසිම ඥතියෙක්ට දැනුවත් කරන්න නම් බැරි වුණා. මොකද අපි ඔයාව දන්න කියන කිසි කෙනෙක් අද වෙනකම් මෙහේ ආවේ නම් නෑ... වෛද්‍යවරයා ඇයට කරුණු පහදා දෙන්න විය. ඒත් මම.... ඔවු කියන්න ඔයා කවුද? කොහේද ඉන්නේ... මතක් කරන්න බලන්න. ඇයට කිසිවක් මතකයේ තිබුනේ නැත. ඇය මතක් කිරිමට උත්සාහ දැරුවත් කිසිවක් මතක් කර ගැනිමට නම් හැකියාවක් තිබුනේ නැත. ඔයා දැන් විවේක ගන්න, තව ටික දවසක් යනකොට ඔයාට හැමදෙයක්ම මතක් කර ගන්න පුළුවන් වෙයි.  වෛද්‍යවරයා තමාගේ කාමරයට ගියේය.  මිස්.... මගේ කවුරුවත්ම ආවේ නැද්ද මාව හොයාගෙන.. ඇය හෙදියගෙන් ඉතා කරුණික ලෙස විමසීය හෙදියට සියල්ල වැටහිණි. අපි ගොඩක් උත්සාහ කලා එත් කිසිම කෙනෙක් නම් හොයා ගන්න බැරි වුණා. එත් ඔයාව මෙහේට ගෙනත් ආවේ අපේ ඩොක්ටගේ යාළුවෙක්. සමහර විට අපිට එයාගෙන් විස්තර දැන ගන්න පුළුවන්වෙයි. දැන් ඔයා විවේක ගන්න ඩොක්ට කියලා ගියේ. ලෙඩාට වැඩිය මහන්සි වෙන්න දෙන්න එපා කියලා.  හෙදිය... ඇයගේ බෙහෙත් ලබා දි ඇයට විවේක ගැනිමට අවස්ථාව සලසා ඇගෙන් සමුගෙන ගියේය. 
හෙලෝ....
මාධව මම....
ආ.. ඩොක්ට කියන්න මොකද හදිසියේම...
මාධව අර ලෙඩාට සිහිය ආවා. ඔයාට පුළුවන්ද මාව ඇවිත් මුණ ගැහෙන්න. ඔවු
ඩොක්ට මම දැන්ම එන්නම්. මාධව රිසිවරය තබා වෛද්‍යවරයා මුණ ගැසිමට ගියේය.
ආ... මාධව ඔයා ආවද එන්න.. එන්න....  ඩොක්ට අර ගැණු ළමයා... එයාට කොහොමද?  ඔවු මාධව මම ඔයාට ඒ ගැන කියන්න තමයි එන්න කියලා කිව්වේ. මේකයි මාධව ඒ ළමයට එයාගේ අතීතය හැම දෙයක්ම අමතක වෙලා මේ අනතුර නිසා එයාගේ ඔළුවේ පැත්තකට ගොඩක් ඩැමේජ් වෙලා. එකයි එයාගේ මතකය නැති වෙලා තියෙන්නේ.
ඒත් ඩොක්ට.... කවදාවත්ම හොද වෙන එකක් නැද්ද?
අපිට එහෙම හරියටම කියන්න බෑ මාධව සමහර විට ටික කාලයක් යනකොට එයාට සේරම දේවල් මතක් වෙන්න පුළුවන් සමහර වෙලාවට සදාකිලිකවම අතීතය අමතක වෙන්නත් පුළුවන්.... කොහොම උනත් මාධව ඒ ළමට කිසි දෙයක් ගැන මතක් කරන්න කල්පනා කරන්න දෙන්න හොද නෑ.. මොකද ඒක ඔයාගේ ජිවිතේට බලපාන්න පුළුවන්. විශේෂයෙන්ම මේ අනතුර නිසා එයාට ලැබෙන්න හිටිය දරුවා නැති වුණා කියලා අපි දැන ගන්න තියන්න නරකයි.

දැන් මාධව මොනවා කරන්නද හිතගෙන ඉන්නේ... අපි හරි හැටි දන්න කියන කෙනෙක් නෑ... එයාගේ භාරකාරත්වය දෙන්න.. අනික අපි ගන්න පුළුවන් උපරිම උත්සාහය ගත්තනේද එයාගේ පවුලේ ඥතියෙක් හොයා ගන්න එත් අපිට කිසිම කෙනෙක් හොයා ගන්න බැරිවුණා. අපි මේ ළමයගේ වගකිම භාර ගන්න බෑ... මාධව ඔයාට තේරෙනවනේද මං කියනේ දේ... ඔයා වියදම් කරලා මේ ළමයව සනීපකර ගත්තා නැත්තම් සමහර වෙලාවට මෙයාගේ ජිවිතේ ගැන වත් අපිට කිසිම බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් තත්වයක නෙමෙයි අපි හිටියේ.
ඔවු ඩොක්ට මට තේරෙනවා ඩොක්ට කියනදේ?
මම මේ ළමයට මගේ ගෙදර එක්කන් යන්නම් කොහොමත් අපේ අම්මා විතරයිනේ ගෙදරත් ඉන්නේ.... අපි කොහොම හරි පවුලේ ඥතියෙක්ව හොයා ගන්න උත්සාහ කරමු. තව දවස් දෙක තුනක් මෙහෙම ඉන්න දෙන්න මාධව අනික ඔයාව කවුද කියලවත් ඒ ළමයා දන්නේ නෑනේ... අපි එයාට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නම්.
ඩොක්ට මම එයා එක්ක ටිකක් කතා කරන්නද? එපා මාධව එයා එක්ක දැන්ම කතා කරන්න එපා අපි මුලින් එයාට මේ ගැන පැහැදිලි කරලා පස්සේ ඔයාව මුණගස්සන්නම්... හොදයි ඩොක්ට... එහෙනම් මම යන්නම්, හොදයි මාධව හදිසියක් වුනොත් මම කොල් එකක් දෙන්නම්. මාධව ඉස්පිරිතාලයෙන් පිටත්ව ගෙදර බලා ගියේය.

මොකද පුතේ හදිසියේම... ඇයි අද ඔෆිස් එකට ගියේ නැද්ද? මාධවගේ මව ඇසීය.
නෑ... අම්මේ, මම වෙලපහ ගෙදර අවා. ඩොක්ට කතා කරලා හොස්පිටල් එකට එන්න කිව්වා. ඒ ගිහින් එන ගමන් ගෙදරම ආවා.
ඇයි... පුතේ හදිසියේම ඉස්පිරිතාලේට ගියේ. අර දරුවට කරදරයක්වත්ද? නෑ... අම්මේ එයාට සිහිය ඇවිත්.... එත්..... මාධව කිසිවක් නොකියා නිහඩව සිටියේය.
එත්..... කිව්වේ පුතේ ඇයි.... මොකද වෙලා තියෙන්නේ..
නෑ... අම්මේ එයාට කිසිම දෙයක් මතක නැහැ.... අඩුම තරමේ එයාගේ නම වත් එයාට මතක නැහැ ඩොක්ට කියන්නේ සමහර විට ඉක්මණටම හොදවෙයි කියලා. සමහර වෙලාවට.... මාධව කිසිවක් නොකිය සිටියේය. මාධවගේ නිහඩතාවය මවට තේරුම් ගැනිමට හැකි විය. පවු අසරණ ළමයා... සිදේවි කෙල්ල.. මොනවා කරන්නද ඉතින් වෙන්න තියෙන දේ වලක්කන්න බෑනේ පුතේ ඇය කණගාටුවෙන් කිවේය.
පුතා දවල්ට කෑම කෑවද?
Twitter Bird Gadget