Friday, November 11, 2011

Milenge Milenge - ඔයා දෛවය විශ්වාස කරනවද?


කලින් කොටසෙදී අපි නතර කළේ බස් එකේ සිං එකේ දී නේද කට්ටියට මතකද මන්දා.... මතක නැති අය ආයේ මෙන්න මෙතනින් ඒ කොටස බලන්න කෝ....

එදා කවදාවත් නැතිව අහම්බෙන් වගේ අමිත්ට හිතුණා වෙන දෙයක් වෙච්චාවේ කියලා හිත හදාගෙන කෙල්ලගෙන් අහන්න ෂිට් එකේ කවුරුවත් ඉන්නවද කියලා. මොකද රැ එළිවෙනකම් යන්න තියෙන ටුවර් එකනේ ඉතින් පරක්කු වෙන හැම තත්පරයක්ම වටිනවා. ඉතින් ඔන්න ඔහොම හිතලා අමිත් හිත හදාගෙන එළියට තිබ්බ පය ආයේ නමෝ විත්තියෙන දෙයියනේ කියලා ඇතුලට අරගත්තා.  ආයේ බස් එකේ ඉස්සරහටම ගිහින් ඒ ෂිට් එක ළගට ආවා. ෂිට් එක උඩ තිබුනේ ලේඩිස් හැන්ඩ් බෑග් එකක් ... අපොයි දෙයියනේ රස කෑමක්ද? එහෙමත් හිතලා වෙන දෙයක් වෙච්චාවි කියලා ඒ ගැණු ළමයගේ උරහිසට තට්ටුවක් දාලා, එක්ස් කියුස්මි මේ... මෙ..තන ෂිට් එ..ක කවුරු හරි ඉන්නවද? කියලා ඇහුවා. කෙල්ල බැලුවා බැල්මක් ආයේ පණ එපා කියලා දුවන්න හිතුනා... නැ ... නෑ... එහෙම උනේ නෑ.. ඒ ගැණු ළමයා හරි හොද හැදිච්ච නිවිච්ච කෙල්ලෙක්. එයා අමිත් දිහා බලලා පොඩි ලස්සන හිනාවක් එහෙම දාලා, අනේ නෑ... සමාවෙන්න මේ මගේ බැග් එක කියලා හැන්ඩ් බැග් එක එයාගේ ඔඩොක්කුවට ගත්තා. අමිත්ගේ ඉහේ නිකම් මලක් පිපුනාවගේ කියලා තමයි මට නම් කිව්වේ. අමිත් ඉතින් හොද එකානේ කෙල්ලට තැන්කු කියලා. නිකන් නළු බට්ටා වගේ හරි බරි ගැහිලා සිට් එකේ වාඩි වුණා.

දැන් ඔයාලා හිතනදේ මම දන්නවා.... අමිත් ඒ කෙල්ල එක්ක සෙට් වෙලා ඒ දෙන්නා අතරේ ආදරයක් ඇති වුණා කියලනේ.... එත් ඒ කතාව 100% ක් වැරදියි. අමිත් ඒ කෙල්ල එක්ක එකම එක වචනයක් ඊට පස්සේ කතා කළේ නැහැ (පුදුමයිනේ... එත් ඇත්ත හොදේ කියන්නේ) ඉතින් මේ අහම්බෙන් හිටි හැටියේම අම්පාරේ යන්න යෙදුණ ගමන... එත කොට අර අහම්බෙන් මුණ ගැහිලා බස් එක මිස් වෙන්න කලින් ස්ටැන්ඩ් එකට ගෙනාව යාළුවාගේ සින් එක... එත කොට බස් එකෙන් බැහැලා ආයේ බස් එකට ගොඩ උණ සිද්ධිය.. අර කෙල්ලගේ පිටට පොඩි තට්ටුවක් දාලා ෂිට් එකේ වැඩි වුණ සිද්ධිය අමිත්ගේ ජිවිතේ ගොඩක් ලස්සන... සුන්දර ආදර කතාවකට.. ඒ වගේම  ජිවිතේ ලස්සන පිටුවක් පෙරලන්න.. මේ සිද්ධි එකින් එක ගොඩක් උපකාර වුණා.

ඉතින් ඔය අතරේ ඩයිවර් උන්නැහේගේ ෂිට් එකට පිටි පස්සේ ෂිට් එකේ නේ මේ දෙන්නා හිටියේ. ඉතින් ඩ්‍රයිවර් මහත්තයත් එයාගේ ෂිට් එකට වෙලා සින්දුවක් කියා ගෙන ඉන්න කොට අමිත් එක සැරේටම ඇහුවා... අයියේ මේක දැන් යනවනේ ? කියලා. එතකොටම ගත්ත කටටම ඩ්‍රයිවර් උන්නැහේ කිව්වේ නැතයි. නෑ... මල්ලි අද 6.15 බස් එක නෑ... ඒ නිසා අපි 6.00 වෙනකම් ඉදලා යන්නේ කියලා. ඉතින් අමිත්ටත් කරන්න දෙයක් නෑ.. කරත්ත එලවන්න ලයිසන් තිබුණට මොකද? බස් එලවන්න අරගෙන නෑනේ... ඉතින් කරන්න දෙයක් නැති කමටම Windscreen ටිවි එක ඉස්සරහ තිබුණා. එක දිහා බලාගෙන හිටියා. ඉතින් 5.30 බස් එක 6.00 පිටත් වුණේ කවදාවකවත් නැති අහම්බු විදියට.. එකත් අමිත් ඉදලා ඉදලා කොළඹ බස් එකට ගොඩවුණ දවසෙම මෙහෙම වුනේ.. දෛවයේ කැමැත්තට කියලා ඔයාලට තව ටිකකින් පැහැදිලිවෙයි.

කොළඹ ඉන්ටර්සිටියේ කිවු එකට ඉස්සරහින් තියෙන කුරුණැගල බස් කිවු එක. ඉතින් කුරුණැගල ඉදන් ආපු බස් එක ස්ටැන්ඩ් එකට ලං කරනකොටම බස් එකේ හිටිය කට්ටිය බහින්න පටන් ගත්තා. ඉතින් අමිත් ඔය දිහාව අහම්බෙන් බැලුවේ ... අමිත් ජිවත් වෙන්නෙත් කුරුණැගලනේ ඉතින් ඒ නිසා එත කොට අහම්බෙන් වගේ අමිත් දැක්කා ඔසරියක් ඇදගත්ත හොදට දැකලා හුරු පුරුදු ලදුන් කෙනෙක් (කාන්තාවක්) බස් එකෙන් එළීයට බහිනවා. බස් එකේ පිටි පස්සේ හරි මැද හරි සිට් එකක අමිත් වාඩි වුණා නම්.. එහෙමත් නැත්තම් බස් එකේ හිට ගෙන ගියා නම් හරි අමිත්ට ඒ රුපේ කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ...  ඉතින් අමිත් ඒ ගැහැණු ළමයා දිහා බලා ගෙන කල්පනා කරා කවුද මේ කෙල්ල කියලා. එත් අමිත්ගේ මිටර් එකට ආවේ නෑ... කවුද කියලා. ඉතින් අමිත් දෙන්න පුළුවන් වද 32 නෙමෙයි එකේ ඩබල් දිලා අසරණ අහිංසක මොලේට වද දිලා මේ කෙල්ල කවුද කියලා මතක් කරනවා.. එත් මතක් වෙන්නේ නෑ...  ඉතින් අර කුරුණැගල බස් එකේ හිටිය අය බස් එකෙන් බැස්සට පස්සේ ආයේ කුරුණැගල යන අය ඉන්නවනේ බස් එකට නගින්න බලා ගෙන ඉතින් ඔය අතරේ හිටියා අමිත්ගේ ඉස්කොලේ ටිචර් කෙනෙක් .... බලන්න ඒ සිද්ධියත් ලස්සනට එතනටම සෙට් වෙච්ච හැටි. අර බස් එකෙන් බැහැපු කෙල්ල අහම්බෙන් ඒ ටිචර්ව දැකලා එයා එක්ක කතා කලා. අමිත් මේ සිද්ධිය බස් එකට වෙලා බලාගෙන ඉදියේ. ඉතින් ඒ ටිචර් එතන හිටිය නිසා අමිත්ට ඔන්න මිටරේට මතක් වුණා මේ කෙල්ල කවුද කියලා.

දැන් මම දන්නවා ඔයාලා හිතන දේ... අමිත්ට ඒ ගැණු ළමයා ගැන හිතක් පහළ වෙලා කොහොම හරි ඒ ගැණු ළමයා හොයා ගෙන ගිහින් එයාට වචනේ දාලා ලවු ස්ටොරිට පටන් ගත්තා කියලා... 100% වැරදියි යාළුවනේ මේක දෛවොප ගත මුණ ගැහිමක් කියලා මං මුලදිම කිව්වනේ...  ඉතින් අහ ගන්න කෝ ඊට පස්සේ මොකද වුනේ කියලා.

හරි.... අමිත්ට දැන් මතක් වුණා මේ ගැණු ළමයා කවුද කියලා. මේ ගැණු ළමයා මුහුණු පොතේ එයාලගේ ඉස්කොලේ ග්රුප් එකේ ඉන්න කෙනෙක්. කියලා ඊට පස්සේ අමිත් මේ කෙල්ලගේ නම මතක් කරන්න ට්‍රයි කලා. මුටත් ඉතින් අම්පාරට යනකම් වැඩක් තියෙන්නත් එපැයි. ඉතින් අමිත්ට ඒ කෙල්ලගේ නම මතක් වෙනවා එයාගේ නම ප්‍රියා....


ඉතින් අමිත් ඒ ගැණු ළමයා දිහා බලාගෙන හිටියා... කියවනවා... කියවනවා... ඉවරයක් නෑ... හරියට අපේ සිදා වගේ ( ඒ කවුද කියලා වැඩක් නෑනේ.... ) ඉතින් කවදාවත් නැතිව අහම්බෙන් වගේ අමිත්ට හිතුනා මුහුණු පොතට ලොග් වෙලා මේ කෙල්ලට මැසෙජ් එකක් දාන්න ඕනි කියලා.... සාමාන්‍යෙයන් කවදාවත් අමිත් එහෙම කරන එකෙක් නෙමෙයි. අමිත් ලදුන්ට (කාන්තාවන්ට)  හරි බයයි. එත් ඉතින් දෛවයේ හැටි කියන්නේ අමිත් එදා ඒ කෙල්ලට මැසෙජ් එකක් යැවුවා මෙන්න මෙහෙම කියලා...  හායි.. කොහොමද? මොකද මේ ඔසරියකුත් ඇදගෙන බස් ස්ටැන්ඩ් එකේ කරන්නේ... ඔයා ජොබ් එකක් වත් කරනවද? කියලා මුහුණු පොතට පණිවිඩයක් යැවුවා. කියට හරි මුහුණු පොතට ලොග් වුනොතින් දකිවිනේ කියන බලා පොරොත්තුවෙන් තමයි අමිත් මැසේජ් එක යැවුවේ.  ඒ අතරේ ඒ ගැණු ළමයා අර කතා කර කර හිටිය ටිචර්ට වැදලා යන්න ගියා. ඉතින් අමිත්ට ඒ ගැණු ළමයගේ නම කියලා මතක් වුනේ ප්‍රියාගේ නමනේ.... එත් ඒ ගැණු ළමයා ප්‍රියා නෙමෙයි වෙන කෙනෙක්... හපොයි වෙච්ච දෙයක්....

අනේ දෙයියනේ විනාඩි 5 යන්න වුනේ නෑ... මෙන්න රිප්ලයි ආවා...
  පිස්සු ද? මම ගෙදර කියලා.
අමිත්ටත් තාම හිතා ගන්න බෑ... මේ මොකද මේ වෙලා තියෙන්නේ කියලා.  ඉතින් අමිත් කල්පනා කරන්න ගත්තා මේ පෙරළුන බල්දිය මොකක්ද කියලා. එක්කෝ අමිත්ට වැරදිමක්... නැත්තම් කෙල්ල බොරු කියනවා ෂේප් වෙන්න. ඉතින් වෙන මගුලක් වෙයන් කියලා ලදුන්ට බය මේ භුතයා.. අද වෙනදා වගේ නෙමෙයි දෙන්න පොල්සම්බෝල කියලා ආයේ රිප්ලයි එකක්.... දැන් ඔයා සාරියක් ගහලා කුරුණැගල බස් එකෙන් බැස්සා නේද ? යැවුවා. ඉතින් ඔය අතරේ ඒ ගැණු ළමයා මේ මොකයද බොලේ මු එන්නේ කියලා.. මෙහෙම එවුවා අමිත්ට... මම  කුරුණැගල යනවා. හැබයි සාරි ඇදගෙන නෙවෙයි කියලා.  ඔන්න එත කොට තමයි අමිත්ට ටිකෙන් ටික සිද්ධිය තේරුම් ගියේ.

අමිත්ට තේරුණා වැඩේ අනාගත්තා කියලා. ආයේ රිප්ලයි එකක් යැවුවා.
අනේ සොරි... මගේ අතින් පොඩි වැරැද්දක් වුණා. මම ඔයාව වෙන කෙනෙක්ට පටලවගෙන. මම කොළඹ යන ගමන් බස් ස්ටැන්ඩ් එකේ දී ඔයා වගේ කෙනෙක් දැක්කා. ඒකයි මම මැසේජ් එවුවේ කියලා විස්තර පැහැදිලි කරලා ප්‍රියාට මැසෙජ් එකක් යැවුවා. එතකොට ආයේ ප්‍රියාගෙන් රිප්ලයි එකක් ආවා... බොරු කියන්න එපා. ඔයා මාව දැකලා නෑ... අනික පෙස්බුක් එකට මම පින්තුර දාලත් නැහැ... ඇත්තට ඔයා කවුද ? මෙකක්ද මෙකේ තේරුම කියලා ඇහුවා. ඒ පාර අමිත් කණ ගාවටම එරුණා. හ්ම්.... දැන් ඉතින් මොනවා කරන්නද මොඩකමනේ.... කුම්බල මාළු කැවනම් විදවපන් බළලෝ කිව්වලු. දැන් ඉතින් නටපන් මදයි මහ ලොකුවට පෙස්බුක් මැසේජ් කරන්න ගත්තා. කියලා අමිත් අමිත්ටම කියා ගත්තා. ඉතින් ආයේ මොකටද නිකන් නොන්ඩි වෙන්නේ කියලා අමිත් විස්තරේ කෙටියෙන් කියලා ප්‍රියාට මැසේජ් එකක් යැවුවා.

අදට ඇති වගේ නේ.... සේරම එක පාරට කිව්වම එකේ කිසිම රසක් නෑනේ.... ඉතිරි කොටස ඉක්මණට දාන්නම් කෝ........

ප්‍රියා - මොනවද ඔයා හිතන්නේ ?
අමිත් - මම හිත හිත හිටියේ....  ඔයත් එක්ක පහුගිය දවස් 3 ගත කරපු හැටි .. හෙට ආපහු ගමට ගියාම  ගොඩක් අමාරු වේවි ඔයා නැතිව මොහොතක්වත් ගත කරන්න...  මම ඔයාට ආදරෙයි ප්‍රියා.. මම ඔයාට ආදරෙයි මට මගේ ජිවිත කාලෙම ඔයත් එක්ක ගත කරන්න ඕන...  මට ඔයත් එක්කම ඉන්න ඕන.. ඔයා මාව බදිනවද?
ප්‍රියා -  මම....
අමිත් - මම කියන්නේ නැහැ ප්‍රියා අපි දැන්ම බදින්න ඕන කියලා.. ඉස්සෙල්ලා ඔයාගෙ ඉගෙනීමෙ කටයුතු ඉවර කර ගන්න. ඔයාගේ ඉලක්ක සාර්ථක කරගන්න. මම බලාගෙන ඉන්නම්... අවුරුද්දක් - දෙකක් කොච්චර කල් ගියත්, ප්‍රියා මට ඔයා මටත් වඩා විශ්වාසයි. කවදාවත් ඒ විශ්වාසය කඩන්න එපා... මම ඔයාට ආදරෙයි ප්‍රියා.. මම ඔයාට ආදරෙයි...

Twitter Bird Gadget