Wednesday, January 25, 2012

සින්දු - මගේ ආදරයේ අනුපමේය ගීතය (03)

සිත දුරුත්තේ... පරාජිත දුටු සතුටු මලක් ඔස්සේ...
ඔබගේ හිතෙහි ලැගුම් ගන්නට...
වෙර දරන ඇය....
මගේ ආදරයේ අනුපමේය ගීතය
-සින්දු - 

 
 
 
අම්මේ... මම යනවා... එන කොට හවස් වෙයි.. අද කන්දේ කොවිලේ උත්සවේ නිසා මම එකටත් ගිහින්ම එන්නම්...  සින්දු තමන්ගේ සුපුරුදු රාජකාරිය සදහා සවස්වරුවේ පිටත් වන්නට විය..

උඹ අද හවසට එහෙනම් ගෙදර පලයන් කෙල්ලේ... අද පුංචි මහත්තයත් එන නිසා.. මම එද්දි ටිකක් හැන්දෑවෙයි... අනික අප්පච්චිගේ බෙහෙත් ටික බලාලා දියන් මම කෑම අරන් එන්නම්කෝ... 

සින්දු තමන්ගේ ස්කුටරයට නැගි කන්දේ දේවලය දිහාවට යන්නට විය.. සතියේ දින වල සවස්වරුවේ ඇය එහි නර්ථන පන්තියක් පවත්වාගෙන යයි. ඒ මුදල් බලාපොරොත්තුවෙන් කරන ක්‍රියාවක් නොවේ.. ඇය සෑම විටම අසරණ අයට පිළිසරන විමට කැමත්ත දැක්වු තරුණියකි. මේ නිසා ගමේ ජිවත් වු සියල්ලගේ හිත දිනා ගැනිමට ඇයට හැකි වි තිබුනේය.. 

හවස කොවිලේ පුජාවටත් සහභාගි වු සින්දු නිවසකරා ගමන් කළේය. සුපුරුදු ගමන් මාර්ගයේ ගමන් කරමින් සිටින විට ඈත සිටි තරුණයකු පාර මැද  සිට උදව් ඉල්ලා අත දිගු කරනු දුටුවේය.

ෂික්... මෙහෙමත් කට්ටක්... අපේ අප්චිටත් ඉතින් වෙලාවකට වැඩක් කරන්න දන්නෑනේ...
ගමේ කෙල්ලෙක් නේද එන්නේ.. මෙවුන් උදව් කරන්නේ නෑ.. හරි ආඩම්බරයි.. වැඩක් නෑ.. මෙයා කොහොමත් බයික් එක නම් නතර කරන්නේ නෑ... 

සින්දු ඔහුව පහුර ගියේය.. ස්කුටරය නතර කලේ නැත...  මද දුරක් ගොස් නැවත ආවේය..  සිතුම් හොරැහින් ඇය දෙස බැලිය..

ඔයා කොහේටද යන්නේ සින්දු ඇසිය... මට වලව්වට යන්නයි ඕනි.. මගේ කා... එක කැඩුණු.  අනික මෙහේට මොබයිල් සිග්නල් ඇත්තේ නෑ... ෂික්.... 

නගින්න.. මමත් වලව්ව.. පැත්තෙන් යන්නේ.. මම ඔයාව මගින් දාගෙන යන්නම්... 

ඔකේ.. තැන්කු... සිතුම් දඩි බිඩි ගා ස්කුටරයට ගොඩවිය.  ගමේ කෙල්ලෝ මෙහෙම හැමෝටම ලිෆ්ට් දෙනවද? මම නම් අහලා තියෙන්නේ එයාලා හරි ආඩම්බරයි කියලා. සිතුම් සින්දුගේ කනට ලංවි කිවේය.  සින්දු කිසිවක් නොකිවේය. කොහොම උනත් මිනිස්සු බලන් යනකොට කියන්නේ බොරු.. ඔයාට ස්තුතියි ඩාලිං.. 

මොකා ඩාලිං.. සින්දු නැවතත් සිතුම් දෙසට මදක් හැරෙමින් ඇසිය. ඕ.... සොරි... මේ ඩාලින් කියලා මම කිව්වේ මේ මම අදහස්කලේ යාළුවා කියලා.. සිතුම් පැටලි පැටලි වචන ගොත ගසමින් තමන් අතින් සිදුවු වරද නිවැරදි කළේය.

ඇත්තටම මේ පැත්තේ ලස්සන ගැණු ලමයි ඉන්නවද? 

ඇයි ... මොකද ඔයා ලස්සන ගැණු ළමයි හොයන්නේ... නෑ.... නෑ... අපේ මේ ගෙදරින් මට ප්‍රෙපොසල් එකක් ගෙනාවා කියලා කිව්වා එකයි ඇහුවේ.

ඇත්තටම කට වහගෙන යන්න බැරිද? සින්දු තරහින් මෙන් ඇසිය. නැ... ඇත්තටම මම මේ දැන ගන්න ඇහුවේ.. මොකද මට ප්‍රෙපොස් කරලා තියෙන ගැණු ළමයා ඔයාද කියලා දන්නේ නැනේ.. එකයි.. සින්දු මදක් සිතුම් දෙස හැරෙමින්.. දිගු සුසුමක් පිට කළේය.. ඉන්නවකෝ මම තමුසෙට කරන්න හොද වැඩක් සින්දු සිතින් සිතුවේය..

සින්දු මදක් දුර ගොස් ස්කුටිය නතර කළේය.. මේ පාරේ ටික දුරක් ගියාම ගැරෙජ් එකක් තියෙනවා. එතැනින් පුළුවන් ඔයාගේ කාර් එක රෙපයාර් කර ගන්න සින්දු පැවසීය..

ඔකේ...  සිතුම් බයිසිකලයෙන් බැස්සේය...  ඇත්තටම ඔයාට බැරදි මාත් එක්ක යන්න එන්න, සින්දු තරහින් මෙන් සිතුම් දෙස බැලිය. නෑ.. නෑ.... ඇත්තටම මම අදහස් කළේ තනියම යනවට වඩා හොදයි කියලා. සින්දු සිතුම්ට ඔරවා ස්කුටරය පණ ගන්වා ඉදිරියට ගියේය. 

තැන්ක්ස් ඩාලින්...... සින්දු යන මග දෙස බලා සිටි සිතුම් කියන්නට විය. සින්දු ඔරව ඔරවා ගියේය. ලස්සන ගමේ කෙල්ලෙක්... සිතුම් එලෙස සිතමින් මාර්ගය දිගේ ගමන් කරන්නට විය. 

පැය කිහිපයක් එලෙස ගමන් කරන්නට විය එහෙත් කිසිදු වාහන අලුත් වැඩියා කරන ස්ථානයක් හමු නොවිය. සිතුම්ට දැන් ඉදිරියට එක අඩියක් වත් යෑමට නොහැක. ඔහු එම මාර්ගයේ තිබු ගසක් යටින් වාඩි විය. වලව්වට නිතර යන එන වෙද මහත්තයාගේ වාහනය සිතුම් සිටි ස්ථානයෙන් ගමන් කලේය. වෙදමහත්තයා සිතුම් දැක වාහනය නතර කළේය.

මොකද මේ ළමයා මෙතැන ඉදගෙන... අසනිපයක්වත් එහෙමද දරුවෝ..

නෑ.... අංකල් ඇත්තටම කිව්වොත් මම මේ හුළං ටිකක් වදින් කියලා මේ පැත්තට ආවේ.. හරිම රස්නෙයිනේ.. සිතුම් කට කොනින් සිනහවක් පාමින් කිවේය. 

මම මේ ළමයව මිට කලින් දැකලා නෑ.. ගමට අළුතෙන් වගේ.. ඔවු මේ ඇත්තටම කිව්වොත් අංකල් මේ මම මේ වලව්වට යන්න කියලා.. වලව්වට යන්න කියලා... වලව්ව තියෙන්නේ මේ දිහාවේ නෙමෙයිනේ අනිත් පාරෙන්නේ යන්න ඕනි... වෙද මහත්තයා සිතුම්ට සිදු වු ඇබැද්ධිය පිළීබදව තරමක් වටහා ගත්තේය . ඔහු කිසිවක් නොකියා සිනහ විය.

වාහනේට ගොඩ වෙන්න.. මම මේ වලව්වට යන ගමන් තමයි.. මම මේ දරුවව එක්කන් යන්නම් කෝ.. සිතුම්ටද ඉහේ මලක් පිපුණා හා සමාන විය. වෙද මහතාගේ රථයට නැග වලව්ව දෙසට ගියේය.


Twitter Bird Gadget